ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හා රැකියා වීසා පිරිනැමූ නොවැම්බර් පළමු සතියේ ACT වෘත්තීන් මෙන්න (SBS සිංහල/ වාර්තා)

ACT හි නොවැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය 2021 නොවැම්බර් 08 වන දින ක්‍රියාත්මක විය.

Most Australians support a path to permanent residency for migrants in a new survey

Source: Getty Images

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 වසරේ නොවැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

නොවැම්බර් 08 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.


Highlights

  • මෙවර ආරාධනා පත්‍ර වටයේ වෘත්තීන් 22 කට 190 හා 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
  • මෙවර Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 24 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
  • ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 109 ක් නිකුත් කර ඇති බව සඳහන්.

ACT නොවැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය

ACT හි නොවැම්බර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය 2021 නොවැම්බර් 08 වන දින ක්‍රියාත්මක විය.

මෙම වටයේදී 457/482 වීසා ලාභීන් දෙදෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

ඊට අමතරව මෙම ආරාධනා වටයේදී Small Business Owners ධාරාව හරහා අයදුම්කළ අයදුම්කරුවන් දෙදෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

තවද මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 24 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 105 කි.

නමුත් එහිදී Accountants වෘත්තීය සඳහා සලකා බැලූ අවම Canberra Matrix ලකුණු ප්‍රමාණය 110 ක් ලෙස සටහන් වේ.

ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 109 ක් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.

නමුත් Accountants වෘත්තීය සඳහා එය ලකුණු 95 ක් බව සඳහන්.

How to find Australian Jobs
Source: Getty Images

නොවැම්බර් පළමු වටයේ ආරාධනා පත්‍ර ලැබූ වෘත්තීන්

මෙවර වටයේ වෘත්තීන් 22 කට 190 හා 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

එහිදී 190 වීසා සඳහා Cafe and Restaurant Manager, Journalists and other writers, Accountants, Electronics Engineers යන වෘත්තීන් සඳහා වැඩිම ලකුණු ප්‍රමාණය සලකා බලා ඇති අතර එය ලකුණු 110 කි.

මෙවර වටයේ 190 හා 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කළ වෘත්තීන් සහ ඒවාට අදාළ අවම ලකුණු පහත පරිදි වේ 

INVITATION ROUND - 8 November 2021
Occupation IDNOMINATED OCCUPATIONMinimum Rank: 491Minimum Rank: 190
1411Cafe and Restaurant Manager65110
2124Journalists and other writers 110
2211Accountants90 (before July)110
2212Auditor90 (before July) 
2249Information and Organisation Prof75 
2251Marketing specialist90 
2324Graphic and Web Designers 105
2332Civil Engineering professionals65 
2333Electrical Engineers65 
2334Electronics Engineers65110
2611ICT Business and Systems Analyst65105
2613Software and Applications Programmers65 
2621Database and Systems Administrator65105
2631Computer Network Professionals65 
2632ICT Support and Test Engineers 105
2713Solicitors 105
2725Social Worker75 
3121Architectural, Building and Surveying Technicians70 
3212Motor Mechanics70 
3513Chef70 
4114Enrolled Nurse70 
5111Contract, Program and Project Administrators70 

2021/22 මුල්‍ය වර්ෂය සඳහා දැනට ඉතිරිව ඇති ACT හි Skilled වීසා කෝටාව

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (subclass 190) වීසා - 600
  • Skilled Work Regional (subclass 491) වීසා - 1,400

මේ අතර 2021 නොවැම්බර් මාසයේ 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.

  • 190 වීසා - 396
  • 491 වීසා - 932

මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT ප්‍රාන්ත රජය පවසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ACT Critical Skills ලැයිස්තුව

ACT Critical Skills ලැයිස්තුව ACT 190 හා 491 වීසා සඳහා අදාළ වේ.

ACT Critical Skills ලැයිස්තුව සෑම සිව් මසකට වරක්ම සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.

ඒ අනුව ACT Critical Skills ලැයිස්තුවේ නවතම යාවත්කාලීන කිරීම 2021 සැප්තැම්බර් මස මුල සතියෙදේ සිදු කෙරිණි.

මේ වන විට ක්‍රියාත්මක වන නවතම ACT Critical Skills ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.


Share

4 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now