ඔස්ට්‍රේලියානුවාසීන්ට සිය විශ්‍රාම දිවියේදී රජයට බරක් නොවී තමන්ගේම විශ්‍රාම මුදල් වලින් දිවි ගෙවීමට අවශ්‍ය නම් තමන්ගේ superannuation අරමුදලට වැඩි මුදලක් රැකියා කරන කාලයේ පටන්ම යොමු කළ යුතු බව හිටපු භාණ්ඩාගාරික අමාත්‍ය Peter Costello පවසයි.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
වර්තමානයේ ක්‍රියාත්මක වන superannuation ක්‍රමවේදයට අනුව එම අපේක්ෂාව ඉටු කරගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

Superannuation ගිණුමට වැඩිපුර මුදල්
ඔස්ට්‍රේලියාවේ දැනට පවතින ක්‍රමවේදයට අනුව superannuation මුදල් අදාළ සේවකයින්ගේ Super ගිණුම් වලට යොමු කළ යුත්තේ සේවායෝජකයින් විසිනි.
නමුත් අනාගතයෙදී රජයට හෝ කාට හෝ බරක් නොවී ස්වාධීනව තම විශ්‍රාමික දිවිය ගෙවීමට එය ප්‍රමාණවත් නොවන බව හිටපු භාණ්ඩාගාරික අමාත්‍ය Peter Costello, ABC පුවත් සේවයට පැවසීය.
එනිසාම රැකියා කරන සමයේදී තමාගේ වැටුපෙන් ද යම් මුදලක් ඊට එක් කිරීම යෝග්‍ය බව ඔහු පෙන්වා දෙයි.
සාමන්‍යයෙන් තමන් ගන්නා වැටුපෙන් 18% ක ප්‍රතිශතයක් හෝ අවම වශයෙන් superannuation අරමුදලට බැර කළ යුතු බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පාසලේ මහාචාර්ය Susan Thorp පවසයි.

ඔස්ට්‍රේලියාවේ වත්මන් superannuation ක්‍රමවේදය
වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක superannuation ප්‍රතිශතය 9.5% කි.
එනම් සේවක වැටුපෙන් 9.5% ක ප්‍රතිශතයක් අදාළ සේවකයාගේ superannuation ගිණුමට සේවායෝජකයා විසින් යොමු කළ යුතු වේ.
මේ අතර 2025 දී එම ප්‍රතිශතය 12% ක් කළ යුතු බවට නීති සම්මත වී තිබේ.
එමෙන්ම වර්තමානයේදී 42% ක ඔස්ට්‍රේලියානුවාසීන් පමණක් සම්පූර්ණ විශ්‍රාම මුදල් සහිතව විශ්‍රාම යන බව ඔස්ට්‍රේලියාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Superannuation අරමුදල
ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් විශ්‍රාම දීමනාවක් ගෙවුවත් එය ඉතා සුළු මුදලක් නිසා superannuation අත්‍යවශ්‍ය අරමුදලකි.
විශ්‍රාම ගැනීමේදී ඔස්ට්‍රේලියානුවන්ට super ගිණුමේ විශාල ඉතුරුවක් රැස් කර එයින් සතියකට හෝ දෙසතියකට වරක් මුදල් ලබා ගත හැකිය.
එසේ වුවද රජයෙන් සම්පුර්ණ හෝ කොටසක් ලෙස රජයේ දීමනාවද ලබා ගත හැකිය.
ඔබ සතියකට ඩොලර් 450 කට වඩා අඩු වැටුපක් ලබයි නම් ඔබේ සේවයෝජකයාට ඔබ සඳහා එවන් super ගෙවීමට අවශ්‍ය නොවේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------

