ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් එළිදැක්වූ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ තුනෙහි සංක්‍රමණික ප්‍රතිපත්ති මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australian Federal Election 2019

Source: AAP

එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තම මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු ඉදිරිපත් කරමින් සිටී.

එහිදී ඔවුන් ජනතාවට සමීප විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව තම ඉදිරි සැලසුම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි.


SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)


පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ වල මෙන්ම මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ද "සංක්‍රමණිකයින්" ප්‍රධාන සහ තීරණාත්මක මාතෘකාවක් බවට මේ වන විට පත්වී හමාරය.

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ත්‍රිත්වය, "සංක්‍රමණිකයින්" සමබන්ධව ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ පොරොන්දු පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Foreign Influence Transparency
Australian Federal Parliament at Canberra. Source: Wikipedia

ලිබරල් සන්ධානය

මෑත ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති වල විශාලතම සංශෝධනය කිරීමට වත්මන් ලිබරල් සන්ධාන රජය මේ වන විට තීරණය කර තිබේ.

ඊට අමතරව ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනට ඔවුන් විවිධ සංශෝධන එකතු කිරීමටද අපේක්ෂා කරයි.

ලිබරල් සන්ධානයේ ප්‍රධාන සංක්‍රමණික ප්‍රතිපත්ති සහ යෝජනා පහත පරිදි වේ.

  • මේ වන විට 190,00 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීම.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය අවම කිරීමට 2019 නොවැම්බර් සිට නව Regional Visa ඛාණ්ඩ 2 ක් ක්‍රියාත්මක කිරීම.
  • Skill stream යටතේ ක්‍රියාත්මක නිපුණතා වීසා ඛාණ්ඩ සඳහා පවතින ලකුණු ක්‍රමය සංශෝධනය කිරීම.
  • වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට බාරගන්නා සරණාගතයින් ප්‍රමාණය 18,750 කට සීමා කිරීම.
  • Christmas දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීම.
Australian Federal Election 2019
Australian Prime Minister Scott Morrison. Source: AAP

කම්කරු පක්ෂය

ලිබරල් සන්ධානය ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමේ යෝජනාවට කම්කරු පක්ෂයද සහය පළ කර තිබේ.

ඒ අනුව ඉදිරි ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී කම්කරු රජයක් බලයට පත්වුවද ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 30,000 කින් කප්පාදු කිරීම නියත වශයෙන්ම සිදුවනු ඇත.

නමුත් ලිබරල් සන්ධානයේ සෙසු සංක්‍රමණික ප්‍රතිපත්ති සහ යෝජනා වලට කම්කරු පක්ෂයේ මතය සාපේක්ෂව වෙනස්ය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese


කම්කරු පක්ෂයේ ප්‍රධාන සංක්‍රමණික ප්‍රතිපත්ති සහ යෝජනා පහත පරිදි වේ.

  • ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීම.
  • වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට බාරගන්නා සරණාගතයින් ප්‍රමාණය 27,000 දක්වා ඉහළ දැමීම.
  • සරණාගතයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සඳහා අනුග්‍රහය සපයන community-sponsored වැඩසටහනේ අවස්ථාවන් 1,000 සිට 5,000 දක්වා ඉහළ දැමීම.
  • ඔස්ට්‍රේලියාවේ නව parent visa අයදුම්පත් සඳහා අයකරන අධික වීසා ගාස්තු කප්පාදු කිරීම.
Australian Federal Election 2019
Australia Opposition Leader Bill Shorten. Source: AAP

ග්‍රීන්ස් පක්ෂය

  • ඔස්ට්‍රේලියාවෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන සියල්ල වසා දමා සියලු සරණාගතයින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන ඒම.
  • එහිදී ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේ සරණාගතයින් රඳවා තබාගැනීම දින 7 කට සීමා කිරීම.
  • වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට බාරගන්නා සරණාගතයින් ප්‍රමාණය 50,000 දක්වා ඉහළ දැමීම.
  • සරණාගතයින් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශනයට රාජකීය කොමිසමක් පත් කිරීම.
  • ඔස්ට්‍රේලියාවේ parent visa අයදුම්පතක් සලකා බැලීමේ උපරිම කාලය මාස 12 කට සීමා කිරීම.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now