Omicron ට එහාගිය ප්‍රභේදයක් පැමිණියහොත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළිත් වසා දැමීමේ අවදානමක් (SBS සිංහල/ වාර්තා)

වසර 2022 මුල් භාගයේ සිට තාවකාලික සහ ස්ථිර සංක්‍රමණිකයන් ක්‍රමානුකූලව නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම සිදුවනු ඇතැයි උපකල්පනය කරන බව භාණ්ඩාගාරය පවසයි.

International students wear face masks as they arrive at Sydney Airport in Sydney.

International students arriving at Sydney Airport in Sydney this week. Source: AAP

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව ලබන වසරේ සිට කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටම කරා නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික අමාත්‍යවරයා විසින් ඊයේ (16/12) ඉදිරිපත් කරනු ලැබූ මධ්‍ය වාර්ෂික අය වැය යාවත්කාලීන කිරීමේදී ඒ  කෙරුණි.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ දේශසීමා අපේක්ෂා කළ කාලයට වඩා පෙරාතුව විවෘත කිරීම හේතුවෙන් අමතර සංක්‍රමණිකයින් 120,000 ක් පමණ රට තුළට පැමිණෙනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කරයි.
  • දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය 2020 වසරේදී සෘණ මට්ටම කරා කඩා වැටුණි.
  • බරපතල කොවිඩ් ප්‍රභේදයක් මතු වුවහොත් සෞඛ්‍ය උපදෙස් මත ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළිත් මාස 6 කට පමණ වසා දැමිය හැකි බවද හෙළි කෙරුණි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය ඉහළට

වසර 2022-23 දී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය180,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරයේ ප්‍රක්ෂේපනයන් පෙන්වා දෙයි.

එය ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා ඇති විට පසුගිය මැයි මාසයේ ප්‍රකාශිත අයවැයෙන් කරන ලද ඇස්තමේන්තුව මෙන් දෙගුණයක් පමණ වේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණ ක්‍රමිකව වැඩි කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ බව ඊයේ (16/12) ඉදිරිපත් කරනු ලැබූ මධ්‍ය වාර්ෂික අය වැය යාවත්කාලීන කිරීමේදී හෙළි කෙරුණි.

ඒ හරහා කොවිඩ් නිසා කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පියවා ගැනීමට මධ්‍යම රජය අපේක්ෂා කරයි.
ඔස්ට්‍රේලියාවේ දේශසීමා අපේක්ෂා කළ කාලයට වඩා පෙරාතුව විවෘත කිරීම හේතුවෙන් අමතර සංක්‍රමණිකයින් 120,000 ක් පමණ රට තුළට පැමිණෙනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කරන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

ඒ හරහා පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පියවාගැනීමට අමතර ශ්‍රමිකයින් සපයනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
Josh Frydenberg
Josh Frydenberg - Treasurer of Australia Source: AAP

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ඍණ මට්ටම දක්වා කඩා වැටීම

දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය 2020 වසරේදී සෘණ මට්ටම කරා කඩා වැටුණි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලෝකය පුරා රටවල දේශ සීමා වසා දැමීම් සහ සංචාරක සීමා එයට ප්‍රධානතම හේතුව විය.

එම ඍණාත්මක සංක්‍රමණ මට්ටම් 2021-22 වසරේදී ද -41,000 හි පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.

නමුත් පසුගිය මැයි මාසයේ දී පුරෝකථනය කළ පරිදි එම අගය -77,000 ක් විය.
කොවිඩ් වසංගතයට පෙර 2019-20 වසරේදී ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණය 190,000 ක් පමණ විය.

කෙසේවෙතත්, වසර දෙකකකට ආසන්න කාලයක් වසා දැමුණු ඔස්ට්‍රේලියානු දේශ සීමා පසුගිය දෙසැම්බර් 15 වන දින ජාත්‍යන්තර සිසුන්ට සහ නිපුණතා සංක්‍රමණිකයින්ට විවෘත කෙරුණි.

පසුගිය මැයි මාසයේ දී කළ සැලසුමට වඩා මෙම විවෘත කිරීම මාස 6 ක් පමණ පෙරාතුව ක්‍රියාත්මක වූ බවද මධ්‍යම රජය පවසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


දරුණු කොවිඩ් ප්‍රභේදයක් මතුවුවහොත් දේශ සීමා යළි වසා දැමීමට සිදුවේවි

2024-25 දී ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණය 235,000 දක්වා ළඟා වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රක්ෂේපනය කරයි.

වසර 2022 මුල් භාගයේ සිට තාවකාලික සහ ස්ථිර සංක්‍රමණිකයන් ක්‍රමානුකූලව නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම සිදුවනු ඇතැයි උපකල්පනය කරන බව භාණ්ඩාගාරය පවසයි.

එහිදී ජාත්‍යන්තර සිසුන් 2022 වසරේ පළමු අධ්‍යයන වාරය සඳහා නියමිත කාලයට ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කරයි.
සංචාරක බුබුළු ඇති කිරීම මගින් ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයින් සඳහා ජාත්‍යන්තර සංචාරවලට අවස්ථාව ලබා දීම 2022 වසරේ මුල් භාගයේ සිට ඉතා පුළුල්ව කිරීමට මධ්‍යම රජය අපේක්ෂා කරයි.

නමුත් Omicron වලට වඩා එහා ගිය වෙනත් බරපතල කොවිඩ් ප්‍රභේදයක් මතු වුවහොත් සෞඛ්‍ය උපදෙස් මත ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළිත් මාස 6 කට පමණ වසා දැමිය හැකි බව ඔස්ට්‍රේලියාවේ මධ්‍ය වාර්ෂික අය වැය යාවත්කාලීන කිරීමේදී හෙළි කෙරුණි.

Share

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service