ඔස්ට්‍රේලියාවේ ඉහළ කොවිඩ් එන්නත්කරණ අනුපාතය නිසා ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමත් ප්‍රාන්ත හා ටෙරිටරිවල lockdown නීති ඉවත් කිරීමත් දක්නට ලැබේ.
ඒවායේ ප්‍රතිඵලයක් ලෙස දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර අධික ලෙස සම්ප්‍රේෂණය වන Omicron සහ Delta ප්‍රභේදවල ව්‍යාප්තිය හේතුවෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
බූස්ටර් එන්නත්වල අඩංගු දේ පළමු සහ දෙවන එන්නත් මාත්‍රාවලට සමාන වේ.
"විශේෂයෙන් Omicron ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් ඊට එරෙහිව අමතර ප්‍රතිශක්තිය ලබා දීමට බූස්ටර් එන්නත ඉතා වැදගත් වේ." යනුවෙන් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් Brendan Murphy පැවසීය.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත් වැඩසටහන
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt විසින් දෙසැම්බර් මස මුලදී උත්සව සමයට පෙර ඔස්ට්‍රේලියාව පුරා කොවිඩ් බූස්ටර් එන්නත් වැඩසටහන දියත් කරන ලදී.
Omicron ප්‍රභේදයට එරෙහිව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද බොහෝ පුද්ගලයින්ට සීමිත ආරක්ෂාවක් තිබිය හැකි බවට ඇතිවූ සැකය මධ්‍යයේ හැකි ඉක්මනින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස ඔහු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා මාස 6 කින් පසුව ලබාගත යුතුව තිබූ බූස්ටර් එන්නත මාස 5කින් ලබාගැනීමට ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) අනුමැතිය ලබා දුන්නේය.
එනිසා මිලියන 1.5 ක් දක්වා ඔස්ට්‍රේලියානුවන්ට දැන් තමන්ගේ බූස්ටර් එන්නත් මාත්‍රාව වහාම ලබා ගත හැකිය.
මීට පෙර බූස්ටර් එන්නත ලෙස ඔස්ට්‍රේලියාවේ ලබාදීමට අනුමැතිය හිමිව තිබුණේ Pfizer එන්නත පමණක් නමුත් ඊට පසුව Moderna එන්නතටද ATAGI වෙතින් අවසර ලැබුණි.
මෙම බූස්ටර් එන්නත ගැනීම දිරිමත් කිරීම සඳහා, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් ඔස්ට්‍රේලියාව තුළ විවිධ බූස්ටර් එන්නත් ප්‍රවර්ධන ව්‍යාපාර ක්‍රියාත්මක කරයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වැඩිහිටියන් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව
කොවිඩ් වයිරසයට නිරාවරණය වුවහොත් වයස අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයින්, අවුරුදු 65 සහ ඊට වැඩි නිදන්ගත රෝග ඇති පුද්ගලයින්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති අවුරුදු 50 සහ ඊට වැඩි ඇබෝර්සජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව 2020 ජනවාරි මාසයේ සිට වියපත් ඔස්ට්‍රේලියානුවන් 1,910 දෙනෙකුට COVID-19 හේතුවෙන් ජීවිත අහිමි වී ඇත.
ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද සමඟ මෙම ආසාදන අවදානම විශේෂයෙන් වැඩි වන අතර කොවිඩ් එන්නත් මගින් වයිරසය නිසා ඇතිවන දරුණු රෝගාබාධ හෝ මරණ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරයි.
ඔස්ට්‍රේලියාවේ මුලින්ම බූස්ටර් එන්නත ලබා දුන්නේ වියපත් ඔස්ට්‍රේලියානුවන් හටය.
වයස අවුරුදු 18ට වැඩි ඔස්ට්‍රේලියානුවන් රජය විසින් අනුමත කරන ලද බූස්ටර් එන්නත් සඳහා සුදුසුකම් ලබයි.
aged care මධ්‍යස්ථානවල පදිංචිකරුවන්ට මධ්‍යම රජයේ එන්නත් සායනවලින් ඔවුන්ගේ මූලික සහ බූස්ටර් කොවිඩ් එන්නත් ලබා ගත හැකිය.
residential aged care පදිංචිකරුවන් සඳහා කොවිඩ් එන්නත් කිරීම පිළිබඳ වැඩිදුර උපදෙස් හෝ බූස්ටර් එන්නත ගැනීමට වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

ළමුන් සඳහා කොවිඩ් එන්නත්
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු පහ සහ 11 අතර ළමුන් සඳහා Pfizer එන්නත ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය හා ATAGI විසින් තාවකාලිකව අනුමත කර තිබේ.
මෙම අනුමැතිය පදනම් වී ඇත්තේ එන්නත ඉතා ඵලදායී බවත් බොහෝ අතුරු ආබාධ මෘදු සහ ස්ථිර නැති බවත් පෙන්නුම් කරන මෑතකාලීන සායනික පරීක්ෂණයක ප්‍රතිඵල මත බව ATAGI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම එන්නත ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කිරීම් දැන් සිදුකළ හැකි අතර එන්නත් ලබා දීම 2022 ජනවාරි 10 සිට ආරම්භ වේ.
පවුලේ වෛද්‍යවරුන්, ඇබෝර්ඛ්‍ජීනියානු සෞඛ්‍ය සේවා, ප්‍රජා ඔසුසැල්, සහ ප්‍රාන්ත සහ ටෙරිටරි සායන හරහා මෙම එන්නත් ලබා ගත හැකිය.
එන්නත් මාත්‍රා දෙක අතර සති අටක පරතරයක් ATAGI නිර්දේශ කර ඇති නමුත් ප්‍රජාවේ කොවිඩ් ආසාදිතයින් වැඩිවීම වැනි විශේෂ අවස්ථා වලදී එය සති තුනක් දක්වා කෙටි කළ හැක.
දරුණු රෝගාබාධ සඳහා සෞඛ්‍ය අවදානම් සාධක සහිත වයස අවුරුදු පහේ සිට 11 දක්වා ළමුන්ට, ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන් සහ ජනාකීර්ණ ප්‍රදේශවල හෝ වයිරසය පැතිර යන ප්‍රදේශවල ජීවත් වන ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීමෙන් බොහෝ දුරට ප්‍රතිලාභ ලැබෙන බව ATAGI පැවසීය.
මීට පෙර COVID-19 වැළඳී ඇති මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ඔවුන් සුව වූ පසු එන්නත ලබා ගත හැකිය.
ළමුන් සඳහා නිර්දේශිත මාත්‍රාව වැඩිහිටියන්ට ලබා දෙන මාත්‍රාවට වඩා වෙනස් වේ.
වයස අවුරුදු 12 හෝ ඊට වැඩි ළමුන් සඳහා මයික්‍රොග්‍රෑම් 30 ක් ලබාදෙන අතර ඊට අඩු අය සඳහා මයික්‍රොග්‍රෑම් 10 ක මාත්‍රාවක් ලබා දේ.
පළමු මාත්‍රාවෙන් පසුව වයස අවුරුදු 12 සම්පූර්ණ වන දරුවන්ට ඔවුන්ගේ දෙවැනි එන්නත සඳහා වැඩිහිටියන්ට ලබාදෙන Pfizer එන්නත් මාත්‍රාව ලබා ගත හැක.

අමතර සහය ලබාගන්නේ කෙසේද?
Omicron ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 'අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක්' ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බූස්ටර් එන්නත් පිළිබඳ දැනුවත් කිරීමේ උත්සාහයන් අලුත් කළේය.
කොවිඩ් සඳහා තවදුරටත් විකල්ප ප්‍රතිකාර පවතින විට පවා බූස්ටර් එන්නත් මාත්‍රා වැදගත් වන්නේ මන්දැයි COVID-19 ප්‍රාථමික සත්කාර ප්‍රතිචාර පිළිබඳ පළමු සහකාර ලේකම් වෛද්‍ය Lucas De Toca පැවසීය.
“අවාසනාවකට මෙන්, COVID-19 සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත,” ඔහු පැවසීය.
මූලික එන්නත් කිරීමේදී දෙවන මාත්‍රාව ලබා දුන් දින සිට මාස පහකට පසු බූස්ටර් එන්නත් ලබා ගත හැකි අතර, එම දිනය පුද්ගලයෙකුගේ ඩිජිටල් එන්නත් සහතිකයේ ඇත.
දෙසැම්බර් 15 සිට ළමුන් සඳහා වන එන්නත් ඇතුළුව සියලුම එන්නත් වෙන් කිරීම් vaccine clinic finder හරහා සිදු කළ හැකිය.
ඔබට restriction checker හරහා ඔබේ ප්‍රාන්තයේ පවතින කොවිඩ් නීති හා සීමා පිළිබඳ යාවත්කාලීන විය හැකිය.
ඔස්ට්‍රේලියානු භාෂා පරිවර්තන සේවා (ATIS) හරහා COVID-19 පිළිබඳ තොරතුරු පිළිබඳ ඔබේ භාෂාවෙන් පරිවර්තකයෙකු සමඟ සම්බන්ධ වීමට 1800 131 450 අමතන්න.
COVID-19 එන්නත් කිරීම සහ එන්නත් වෙන්කරවා ගැනීම් පිළිබඳ වැඩි විස්තර සඳහා 1800 020 080 දුරකථන අංකය හරහා ජාතික කොරෝනා වයිරස් උපකාරක සේවාව අමතන්න.
COVID-19 පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය වෘත්තිකයා සම්බන්ධ කර ගැනීම නිර්දේශ කෙරේ.
කොවිඩ් එන්නත් පිළිබඳ උපදෙස් අඛණ්ඩව අලුත්වෙමින් පවතින බැවින්, සිංහල භාෂාවෙන් ඒ පිළිබඳ තොරතුරු කියවීමට SBS සිංහල වෙබ් අඩවියේ කොරෝනා වයිරස් පෝටලයට මෙතනින් පිවිසෙන්න.

