ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ රාජකීය කොමිසමේ නිර්දේශ වලින් අනතුරුව නිවාස සහ අනෙකුත් ණය ලබාදීමේ ක්‍රියාවලිය දැඩි කිරීමට ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතනපියවර ගෙන තිබේ.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
එහිදී අදාළ ණය ගැනුම්කරුට ණය ලබාගැනීම සඳහා ආර්ථිමය ධාරිතාවක් තිබෙනවාද යන්න මෙන්ම එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව පිළිබඳව ද මේ වන විට ඉතා ගැඹුරින් විමර්ශනය කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ණය ලබාගැනීමේදී මුහුණ දෙන නව අභියෝග
මෙම නව විමර්ශන වලදී ණයක් ලබාදීමට පෙරාතුව අදාළ නගර වල පුද්ගලයින්ගේ ජීවන වියදම් වල තත්ත්වය පිළිබදව ද බැංකු සහ මුල්‍ය ආයතන සොයාබලන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එමෙන්ම නිවාස ණයක් ලබා දීමේදී බැංකු සහ මුල්‍ය ආයතන වලට වන පාඩුව සහ අවදානම අවම කරගැනීමේ අටියෙන් ඒ සඳහා වන මූලික තැන්පතු මුදල සම්පූර්ණ ණය මුදලෙන් 30% ක් දක්වා ඉහළ දැමීමටද ඇතැම් විට බැංකු සහ මුල්‍ය ආයතන ක්‍රියා කරයි.
බොහෝ නිවාස ණය ගැණුම්කරුවන් තම ණය මුදලේ වාරිකය ගෙවීමට අපොහසත් වන නිසා එහි පොලී මුදල පමණක් ගෙවන බවද පසුගිය සමයේ ක්‍රියාත්මක් වූ රාජකීය බැංකු කොමිසමේ දී අනාවරණය විය.
මේ හේතු නිසාම මීට වසර දෙක තුනකට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ නිවාස ණයක් ලබාගැනීමට තිබූ පහසුව මේ වන විට අහිමිවී ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාගැනීමට අවදානම් උප නගර
නිවාස වෙළෙඳපොළේ වත්මන් හැසිරීම, ආර්ථිකය පිරිහීමට නැඹුරුවීම සහ නිවාස සැපයුම පිළිබඳ සලකා බලා නිවාස ණය ලබාගැනීමට බරපතල අවදානම් නගර හඳුනාගැනීමට Digital Finance Analytics (DFA) ආයතනය උත්සාහ ගෙන ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ ඒ නගර වල නිවාස ණය ලබාගැනීම සඳහාවූ අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සහ ආර්ථික අපහසුතාවන්ට මුහුණ පා ඇති අයුරු පිළිබඳ සලකා බලා මෙම ලැයිස්තුව සකස්කර ඇති බව සඳහන්.
එවැනි බරපතල අවදානම් සහිත නගර වල නිවාස ණය සඳහා අයදුම්කරන විට විශාල මූලික තැන්පතු මුදලක් බැංකු විසින් ඉල්ලා සිටින බවද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් උප නගර පහත පරිදි වේ.

පර්ත් ආශ්‍රිත කලාපය
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිවාස ණය ලබාගැනීමේදී ඉතා බරපතල අවදානම් සහිත උප නගර ත්‍රිත්වයක් හඳුනාගෙන තිබේ.
Newdegate, Bodallin සහ Pithara එම උප නගර වේ.
එමෙන්ම 6050, 6054, 6056, 6061, 6070, 6109, 6121, 6167 යන Post Code වලට අයත් උප නගර ද පර්ත් ආශ්‍රිත කලාපයේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් සහිත උප නගර ලෙස හඳුනාගෙන ඇත.
බ්‍රිස්බේන් ආශ්‍රිත කලාපය
4064 සහ 4184 යන Post Code වලට අයත් උප නගර බ්‍රිස්බේන් ආශ්‍රිත කලාපයේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් සහිත උප නගර ලෙස හඳුනාගෙන ඇත.

ඇඩිලේඩ් ආශ්‍රිත කලාපය
5015, 5064, 5069, 5081 සහ 5168 යන Post Code වලට අයත් උප නගර ඇඩිලේඩ් ආශ්‍රිත කලාපයේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් සහිත උප නගර ලෙස හඳුනාගෙන ඇත.
සිඩ්නි ආශ්‍රිත කලාපය
2083, 2101, 2104, 2106 සහ 2754 යන Post Code වලට අයත් උප නගර සිඩ්නි ආශ්‍රිත කලාපයේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් සහිත උප නගර ලෙස හඳුනාගෙන ඇත.

මෙල්බර්න් ආශ්‍රිත කලාපය
3207, 3142, 3782, 3796, 3977, 3978 සහ 3980 යන Post Code වලට අයත් උප නගර මෙල්බර්න් ආශ්‍රිත කලාපයේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් සහිත උප නගර ලෙස හඳුනාගෙන ඇත.
හෝබාර්ට් ආශ්‍රිත කලාපය
7012 සහ 7024 යන Post Code වලට අයත් උප නගර හෝබාර්ට් ආශ්‍රිත කලාපයේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් සහිත උප නගර ලෙස හඳුනාගෙන ඇත.
කැන්බරා ආශ්‍රිත කලාපය
2600 යන Post Code යට අයත් උප නගර කැන්බරා ආශ්‍රිත කලාපයේ නිවාස ණය ලබාගැනීමේදී බරපතල අවදානම් සහිත උප නගර ලෙස හඳුනාගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ වර්තමාන නිවාස ණය සැපයීමේ තත්ත්වය
විශාල වශයෙන් නිවාස ණය ලබාදී ඔස්ට්‍රේලියානු බැංකු වලට මුහුණ දීමට සිදුවන මුල්‍ය අපහසුතා වලට පිලියමක් ලෙස බොහෝ ණය ගැනුම්කරුවන්ට විශාල ප්‍රමාණයේ නිවාස ණය ලබාදීම සීමා කිරීමටත් ඒ සඳහා සුදුසුකම් ලැබීමේ අවශ්‍යතාවන් ඉතා දැඩි කිරීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතන අතර ණය වාර්තා කිරීම සහ ණය විස්තර පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකි credit reporting හෙවත් ණය වාර්තාකිරීමේ ක්‍රමය ඉතා පුළුල් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.
මූලික තැන්පතු මුදල 10% ක් හෝ ඊට වඩා ඇතිවිටෙක නිවාස ණය නිකුත් කිරීමේ ප්‍රතිශතය 7% කටත් වඩා අඩු බව මේ වන විට වාර්තා වේ.
එමෙන්ම නිවාස ණය අනුමත වීමේ ප්‍රතිශතය 16% කින් පහළ ගොස් ඇති බව ද සඳහන්.
මේ අතර අවම වශයෙන් 20% ක මූලික තැන්පතුවක් හෝ ඊට වඩා වැඩි තැන්පතුවක් සහිත නිවාස ණය අනුමත වීම 80%ක් පමණ වන බවද වාර්තා වේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

