ඉදිරි වසර 20 ඇතුළත ඔස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 17 ක් වඳවන බවට රතු එළි. (SBS සිංහල/වාර්තා)

Australia’s animal extinction crisis

Source: Wikipedia

ලෝකයේ සත්ත්ව සහ ශාක විශේෂ දහස්  ගණනක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති බව හෙළිවී තිබේ.


 

SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (Free download)


 

ජෛව විවිධත්ව සහ පාරිසරික පද්ධති පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා ප්‍රතිපත්ති පදනම හෙවත් IPBES ආයතනය ලෝකයේ පරිසර ජෛව විවිධත්ව සහ පාරිසරික පද්ධති පිළිබඳ සිදුකළ ගෝලීය ඇගයීමේදී මේ බව අනාවරණය කරගෙන ඇත.

Australia’s animal extinction crisis
Source: SBS

පෙර නුදුටු අයුරින් මහා ව්‍යසනයක්

මානව ඉතිහාසයේ පෙර නුදුටු අයුරින් මෙලෙස සත්ත්ව සහ ශාක විශේෂ දහස් ගණනක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති බව IPBES වාර්තාවෙන් අනාවරණය කරගෙන තිබේ.

ගොඩබිම පදනම් කරගෙන වාසය කරන මිලියන 5.9 ක් පමණ වන සත්ත්ව විශේෂ වලින් විශේෂ ලක්ෂ 5 කට පමණ ප්‍රමාණවත් වාසස්ථාන නොමැතිවීම නිසා ඔවුන් වඳවීමේ තර්ජනයට මුහුණ දෙමින් පවතින බව එම වාර්තාව වැඩි දුරටත් පවසයි.

උභය ජීවී විශේෂ 40 කට අධික ප්‍රමාණයක්, කොරල් විශේෂ 33% ක් පමණ සහ සාගර ජීවීන් ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලොවෙන් වඳවීමේ තරජනයට මේ වන විට ලක්ව ඇති බව වාර්තා වේ.

Australia’s animal extinction crisis
Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ තත්ත්වය

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ දේශීය සත්ත්ව විශේෂ තුනක් වඳ වී ගොස් ඇති බවත් ඉදිරි වසර 20 ඇතුළත තවත් විශේෂ 17 කට එම අවදානම ඇති බවටත් තොරතුරු ලැබී තිබේ.

එම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බව I-P-B-E-S ආයතනයේ සභාපති ශ්‍රීමත් Robert Watson පවසයි.

බොහෝ සත්ත්ව විශේෂ මෙලෙස වඳවීමේ තරජනයට මුහුණ පා ඇත්තේ ඔවුන්ගේ වාසස්ථාන මිනිසා විසින් එළි පෙහෙළි කිරීම සහ විනාශ කිරීම නිසාය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese


 

ඔස්ට්‍රේලියාව එහි පෙරගමන් කරුවා බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ජෛව විවිධත්ව සහ සංරක්ෂණ විද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය James Watson පවසයි.

ලෝකයේ අන් රටවල් ඉඩම් එළි පෙහෙළි කළාට වඩා විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානුවන් ඉඩම් එළි පෙහෙළි කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පාපන්දු ක්‍රීඩාංගන 14 කට සමාන ඉඩම් ප්‍රමාණයක් සෑම දිනකම බුල්ඩෝසර කරන බව ලෝක වනජීවී අරමුදල පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ සතුන් වඳවීම සඳහා හොඳම උදාහරණය ලෙස කෝලා වළසුන් දැක්විය හැකි බව ඔහු පවසයි.

මීට වසර 30 - 40 කට පෙර කෝලා වළසුන් ඔස්ට්‍රේලියාවේ ඉතා සුලබව දැකිය හැකි සත්ත්ව විශේෂයක් වූ නමුත් අද වන විට ඔවුන් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති බව හාචාර්ය James Watson පවසයි.

Australia’s animal extinction crisis
Bramble Cay melomys & The Christmas Island pipistrelle are now extinct. Source: Supplied

ඔස්ට්‍රේලියාවේ වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති සත්ත්ව විශේෂ

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ දේශීය සත්ත්ව විශේෂ තුනක් වඳ වී ගොස් ඇති බව නවතම  IPBES වාර්තාව අනාවරණය කර තිබේ.

ඔවුන් Bramble Cay Melomys, Christmas Island Pipistrelle සහ Christmas Island Forest Skink යන සත්ත්ව විශේෂ බව හඳුනාගෙන ඇත.

එමෙන්ම ඉදිරි වසර 20 ඇතුළත තවත් විශේෂ 17 කට එම අවදානම ඇති බවටත් තොරතුරු ලැබී තිබේ.

එම ලයිස්තුවේ මුලින්ම සිටින්නේ කෝලා වළසුන්ය.

ඔස්ට්‍රේලියාවේ දේශිය සත්ත්ව විශේෂයක් ලෙස හැඳින්වෙන මොවුන් වැඩිපුරම දක්නට ඇත්තේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වලය.

Australia’s animal extinction crisis
Koala Bear Source: AAP

කෝලා වළසුන්ට අමතරව helmeted honeyeater, northern hopping-mouse, leadbeater’s possum සහ mountain pygmy possum යන ඔස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂද ඉදිරි දශක 2 තුළදී වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටිති.

වසර 1788 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් ඔස්ට්‍රේලියාවේ ජනපද පිහිටුවාගැනීමේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ කුරුළු විශේෂ 24 ක්, ගෙම්බන් විශේෂ 7 ක් සහ ක්ෂීරපායී විශේෂ 27 ක් මුළුමනින්ම වඳවී ගොස් තිබේ.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now