SKIP TO MAIN CONTENT

ඔබේ නිවසේත් අමතර නිදන කාමරයක් තිබෙනවාද? එසේනම් මේ ලිපිය කියවන්න. (SBS සිංහල/වාර්තා)

සාමාන්‍යයෙන්, ඔබේ නිවාසය ප්‍රාග්ධන ලාබ බද්ධට යටත් නොවන නමුත් ඔබේ නිවසින් ඔබ ආදායමක් ලබනවානම්, එය එසේ නොවන බවද සඳහන්.

Rental
Source: Flickr

2 min read

Published

By Madhura Seneviratne

Source: Domain


Skip to article content

පසුගිය වසරේ පැවැත්වූ ජන හා නිවාස සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ මිලියන 8 ක් පමණ වූ හිස්වූ නිදන කාමර ඇති බව වාර්තා වේ.

මීට අමතරව නිවැසියන් ගෙන් 80% ක් පමණ අවම වශයෙන් තම නිවසේ එක් නිදන කාමරයක් හෝ හිස්ව තබන බවද එම දත්ත පෙන්වා දෙයි.

2017 වසර තුළ ඔස්ට්‍රේලියාවේ නිදන කාමරයක් කුලියට දීමේදී සාමන්‍ය මිල සතියකට ඩොලර් 200 ක් පමණ වන බවත් එය වසරකට ගණන් බැලූ කල ඩොලර් 10,000 කට වඩා අදාළ නිවෙස් හිමියන්ට ආදායමක් ගෙන දෙන බව මේ පිළිබඳ සමීක්ෂණය කළ Finder වෙබ් අඩවියේ Bessie Hassan පැවසුවාය.

“කාමරයක් කුලියට දීමෙන් ඔබට මාසයකට සාමන්‍යයෙන් ඩොලර් 958 ක් වැනි මුදලක් උපයා ගත හැකි අතර එය ඔබේ නිවාස ණය වාරිකයට හෝ අනෙකුත් බිල් ගෙවීම් සඳහා යොදා ගත හැකියි.” ඇය පෙන්වා දුන්නාය.

අයිතිකරුම පදිංචිව සිටින නිවාස මිලියන 5.6 ක සහ කුලියට ලබා දී ඇති නිවාස මිලියන 2 ක තම නිවැසියන්ට වඩා වැඩි කාමර සංඛ්‍යාවක් ඇති බව ද මෙමගින් හෙළිවී තිබේ.

මෙම හිස්වූ කාමර කුලියට දීමෙන් නිවාස කුලිය සැලකිය යුතු ලෙස ආවරණය කරගැනීමට හැකියාවක් පවතින බවද Hassan පැවසුවාය.

නමුත් ඔබේ වාර්ෂික බදු සැකසීම පැමිණි කළ මෙවැනි අමතර ආදායම් ඒ සඳහා බලපෑම් එල්ල කළ හැකි සාධකයක් වේ.

ඔබ හිස්වූ කාමරයක් කුලියට ලබා දී ඇත්නම් එහි ආදායම මුල්‍ය වර්ෂය අවසානයේදී ඔබේ වාර්ෂික බදු සැකැස්ම සිදු කිරීමේදී ඔබ විසින් ඉදිරිපත් කළ යුතු වන අතර එය බදු වලට ආදාල වන බවද VJR & Associates and Keshab Chartered Accountants හි ගණකාධිකාරී Jeremy Iannuzzelli පැවසීය.

ඊට අමතරව ඔබේ නිවසේ ප්‍රාග්ධන ලාබ බද්ධටද මෙය ඈඳෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන්, ඔබේ නිවාසය ප්‍රාග්ධන ලාබ බද්ධට යටත් නොවන නමුත් ඔබේ නිවසින් ඔබ ආදායමක් ලබනවානම්, එය එසේ නොවන බවද සඳහන්.

හිස්වූ කාමරයක් කුලියට දීම මෙන්ම ඔබ සතුව ඇති granny flat එක කුලියට දීමෙන්ද ඉහත කී තත්ත්වයන්ට යටත් වීමට ඔබට සිදු වේ.

ඔබට අමතර ආදායමක් ලබා ගැනීමට කාමරයක් කුලියට දීම මෙන්ම තවත් බොහෝ පරිශ්‍ර කුලියට දීමට හැකි බවද වාර්තා වේ.

අට්ටාල, මඩු, driveways සහ ගබඩා කාමර සහ ගබඩා කූඩු ද මේ ආකාරයෙන් ඔබට කුලියට දීමට හැකියාව තිබේ.

නාගරික කලාප වල ඉහත ඒවා කුලියට දීමෙන් මසකට ඩොලර් 250 ත් 350 ත් අතර මුදලක් උපයා ගත හැකි බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now