Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ඔබටත් මේ කෙටි පණිවිඩය ආවද? අලුත්ම Scam එක “Hi Mum” ගැන අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

මේ වසරේ මුල් මාස හත තුළ ඔස්ට්‍රේලියානුවාසීන් 1,150 කට වැඩි පිරිසක් මෙම “Hi Mum” දුරකථන පණිවිඩ වංචාවට ගොදුරු වූ අතර, වාර්තා වූ මුළු පාඩුව ඩොලර් මිලියන 2.6 කි.

scam
Source: Getty / Getty Images/Sitthiphong Thadakun / EyeEm

Key Points

  • මෑත මාසවල ඔස්ට්‍රේලියාවේ "Hi Mum" නමැති දුරකථන පණිවිඩ වංචාවන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
  • පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු ලෙස පෙනී සිටින වංචාකරුවෙකු විසින් මෙහිදී වංචාවට හසුකරගන්නා වින්දිතයා සම්බන්ධ කර ගනු ලබන්නේ බොහෝ විට WhatsApp හරහාය.
  • ඔස්ට්‍රේලියානුවාසීන් 1,150 කට වැඩි පිරිසක් මෙම “Hi Mum” දුරකථන පණිවිඩ වංචාවට ගොදුරු වූ අතර, වාර්තා වූ මුළු පාඩුව ඩොලර් මිලියන 2.6 කි.

තමන්ට උදව් අවශ්‍ය යැයි පවසමින් පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකුගෙන් ලැබෙන දුරකථන පණිවිඩ පිළිබඳ විමසිලිමත් වන ලෙස Scamwatch ආයතනය ඔස්ට්‍රේලියානුවාසීන්ට දන්වා සිටී.

මෑත මාසවල ඔස්ට්‍රේලියාවේ "Hi Mum" නමැති දුරකථන පණිවිඩ වංචාවන් සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් පසුව Scamwatch ආයතනය මේ ගැන අනතුරු අඟවා ඇත.

මේ වසරේ මුල් මාස හත තුළ ඔස්ට්‍රේලියානුවාසීන් 1,150 කට වැඩි පිරිසක් මෙම “Hi Mum” දුරකථන පණිවිඩ වංචාවට ගොදුරු වූ අතර, වාර්තා වූ මුළු පාඩුව ඩොලර් මිලියන 2.6 කි.

මෙම වංචාවලින් අතිමහත් බහුතරයක් 2022 ජුනි සහ ජූලි මාසවල වාර්තා වී තිබෙන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.

Missed call or voicemail message scams affecting millions of Australians.
Source: AAP

“Hi Mum” දුරකථන පණිවිඩ වංචාව

“Hi Mum” දුරකථන පණිවිඩ වංචාව “family impersonation” වංචාව ලෙසද හඳුන්වයි.

පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු ලෙස පෙනී සිටින වංචාකරුවෙකු විසින් මෙහිදී වංචාවට හසුකරගන්නා වින්දිතයා සම්බන්ධ කර ගනු ලබන්නේ බොහෝ විට WhatsApp හරහාය.

අදාළ වංචාකාරු තම දුරකථනය නැතිවී හෝ හානි වී ඇති බව පවසන අතර නව අංකයකින් වින්දිතයා සමග සම්බන්ධතා පවත්වයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

වංචාකාරු තම ඉලක්කගත වින්දිතයා සමඟ සුහදතාවයක් ගොඩනඟා ගත් පසු, ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල සඳහා ඡායාරූප වැනි පුද්ගලික තොරතුරු හෝ හදිසි බිල්පතක් ගෙවීමට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට හදිසි ගෙවීමක් කිරීමකට හෝ අලුත් දුරකථනයක් මිලදී ගැනීමට හෝ මුදල් ඉල්ලා සිටී.

තමන්ගේ අන්තර්ජාල බැංකුකරණයට තාවකාලිකව ප්‍රවේශ විය නොහැකි නිසා අලුතින් ජංගම දුරකතනයක් මිලට ගැනීමට අවශ්‍ය බව සාධාරණීකරණය කරමින් නැතිවූ හෝ කැඩුණු දුරකථනයක කූට උපාය වංචාකරුවන් මෙහිදී දිගටම කරගෙන යන බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.

"පසුගිය මාස කිහිපය තුළ ‘Hi Mum’ වංචාවන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් අපි දුටුවා, එනිසා තමන්ගේ දරුවන්, දෙමාපියන්, නෑදෑයින් හෝ මිතුරන් යැයි කියා ගන්නා නාඳුනන අංකවලින් ලැබෙන පණිවිඩ ගැන ඉතා සැලකිලිමත් වන ලෙස අපි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා.” යනුවෙන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපතිනි Delia Rickard පැවසුවාය.

Hi Mum Scam
Credit: Australian Competition & Consumer Commission

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ උපදෙස්

හඳුනා නොගත් දුරකතන අංකයකින් සැක සහිත දුරකථන පණිවිඩ එවනුලබන පුද්ගලයින්ගෙන් තම සම්බන්ධතාවය තහවුරු කරන ලෙස ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ පුතා, දුව, නෑදෑයෙකු හෝ මිතුරෙකු යැයි කියා ගන්නා කෙනෙකු ඔබව හඳුනා නොගත් දුරකතන අංකයකින් සම්බන්ධ කර ගන්නේ නම්, එයවංචාවක් නොවන බව තහවුරු කර ගැනීමට ඔබේ දුරකථනයේ දැනටමත් ගබඩා කර ඇති දුරකතන අංකයට ඔවුන්ව අමතන ලෙස ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපතිනි Delia Rickard ඉල්ලා සිටියාය.

එම පැරණි අංකයට කතා කළ විට ඔවුන් ඔබ සමග සම්බන්ධ වුවහොත් ඉහත ක්‍රියාව වංචාවක් බව ඔබට තහවුරු වේවි යනුවෙන්ද ඇය පැවසුවාය.

“සම්බන්ධතාව ඇති කර ගැනීමට නොහැකි නම්, ඔබ කතා කරන්නේ කාටද යන්න සම්පුර්ණයෙන්ම තහවුරු කිරීමට වෙනත් සම්බන්ධතා ක්‍රමයක් හරහා උත්සාහ කළ යුතුයි. ඔබට තවමත් ඔබේ පවුලේ සාමාජිකයා හෝ මිතුරාව සම්බන්ධ කර ගත නොහැකි නම්, වංචාකරුවෙකුට පිළිතුර දැනගත නොහැකි පුද්ගලික ප්‍රශ්නයක් ඇසීම ගැන සලකා බලන්න. එවිට ඔබව සම්බන්ධ කරගෙන සිටින පුද්ගලයා ඔහු හෝ ඇය ද යන්න නිශ්චිතවම ඔබට දැනගත හැකිවනු ඇති." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපතිනි Delia Rickard උපදෙස් දුන්නාය.

සියල්ලටම වඩා, ඔබ මුදල් යවන්නේ කාටදැයි නිශ්චිතවම සහතික නොවී කිසිවිටෙකත් මුදල් නොයවන ලෙස ද ඇය අවධාරණය කළාය.

මෙවැනි වංචාවලින් තුනෙන් දෙකකට වඩා වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 55 ට වැඩි කාන්තාවන් විසින් වන අතර එමඟින් ඩොලර් මිලියන 1.4 කට වඩා පාඩු සිදුවී ඇත.

ඔබ වංචාවට ලක්ව ඇතැයි විශ්වාස කිරීමට ඔබට හේතුවක් තිබේ නම්, ඔබේ මුදල් ගිය තැන සොයා ගැනීමට, වංචා ගිණුම් අවහිර කිරීමට සහ වංචාකරුවන්ට මුදල් යැවීමෙන් වැළකී සිටීමට අන් අයට උපකාර කිරීමට හැකි වන පරිදි හැකි ඉක්මනින් ඔබේ බැංකුව අමතන ලෙසද ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම උපදෙස් දෙයි.

ඔස්ට්‍රේලියාව තුළ වංචාවන් වාර්තා කිරීමට සහ වංචාවන්ගෙන් වැලකී සිටීම උපදෙස් ලබා ගැනීම සඳහා Scamwatch වෙබ් අඩවියට පිවිසෙන්න.


4 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now