ඔස්ට්‍රේලියාවේ අවම නිපුණතා සහිත වෘත්තීන්වලට නව වීසා ඛාණ්ඩයක් හඳුන්වාදෙන ලෙස ඉල්ලීමක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සිය ප්‍රාන්තවල සහ ටෙරිටරිවල පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිළිබඳ සැලකිලිමත් වන බව තමා දන්නා බව අගමැති Albanese පැවසීය.

Prime Minister Anthony Albanese and Minister for Skills and Training Brendan O'Connor talk to a worker at a jeweller.

Skills and Training Minister Brendan O'Connor and Prime Minister Anthony Albanese (right) speak to employees during a tour of Cerrone Jewellers in Sydney. Source: AAP / Bianca De Marchi

Key Points
  • ඔස්ට්‍රේලියාවට අවම නිපුණතා සහිත වෘත්තීන් ඉලක්ක කරගත් නව වීසා ඛාණ්ඩයක් හඳුන්වාදෙන ලෙස NSW ප්‍රාන්තයේ භාණ්ඩාගාරික අමාත්‍වරයා ඉල්ලා සිටී.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පුහුණු ශ්‍රමිකයින්ට ලබාදෙන වීසා ප්‍රමාණය තාවකාලිකව වැඩි කළ යුතු බවත් ඔහු පවසයි.
  • පුහුණු ශ්‍රමිකයින්ගේ ශ්‍රම හිඟය විසඳීමට සංක්‍රමණය යනු 'විසඳුමේ කොටසක්' පමණක් බව ද ඔස්ට්‍රේලියානු අගමැති අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියාවට lower-skilled occupations හෙවත් අවම නිපුණතා සහිත වෘත්තීන් ඉලක්ක කරගත් නව වීසා ඛාණ්ඩයක් හඳුන්වාදෙන ලෙස NSW ප්‍රාන්තයේ භාණ්ඩාගාරික අමාත්‍ය Matt Keane මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.

පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පියවීමට හදිසි පියවර ගන්නා ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලමින් ඔහු මේ බව පවසා ඇත.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට පවතින පුහුණු ශ්‍රමිකයින්ගේ ශ්‍රම හිඟයට එක් පිළියමක් ලෙස ඔහු ඒ බව සඳහන් කළ බව The Australian පුවත් පත වාර්තා කරයි.


ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පුහුණු ශ්‍රමිකයින්ට ලබාදෙන වීසා ප්‍රමාණය තාවකාලිකව වැඩි කළ යුතු බවත් විශේෂයෙන් රැකබලා ගන්නන් ලෙස සේවය කරන්නන් සඳහා එම ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ඔහු මධ්‍යම රජයට යෝජනා කළේය.

පුහුණු සංක්‍රමණිකයන් සඳහා කැපී පෙනෙන වීසා අයදුම්පත් දස දහස් ගණනක් හැකි ඉක්මනින් සලකා බලා වීසා පිරිනැමිය යුතු බව ද NSW ප්‍රාන්තයේ භාණ්ඩාගාරික අමාත්‍ය Matt Keane පැවසීය.

"ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලබන මාසයේ රැකියා සමුළුව එනතෙක් බලා සිටීමට අවශ්‍ය නැහැ, එයට වෘත්තීය සමිතිවලින් අවසර ඉල්ලා සිටීමට අවශ්‍ය නැහැ, ඔක්තෝබර් ෆෙඩරල් අයවැයක් එනතෙක් බලා සිටීමට අවශ්‍ය නැහැ" යනුවෙන් ඔහු තම යෝජනාව වැඩිදුරටත් පැහැදිලි කළේය.
NSW Treasurer Matt Kean speaks during a press conference.
In an opinion piece in The Australian newspaper on Monday, NSW Treasurer Matt Keane urged the commonwealth to take urgent action to boost the supply of workers. Source: AAP

සංක්‍රමණය 'විසඳුමේ කොටසක්' පමණයි

මේ අතර පුහුණු ශ්‍රමිකයින්ගේ ශ්‍රම හිඟය විසඳීම සඳහා සංක්‍රමණය යනු 'විසඳුමේ කොටසක්' පමණක් බව ද ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese අවධාරණය කළේය.

විදේශ ශ්‍රමිකයින් සඳහා ඔස්ට්‍රේලියානු වීසා කඩිනමින් ලබා දෙන ලෙස මධ්‍යම රජයට එල්ලවන පීඩනය වැඩි වෙමින් තිබියදී ඔහු මේ බව පවසා තිබේ.

රැකියා පුරප්පාඩු පිරවීමේදී ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථා ලබා දීමට අවශ්‍ය බව අගමැති Anthony Albanese පැවසීය.


නමුත් ඒ සමඟම, පුහුණු ශ්‍රමිකයින්ගේ ක්ෂණික හිඟයන් පියවීම සඳහා කටයුතු කළ යුතු බව හඳුනාගෙන ඇති බවත් ඒවා සමඟ නිර්මාණාත්මකව කටයුතු කිරීමට වඩා හොඳ සැලසුම් කිරීමට අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.

සේවා යෝජකයන්ට නිපුණතා සංක්‍රමණය වැදගත් බව තමා හඳුනාගෙන ඇති නමුත් ඔස්ට්‍රේලියානු රජයට ඔස්ට්‍රේලියවේම ශ්‍රම බලකායක් ආයෝජනය කිරීමට අවශ්‍ය බව අගමැති Albanese සඳහන් කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරුන්ගෙන් විශේෂ ලිපියක්

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සිය ප්‍රාන්තවල සහ ටෙරිටරිවල පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිළිබඳ සැලකිලිමත් වන බව තමා දන්නා බව අගමැති Albanese පැවසීය.

පුහුණු ශ්‍රමිකයින් ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා handbrake හෙවත් අත් තිරිංගයක් වන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet යන දෙදෙනාම මඳ වේලාවකට පෙර මේ බව තමාට මට ලියා දැනුම් දුන් බවද ඔහු පැවසීය.

අගමැති Albanese සිඩ්නි නුවර ස්වර්ණාභරණ නිෂ්පාදනාගාරයක සංචාරය කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය.


ඔස්ට්‍රේලියාවේ රැකියා සහ නිපුණතා සමුළුව සැප්තැම්බර් 1-2 දිනවල පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ හවුල් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා වෘත්තීය සමිති, සේවා යෝජකයින්, සිවිල් සමාජය සහ රජයන් ඇතුළු ඔස්ට්‍රේලියානුවන් මෙහිදී එක් කරන බව අගමැති Albanese පැවසුවේය.

විපක්ෂ නායක Peter Dutton මෙයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් නැෂනල්ස් පක්ෂ නායක David Littleproud සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Share

Published

By Tom Canetti, Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service