කාන්තාවන්ට ලොව පවතින ආරක්ෂිතම රට ලෙස ඔස්ට්‍රේලියාව කිරුළු පැළඳීමට සමත්වී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
දකුණු අප්‍රිකාවේ පදනම්වූ New World Wealth නමැති ලෝක ප්‍රකට පර්යේෂණ ආයතනයේ 2019 Global Wealth Migration Review වාර්තාවට අනුව කාන්තාවන් සඳහා ලොව පවතින ආරක්ෂිතම රට ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන ඇත.

කාන්තා සුරක්ෂිතභාවය
ලොව දියුණු රටවල 90 ක් සහ නගර 150 ක් ඇතුළු කරගනිමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව 2019 Global Wealth Migration Review වාර්තාව පළ කර ඇති අතර එහිදී හොඳම ආර්ථික වර්ධන වේගය, මාධ්‍ය නිදහස සහ කාන්තාවගේ ආරක්ෂාව සඳහා හොඳම රටවල නම් කර තිබේ.
ඒ අනුව 2019 වසරේදී කාන්තාවන්ට ලොව පවතින ආරක්ෂිතම රට ලෙස ඔස්ට්‍රේලියාව කිරුළු පැළඳීමට සමත්වී තිබේ.
මීට පෙර වසරේදී ද ඔස්ට්‍රේලියාව මෙම කිරුළ දිනාගැනීමට සමත්වී ඇත.
රටක දීර්ග කාලීන වර්ධනය සහ දියණුව පිළිබඳ මැන බැලීමට ප්‍රධාන මිනුම් දණ්ඩක් ලෙස කාන්තාවගේ සුරක්ෂිතභාවය සැලකිය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.
කාන්තාවන් සඳහා ලොව ආරක්ෂිතම රටවල සැලකිල්ලට ගැනීමේදී ඒ ඒ රටවල කාන්තාවන් මුහුණ දෙන ස්ත්‍රී දූෂණ, ලිංගික හිංසාවන්, වහල්භාවය, කාන්තා හිංසනය යන කරුණු සැලකිල්ලට භාජනය කර තිබේ.

2019 වසරේදී කාන්තාවන්ට ලොව පවතින ආරක්ෂිතම රටවල
01. ඔස්ට්‍රේලියාව
02. මෝල්ටාව
03. අයිස්ලන්තය
04. නවසීලන්තය
05. කැනඩාව
මෙහිදී කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන නගර වන ලන්ඩන්, පැරිස්, නිව් යෝර්ක් වැනි නගර සහ ඇමෙරිකාව, එක්සත් රාජධානිය මෙන්ම ප්‍රංශයද පහතට ඇද වැටී ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්
- ඔස්ට්‍රේලියානු මුළු ජනගහනයෙන් කාන්තා නියෝජනය 50.7% කි.
- ඔස්ට්‍රේලියාවේ රැකියා වල නියුතු පිරිසෙන් කාන්තාවන් 47% කි.
- සාමන්‍යයෙන් සතියකදී ඔවුන් ලබන වැටුප පිරිමින්ට වඩා ඩොලර් 251.20 ක අඩුය.
- එම හිඟය පියවාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තාවක් වසරකට දින 56 ක් අමතරව සේවය කළ යුතු වේ.
- ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව 15.3% කි.
- ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් රැකබලා ගැනීමේදී ඔස්ට්‍රේලියාවේ කාන්තන්වන්ගේ දායකත්වය 68% කි.
- ළමුන් රැකබලා ගැනීමේදී කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව දිනකට තුන්ගුනයක කාලයක් මිඩංගු කරයි.
- ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව මනිනු ලබන ගෝලීය දර්ශකයේ ඔස්ට්‍රේලියාව 2017 වසරේදී 35 වන ස්ථානයට පත්විය.
- ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට 2015-16 කාලයේදී ඩොලර් බිලියන 22 ක පිරිවැයක් දැරීමට සිදුවිය.

කලාප අනුව ලොව ආරක්ෂිතම රටවල
- ආසියා - පැසිෆික් : ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, දකුණු කොරියාව
- යුරෝපය : මෝල්ටාව, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය
- අප්‍රිකා : මොරිෂස්, බොට්ස්වානා, නැම්බියාව
- ඇමෙරිකා : කැනඩාව, ඇමෙරිකාව
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

