ඔස්ට්‍රේලියාවෙන් බහුතරයකට ලබාදීමට සැරසෙන AstraZeneca කොරෝනා එන්නතේ කාර්යක්ෂමතාව ගැන උණුසුම් සංවාදයක් (SBS සිංහල/ වාර්තා)

A heated discussion about the efficacy of the AstraZeneca vaccine, which is being prepared for the majority of Australians

A heated discussion about the efficacy of the AstraZeneca vaccine, which is being prepared for the majority of Australians Source: AAP

ඔස්ට්‍රේලියාව ලබා ගැනීමට අපේක්ෂා කරන ප්‍රධාන කොරෝනා එන්නතක් වන AstraZeneca එන්නතෙහි කාර්යක්ෂමතාව පිළිබඳ ඇතිවී ඇති මැසිවිලි සහ වදවීම් සන්සුන් කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly ඊයේ (13/01) උත්සහ දැරීය.

අනෙක් ප්‍රධාන කොරෝනා එන්නත් වලට වඩා AstraZeneca එන්නතෙහි කාර්යක්ෂමතාව සාපේක්ෂව අඩු මට්ටමක පවතින නිසා එහි කාර්යක්ෂමතාව පිළිබඳ ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා සැක පහළ කිරීමට පටන් ගෙන තිබේ.

මෙම AstraZeneca කොරෝනා එන්නත herd immunity හෙවත් සමූහ ප්‍රතිශක්තිය ජනනය කිරීමට තරම් ඵලදායී වේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වීමෙන් පසුව මහාචාර්ය Paul Kelly මෙම පැහැදිලි කිරීම සිදුකළේය.

AstraZeneca එන්නතෙහි ආරක්ෂාව සැක සහිත නොවන නමුත් කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට එය ඵලදායීද යන්න පිළිබඳ ඇතැම් විචාරකයෝ ගැටළු මතු කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

AstraZeneca එන්නතෙහි කාර්යක්ෂමතා අනුපාතය 62% ත් 90% ත් අතර බව සායනික අත්හදා බැලීම්වලින් හෙළි වී ඇත.

එය Pfizer සහ Moderna වැනි දැනට නිකුත් කර ඇති ප්‍රධාන කොරෝනා එන්නත් වලට වඩා අඩු කාර්යක්ෂමතා අනුපාතයකි.

AstraZeneca එන්නත ලබාදීමේ සැලසුම පිළිබඳව ඔස්ට්‍රේලියාව විශ්වාසයෙන් සිටිය යුතු බව මහාචාර්ය Kelly එහිදී පැවසුවේය.

"දරුණු රෝගාබාධවලට එරෙහිව එය ඉතා ඵලදායී වේ. එය ජීවිත බේරා ගනු ඇත. අපගේ තේරීම එකක් අනෙකට වඩා හොඳ ද යන්න නොවේ, මේ වසරේදී ජීවිත වැඩි සංඛ්‍යාවක් උපරිම වශයෙන් බේරාගැනීමට උපරිම සංඛ්‍යාවක් ලබා දිය හැකි එන්නත කුමක්දැයි යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුයි." යනුවෙන් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

සායනික අත්හදා බැලීම් වලින් දත්ත තෝරා බේරා ගැනීම හේතුවෙන් AstraZeneca එන්නත පිළිබඳ විශ්වාසය අඩපණ වීම සම්බන්ධයෙන් තමා කනස්සල්ලට පත්ව සිටින බව ද ඔහු පැවසුවේය.

"අපගේ පළමු ප්‍රමුඛතාවය වන ආරක්ෂාව ගැන ජනතාව විශ්වාසයෙන් සිටිය යුතුයි. මෙම එන්නත භාවිතා කිරීමෙන් අපට ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් විශාල කොටසක් ආරක්ෂා කිරීමට හැකි වනවා." යනුවෙන්ද ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව ලබාගන්නා කොරෝනා එන්නත්

ඔස්ට්‍රේලියාව ප්‍රධාන වශයෙන් කොරෝනා එන්නත් ත්‍රිත්වයක් ලබාගැනීමට මේ වන විට ගිවිසගෙන තිබේ.

ඒ අනුව AstraZeneca, Pfizer සහ Novavax යන කොරෝනා එන්නත් ඔස්ට්‍රේලියාව ලබාගැනීමට බලාපොරොත්තුවේ.

Lancet හි ප්‍රකාශයට පත් කරන ලද AstraZeneca එන්නතෙහි තුන්වන අදියරේ අත්හදා බැලීමේ ප්‍රතිඵල වලින් පෙනී ගියේ එම එන්නත සම්මත මාත්‍රාවලින් ලබා දීමේදී රෝග වැළැක්වීම සඳහා 62.1% ක් ඵලදායී බවය.

එහි අඩු මාත්‍රාවක් ලබාගත් තවත් කුඩා ස්වේච්ඡා කණ්ඩායමක මෙම අනුපාතය 90% ක් දක්වා ඉහළ ගියේය.

වෛද්‍ය පරීක්ෂණවලට අනුව Pfizer සහ Moderna කොරෝනා එන්නත් 90% කට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Moderna සහ තවත් එන්නත් ලබා ගැනීම සඳහා සමාගම් ගණනාවක් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly ප්‍රකාශ කළේය.

AstraZeneca එන්නත ජනතාවට ලබාදීමට අවශ්‍ය කාර්යක්ෂමතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ද ඇති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ Peter Collignon, SBS පුවත් සේවයට පැවසීය.

කොරෝනා එන්නත් සම්බන්ධයෙන් අපට විකල්ප ගණනාවක් අවශ්‍යයි, නමුත් 50% කට වඩා කාර්යක්ෂමතාවක් ඇති ඕනෑම එන්නතක් තිබේනම් එය ලබා දිය යුතුයි. මුලින්ම මෙම වයිරසයෙන් මිනිසුන්ව මරණයට පත්වීම අප වැළක්විය යුතුයි. දෙවනුව එය සමාජයේ පැතිරීම වැළක්විය යුතුයි." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

AstraZeneca එන්නතෙන් මාත්‍රා මිලියන 54 ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට ඇණවුම් කර ඇති අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනයෙන් අනුමැතිය අපේක්ෂාවෙන් සිටී.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ජනතවගෙන් බහුතරයකට ලබා දීමට අපේක්ෂිත කොරෝනා එන්නත ලෙස AstraZeneca එන්නත හැඳින්වේ.

මේ අතර Pfizer එන්නතෙන් මාත්‍රා මිලියන 10 ක් ඔස්ට්‍රේලියාව මේ වන විට සුරක්ෂිත කරගෙන ඇති අතර ඒ හරහා මිලියන 5 ක ඔස්ට්‍රේලියානුවන් එන්නත් කිරීමට අපේක්ෂිතය.

ඊට අමතරව Novavax කොරෝනා එන්නතෙන් මාත්‍රා මිලියන 11 ක් මිලදී ගැනීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂාවෙන් සිටී.

Share

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service