මස් සහ චීස් ඇති බවට ප්‍රකාශ නොකළ නිසා ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගේ වීසා අහෝසි කර $3,300 ක් දඩ ගසයි

20 හැවිරිදි මෙම තරුණයාගේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රය අවලංගු කර ඇති අතර ප්‍රකාශ නොකර අමු ඌරු මස් සහ චීස් කිලෝග්‍රෑම් එකකට වඩා ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට උත්සාහ කිරීම හේතුවෙන් ඔහුට ඩොලර් 3,300 ක දඩයක් නියම විය.

Sealed meat and cheese on a metal table.

ชายชาวสเปนผู้หนึ่งถูกยกเลิกวีซ่าและถูกปรับ จากการนำชีสและเนื้อสัตว์ติดตัวเข้ามา โดยไม่ได้สำแดง Source: AAP / Supplied

ඉහළ අවදානම් සහිත ආහාර නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට ගෙන ඒමේදී හසුවන පුද්ගලයන්ට දැන් දැඩි නව ජෛව ආරක්ෂණ නීතිවලට මුහුණ දීමට සිදුවන බවත් දඩ මුදල් ප‍්‍රමාණය වැඩි කරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවසීය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට පැමිණි ස්පාඤ්ඤ ජාතික සංචාරකයෙකු තම ගමන් මලුවල මස් සහ චීස් ඇති බව ප්‍රකාශ කිරීමට අපොහොසත් වීමෙන් පසු පනවන ලද ජෛව ආරක්ෂණ නීති යටතේ දඩ නියම කළ පළමු පුද්ගලයා බවට පත්ව තිබේ.
20 හැවිරිදි මෙම තරුණයාගේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රය අවලංගු කර ඇති අතර ප්‍රකාශ නොකර අමු ඌරු මස් සහ චීස් කිලෝග්‍රෑම් එකකට වඩා ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට උත්සාහ කිරීම හේතුවෙන් ඔහුට ඩොලර් 3,300 ක දඩයක් නියම විය.

මෙම පුද්ගලයා පසුගිය අඟහරුවාදා පර්ත් ගුවන් තොටුපළේදී නතර කර ගෙන පරීක්ෂා කළ බව වාර්තා විය.

ඔහුගේ ගමන් මලුවල අලෙවි කිරීමේ අරමුණකින් තොරව ගෙනා pork pancetta ග්‍රෑම් 275 ක්, ඌරු මස් ග්‍රෑම් 665 ක් සහ එළු චීස් ග්‍රෑම් 300 ක් පමණ තිබුණු බවත් ඒවා තම ගමන් මළුවල ඇති බව ඔහු ප්‍රකාශ නොකළ බවත් වාර්තා විය.
ඔස්ට්‍රේලියාව තුළට රෝග සහ පළිබෝධකයන් ඇතුළු වීම වැලැක්වීම සඳහා තහනම් කළ ද්‍රව්‍ය සමඟ හසුවන පුද්ගලයන් සඳහා මෙලෙස පනවන දඩ මුදල් ප්‍රමාණය මේ වන විට වැඩිකර ඇත.

මීට පෙර මෙම පුද්ගලයා මෙලෙස හසුවුවානම් ඔහුට ලැබෙන දඩය 2,664 කි.
People walking through a terminal at Perth Airport.
The man was stopped at Perth airport last Tuesday. Source: AAP / Richard Wainwright

වීසා අවලංගු වුවහොත් යළි අයදුම් කිරීම වසර තුනකට පසුව

මේ ආකාරයෙන් වීසා අවලංගු කරන ලද සංචාරකයින් තමන්ට ලබා ගත හැකි මුල්ම ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කරනු ලබන අතර ඔවුන්ට නැවත ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කළ හැක්කේ වසර තුනක කාලයකින් පසුව විය හැකිය.

නව නීති මගින් සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීම වළක්වන්නේ නැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍ය Murray Watt, AAP ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

"මම හිතන්නේ සංචාරකයින්ගෙන් අතිමහත් බහුතරයක් නිවැරදි දේ කරන අතර ඔවුන් පැමිණෙන විට ජෛව ආරක්ෂණ අවදානම් අයිතම ප්‍රකාශ කරනවා. නමුත් මේ පුද්ගලයා නොකළේ එයයි," ඔහු පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
ඔහු එම නිෂ්පාදන ප්‍රකාශ කළේ නම් වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබුණු නමුත් ගැටලුව වූයේ ඔහු ඒවා ප්‍රකාශ නොකිරීම බව ද කෘෂිකර්ම අමාත්‍ය Murray Watt පැවසීය.

"Foot and mouth සහ වෙනත් රෝග රටෙන් බැහැරව තබා ගැනීම ගැන අපි බැරෑරුම් වන අතර සංචාරකයින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කරන විට එය මතක තබා ගත යුතුයි." යනුවෙන්ද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.

තමන්ගේ මගී ප්‍රකාශයන් ගැන හොඳින් සිතා බලා සැක සහිත ඕනෑම දෙයක් පිළිබඳ වාර්තා කරන ලෙස ඔහු ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Lunar New Year හෙවත් චන්ද්‍ර නව වසර පිළිබඳව අනතුරු ඇඟවීමක්

එළඹෙන ඉරිදා ඇරඹෙන Lunar New Year හෙවත් චන්ද්‍ර නව වසර පිළිබඳවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

බොහෝ විට ආහාර පාර්සල් වැනි චන්ද්‍ර නව අවුරුදු ත්‍යාග ඔස්ට්‍රේලියානු දේශ සීමාවේදී නතර කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෛද්‍ය Chris Locke පැවසුවේය.

අවාසනාවකට මෙන් ඔස්ට්‍රේලියාවට පළිබෝධකයින් සහ රෝග හඳුන්වා දිය හැකි චන්ද්‍ර නව අවුරුද්ද සඳහා සම්ප්‍රදායික තෑගි කිහිපයක් තිබෙන බව වෛද්‍ය Locke පැවසීය.
"අපි බොහෝ විට ඔස්ට්‍රේලියානු දේශ සීමාවේ ඌරු මස්, පළතුරු, පැල, ඖෂධ පැළෑටි සහ බිත්තර අඩංගු භාණ්ඩ දකිනවා. මෙවැනි අයිතමයන් පළිබෝධකයින් සහ රෝග හඳුන්වාදීමේ ඉහළ අවදානමක් ඇති කළ හැකියි." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ foot and mouth රෝගය පැතිරීමෙන් වසර 10 ක් පුරා ආර්ථිකයට ඩොලර් බිලියන 80 කට වඩා වැඩි මුදලක් වැය වී ඇති බව ගණන් බලා ඇත.

ඔස්ට්‍රේලියානු දේශසීමාවේ ජෛව ආරක්ෂණ අවදානම් අයිතම ප්‍රකාශ කිරීමට අපොහොසත් වන අයට ඩොලර් 5,500 දක්වා දඩ මුදලක් සහ ඔවුන්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සිදුවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යළි අවධාරණය කළේය.


Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service