ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබ, පරිසරය සුරකීමේ අරමුණින් ඔබේ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට දමයි.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
නමුත් එම ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඔබ දමන කසළ අග්නිදිග ආසියාවේ රටවලට පටවා එම රටවල දී නීත්‍යානුකුල නොවන අන්දමින් පුළුස්සා දමන බව ඔබ දන්නවාද?

ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් අග්නිදිග ආසියාවට
ඔස්ට්‍රේලියාව තුළ එකතු කරනු ලබන ප්ලාස්ටික් ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළහැකි අපද්‍රව්‍ය ඔස්ට්‍රේලියාව තුළම ප්‍රතිචක්‍රීකරණය කරන බවට බොහෝ දෙනෙකු සිතා සිටියි.
නමුත් සත්‍යය එය නොවෙයි.
විශේෂයෙන්ම ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය විදේශ රටවලට පැටවීම ඔස්ට්‍රේලියාව විසින් සිදුකරමින් සිටියි.
පසුගිය වසර තෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණය කළහැකි අපද්‍රව්‍ය සඳහා ප්‍රධාන ගැනුම්කරුවා වූයේ චීනය වූ නමුත් පසුගිය වසරේ සිට ඔවුන් ඔස්ට්‍රේලියාවෙන් එම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ආනයනය කිරීම නැවත්වීමට කටයුතු කළේය.
එනිසාම මේ වන විට ඔස්ට්‍රේලියාව පුරාම එකතු කරනු ලබන ප්ලාස්ටික් ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළහැකි අපද්‍රව්‍ය කසළ එකතුකිරීමේ ගබඩා වල තැන්පත් කරගෙන අග්නිදිග ආසියානු රටවලට පැටවීමට කටයුතු කරන බව වාර්තා වේ.
මේ පිළිබඳ බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් නොදන්නා බව Plastic Forests හි නිර්මාතෘ David Hodge, www.news.com.au වෙබ් අඩවියට පැවසීය.

චීනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව
ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය බාරගැනීම චීනය විසින් පසුගිය වසරේ සිට ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ අපද්‍රව්‍ය ආනයනය කරන සිව්වන විශාලතම රට වන ඉන්දියාවද ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය බාරගැනීම පසුගිය දෙසැම්බර් මාසයේ සිට නවත්වා දැමුවේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය මේ වන විට ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය සහ මැලේසියාව යන රටවලට පටවා යවන බව සඳහන්.
පසුගිය වසරේදී මැලේසියාවට පමණක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ටොන් 71,000 ක් ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කර ඇත.
ඔස්ට්‍රේලියාවේ එකතුකරන ලබන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා මේ වන විටත් ඕස්ට්‍රේලියාව තුළ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව David Hodge පැවසීය.
අවම වශයෙන් අනාගතය පිළිබඳව ද තවමත් සිතා නොමැති බව ඔහු පවසයි.
ඔස්ට්‍රේලියාවේ වසරකට එකතුවන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 1.29 ක් වන බව වාර්තා වේ.
යම් හෙයකින් ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය සහ මැලේසියාව යන රටවල ද චීනය මෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය බාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔස්ට්‍රේලියාවට වෙනත් විකල්පයක් තෝරාගැනීමට සිදුවේ.

ඔස්ට්‍රේලියාව තුළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකි ද්‍රව්‍ය
- කඩදාසි (කාර්යාල ලිපි, සඟරා, පුවත්පත්, වෙනත් ලිපි)
- කාඩ්බෝඩ්
- කොළ සහ දුඹුරු පැහැති මෙන්ම විනිවිද භාවයෙන් යුත් වීදුරු බෝතල් හා බඳුන්
- පළතුරු යුෂ සහ කිරි අසුරන (cartons)
- ප්‍රතිචක්‍රීකරණය කිරීමට සලකුණු කරන ලද සියලුම ප්ලාස්ටික් බෝතල් සහ පෙට්ටි (පියන් රහිතව)
- ටින් වර්ග
- ඇලුමිනියම් කෑන්
- හිස් aerosol ඇසුරුම්

ඔස්ට්‍රේලියාව තුළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි ද්‍රව්‍ය
- ප්ලාස්ටික් බෑග්
- බැහැර කරන නැපි වර්ග
- තණකොළ සහ ගෙවතු අපද්‍රව්‍ය
- Polystyrene භාණ්ඩ
- සිරින්ජර හෝ අනෙකුත් වෛද්‍ය අපද්‍රව්‍ය
- සත්ත්ව මළකුණු
- තෙල්
- සෙරමික්
- විදුලි බුබුළු
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

