Canberra Matrix ලකුණු ක්‍රමය පදනම් කරගනිමින් Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 වසරේ ජූලි මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.
ජූලි 21 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.
Highlights
- මෙවර Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 30 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
- 491 වීසා සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 171 ක් නිකුත් කර ඇත.
- මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බව සඳහන්.
Canberra Matrix ජූලි මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය
Canberra Matrix ක්‍රමය යටතේ ජූලි මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය 2021 ජූලි 21 දින ක්‍රියාත්මක විය.
මෙම වටයේදී 457 සහ 482 යන වීසා ඛාණ්ඩ වල සිට 190 වීසා සඳහා අයදුම් කළ අයදුම්කරුවන් දෙදෙනෙකුට ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
එමෙන්ම Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 30 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 90 කි.
ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 171 ක් නිකුත් කර ඇති බව සඳහන්.
ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.
ACT හි මීළඟ ආරාධනා පත්‍ර වටය අගෝස්තු මාසයේ මුල භාගයේ ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි Skilled වීසා කෝටාව
2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.
Skilled Nominated (subclass 190) visa - 600
Skilled Work Regional (subclass 491) visa - 1,400
මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT ප්‍රාන්ත රජය පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ACT Critical Skills List
ACT හි නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ ACT Critical Skills ලැයිස්තුව 2021 මැයි 03 වන දින සිට යාවත්කාලීන කර තිබේ.
මෙම ලැයිස්තුව ACT 190 හා 491 වීසා සඳහා අදාළ වේ.
ACT Critical Skills List එක සෑම සිව් මසකට වරක්ම සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.
මේ වන විට ක්‍රියාත්මක වන ACT Critical Skills List එක මෙතනින් ලබාගත හැකිය.

