ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමට ගතවන නවතම කාලය මෙන්න (SBS සිංහල/ වාර්තා)

සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ වන ඛාණ්ඩය හරහා දැනට යොමු කර ඇති ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත්වලින් 90% ක්ම මාස 18 ක කාලයක් තුළ සලකා බලා අවසන් තීරණය ලබාදෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Australian citizenship

Source: SBS

Key Points
  • 2022 ජූලි 31 වන දින වන විට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සතුව ඇති ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් ප්‍රමාණය 123,640 ක් ලෙස වාර්තා වේ.
  • සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ වන ඛාණ්ඩය හරහා යොමු කර ඇති අයදුම්පත්වලින් 90% ක්ම මාස 18 ක කාලයක් තුළ සලකා බැලේ.
  • සම්භවය අනුව යොමු කර ඇති අයදුම්පත්වලින් 90% ක්ම මාස 04 ක කාලයක් තුළ සලකා බැලේ.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමට ගතවන නවතම කාලය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කර තිබේ.

2022 ජූලි 31 වන දින වන විට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සතුව ඇති ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් ප්‍රමාණය 123,640 ක් ලෙස වාර්තා වේ.

————————————————-
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
—————————————————
එම අයදුම්පත් පහත අන්දමින් වර්ගීකරණය කර තිබේ.

  • සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් - 120,197
  • සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් - 3,443
එමෙන්ම 2022 ජූලි 01 සිට 2022 ජූලි 31 වන දින දක්වා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලැබුණු ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් ප්‍රමාණය පහත අයුරින් දැක්වෙන බව ඔවුහු නිවේදනය කරති.

  • සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් - 12,751
  • සම්භවය අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් - 1,420
Australian citizenship processing time
Source: Getty

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමට ගතවන නවතම කාලය

සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ වන ඛාණ්ඩය හරහා දැනට යොමු කර ඇති ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත්වලින් 90% ක්ම මාස 18 ක කාලයක් තුළ සලකා බලා අවසන් තීරණය ලබාදෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස අනුමත වූ අයදුම්කරුවන්ගෙන් 90%කට අනුමැතිය ලැබීමෙන් මාස 11ක් ඇතුළත ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ උත්සවයකට සහභාගි වීමට අවස්ථාව ලැබේ.


සම්භවය අනුව දැනට යොමු කර ඇති ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත්වලින් 90% ක්ම මාස 04 ක කාලයක් තුළ සලකා බලා අවසන් තීරණය ලබාදෙන බව සඳහන්.

ඔවුන්ගෙන් 90%කට අනුමැතිය ලැබීමෙන් දින 34 ක් ඇතුළත ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ උත්සවයකට සහභාගි වීමට අවස්ථාව ලැබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමට ගතවන නවතම කාලය සාරාංශගතව පහත ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ.
අයදුම්පත් වර්ගය
අයදුම්පත් වලින් 25% ක් සලකා බැලෙන්නේ:
අයදුම්පත් වලින් 50% ක් සලකා බැලෙන්නේ:
අයදුම්පත් වලින් 75% ක් සලකා බැලෙන්නේ:
අයදුම්පත් වලින් 90% ක් සලකා බැලෙන්නේ:
සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ වන ඛාණ්ඩය
මාස 08
මාස 13
මාස 14
මාස 18
සම්භවය අනුව වන ඛාණ්ඩය
දින 54
දින 59
දින 79
මාස 04

අයදුම්පත් සලකා බැලීමේ කාලයට බලපාන තත්ත්වයන්

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් සලකා බැලීමේ කාලයට බලපාන සාධක අතර පහත ඒවා ප්‍රධාන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

  • අවශ්‍ය සියලුම ලියකියවිලි ඇතුළුව සම්පූර්ණ අයදුම්පතක් ලබා දී තිබීම
  • වැඩිදුර තොරතුරු හෝ ලේඛන ඉල්ලා සිටින විට අයදුම්කරුවන් ප්‍රතිචාර දැක්වීමේ කාලය
  • ලබා දී ඇති තොරතුරු පරීක්ෂා කිරීමට ගතවන කාලය
  • සාමාන්‍යයෙන් චරිත සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා සඳහා වෙනත් ආයතනවලින් තොරතුරු ලබා ගැනීමට ගතවන කාලය

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service