Highlights
- ඔස්ට්‍රේලියාව තුල ලබාදෙන සහ ලබාදීමට නියමිත එන්නත් වල, කොරෝනා වෛරසය මර්දනය කිරීමට පවතින යාන්ත්‍රණය (mechanism)
- Pfizer එන්නත පුද්ගල ශරීරය තුල ක්‍රියා කරන අකාරය
- AstraZeneca එන්නත පුද්ගල ශරීරය තුල ක්‍රියා කරන අකාරය
- Moderna එන්නත පුද්ගල ශරීරය තුල ක්‍රියා කරන අකාරය
ඔස්ට්‍රේලියාව තුල ලබාදෙන සහ ලබාදීමට නියමිත එන්නත් වල, කොරෝනා වෛරසය මර්දනය කිරීමට පවතින යාන්ත්‍රණය (mechanism)
COVID -19 වෛරසයේ පිටතින් ආවරණයක් තිබෙන අතර එම ආවරණය මත "spike" නොහොත් තුනී උල් සහිත කොටස් පවතී.
මේවා "s protein" හෝ "spike protein" ලෙසද හැඳින්වේ.
මේ වනවිට ලොව පුරා නිෂ්පාදනය කෙරෙන එන්නත් කොරෝනා වෛරසයේ මෙම s protein යන කොටස ඉලක්ක කරමින් නිෂ්පාදනය කෙරෙන අතර යාන්ත්‍රණය ත්‍රිත්වයකින්ද එන්නත් නිෂ්පාදනය කිරීම සිදු වේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
කොරෝනා එන්නත් නිපදවෙන යාන්ත්‍රණ ත්‍රිත්වය මෙසේයි
- RNA (mRNA)
මෙහිදී ජාන තාක්ෂණය උපයෝගී කරගනිමින් mRNA (Messenger RNA) නිෂ්පාදනය කිරීම සිදු වන අතර එය ශරීරයට ඇතුල් කිරීම මගින් s protein නිෂ්පාදනය කිරීමට ශරීරයට දැනුම් දේ. ඉන් අනතුරුව ශරීරය එම s protein හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිදේහ නිපදවන අතර ඉන් පසුව COVID-19 වෛරසයෙන් ඇතිවන බලපෑමට එරෙහිව ක්‍රියාත්මක වේ.
- Vector
මෙහිදී වෙනස් කරන ලද (modified) වෙනත් වෛරසයක් ආධාරයෙන් COVID-19 වෛරසයේ පවතින ජාන ශරීරය තුලට ඇතුල් කිරීම සිදු වේ. එමගින් ශරීරය COVID-19 වෛරසය හඳුනාගෙන එහි s protein නිෂ්පාදනය කිරීම සිදු කරයි. ඉන් අනතුරුව ශරීරය එම s protein සඳහා ප්‍රතිදේහ නිපදවන අතර ඉන් පසුව COVID-19 වෛරසයෙන් ඇතිවන බලපෑමට එරෙහිව ක්‍රියාත්මක වේ.
- Protein
මෙහිදී COVID-19 වෛරසයේ හානිකර නොවන s protein කොටසක් පුද්ගල ශරීරයට ඇතුල් කිරීම සිදු වේ. ප්‍රතිදේහ නිෂ්පාදනය සඳහා දැඩි ලෙස ක්‍රියාත්මක වන එම හානිකර නොවන s protein කොටස හඳුනාගැනීමෙන් පසු ශරීරය ප්‍රතිදේහ නිෂ්පාදනය සහ සුදු රුධිරානු නිෂ්පාදනය කිරීම සිදු කරයි.
Pfizer එන්නත පුද්ගල ශරීරය තුල ක්‍රියා කරන අකාරය
Pfizer එන්නත RNA (mRNA) කාණ්ඩයට අයත් වන එන්නත් වර්ගයක් වේ. මෙහිදී ජාන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදිත mRNA (Messenger RNA) ශරීරයට ඇතුල් කිරීමෙන් පසු s protein නිෂ්පාදනය කරන බව SBS සිංහල සේවයත් සමග සාකච්චාවට එක් වූ චමීර රණතුංග වෛද්‍යතුමන් පවසයි.

එමගින් ශරීරය මෙම s protein හඳුනාගැනීම සිදු කරන අතර පුද්ගල ශරීරය ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමත් ඒවා ශරීරයේ පවත්වාගැනීමත් සිදු කරයි.
AstraZeneca එන්නත පුද්ගල ශරීරය තුල ක්‍රියා කරන අකාරය
මෙය Vector කාණ්ඩයට අයත් වන එන්නතක් වන අතර මෙහිදී වෙනස් සහ අක්‍රීය කරන ලද වෙනත් වෛරසයක් ආධාරයෙන් COVID-19 වෛරසයේ කොටස් ශරීරයට ඇතුල් කිරීම සිදු කරන බව චමීර රණතුංග වෛද්‍යතුමන් පවසයි.
ඉන් පසුව මෙම වෛරස කොටස් තුල පවතින s protein හඳුනාගැනීමෙන් ශරීරය ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි.

මෙහිදී එන්නත ලබාගැනීමෙන් පසු යම් පුද්ගලයකුගේ ශරීරයට COVID-19 වෛරසය ඇතුළුවීම සිදු වුවහොත් ඒ සඳහා ප්‍රතිදේහ ශරීරය තුල පැවතීම මත එම පුද්ගලයා හට ශ්වසනය ආශ්‍රිත අපහසුතා ඇතිවීම අවම වන බවද චමීර රණතුංග වෛද්‍යතුමන් පෙන්වා දෙයි.
Moderna එන්නත පුද්ගල ශරීරය තුල ක්‍රියා කරන අකාරය
මෙම එන්නත් වර්ගයද Pfizer එන්නත අයත් වන RNA (mRNA) තාක්ෂණය යටතේ නිෂ්පාදිත එන්නතකි.

චමීර රණතුංග වෛද්‍යතුමන් අවසාන වශයෙන් SBS සිංහල සේවයත් සමග සඳහන් කොට සිටියේ මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල නැවතත් උද්ගතව තිබෙන කොරෝනා වෛරස තත්වය මත කොරෝනා එන්නත් ලබාගැනීම අතිශය වැදගත් වන බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට ,
93.1fm, 97.7fm, 105.5fm
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම මෙම එන්නත් වර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට වඩා මෙවැනි කාලයකදී තම ශරීරය තුල කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීම සඳහා එම එන්නත් ලබාගැනීම සිදු කරන ලෙසත් ඔහු පවසයි.

එමෙන්ම චමීර රණතුංග වෛද්‍යතුමන් අවසන් වශයෙන් SBS සිංහල සේවයට අවධාරණය කොට සිටියේ කොරෝනා වෛරසය සඳහා වන එන්නත් ලබාගැනීම මගින් වෛරසය වැළඳීමේ අවදානම අඩු නොවන නමුත, එමගින් ඇතිවිය හැකි ශ්වසනාබාධ ඇතුළු භයානක තත්ත්ව මගින් ආරක්ෂා විය හැකි බවයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

