ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ PR ලාභියෙකු නොවන අය බූස්ටර් එන්නතක් වෙන්කරගන්නේ කෙසේද? (SBS සිංහල/ වාර්තා)

ඔබ විදේශීය සංචාරකයෙකු, ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු, සංක්‍රමණික සේවකයෙකු හෝ රැකවරණ පතන්නෙකු ඇතුළු විදේශීය ජාතිකයෙකු නම් සහ Medicare කාඩ්පතකට ප්‍රවේශය නොමැති නම්, බූස්ටර් එන්නතක් ලබා ගැනීමට පෙර ඔබට ඔස්ට්‍රේලියාවේ එන්නත් වාර්තාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය වනු ඇත.

An artwork showing two people hugging in the arrivals hall

Vaccines are free for everyone in Australia. Source: AAP

Omicron කොවිඩ් ප්‍රභේදයේ පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් දිනයේ පටන් කොවිඩ් බූස්ටර් එන්නත ලබාගැනීමට ඇති කාලපරතරය මාස 6 සිට මාස 5 දක්වා අඩු කර තිබේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) විසින් අනුමත කරන ලද හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා ඇත්නම් ඔබ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බව සලකයි.
  • ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනය (AIR) ඔස්ට්‍රේලියාවේ සියලුම පුද්ගලයින්ට ලබා දුන් එන්නත් පිළිබඳ වාර්තා කරයි.
  • ඔබට කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීමට පෙර එන්නත්කරණ ස්ථානයේදී ඔබේ එන්නත් ලබා ගැනීමේ ඉතිහාසය තහවුරු කිරීමට හෝ වලංගු කිරීමට අවශ්‍ය වනු ඇත.

ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන අනෙකුත් වීසා ලාභීන් ද මෙම කොවිඩ් බූස්ටර් එන්නත නොමිලේ ලබාගැනීමට හිමිකම් කියයි.

ඒ සඳහා ඔබ වේලාවක් වෙන්කරවාගන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් සඳහා

පළමු පියවර: ඔබ පිළිගත් කොවිඩ් එන්නතක් ලබාගෙන ඇති බවට වග බලා ගත යුතුයි

ඔබ ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) විසින් අනුමත කරන ලද හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා ඇත්නම්  ඔබ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බව සලකනු ලැබේ.

දැනට මෙයට පහත සඳහන් එන්නත් ඇතුළත් වෙයි:

  • දින 14 ක පරතරයක් සහිතව Vaxzevria (AstraZeneca) එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම
  • දින 14 ක පරතරයක් සහිතව Covishield (AstraZeneca) එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම
  • දින 14 ක පරතරයක් සහිතව Comirnaty (Pfizer/BioNtech) එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම
  • දින 14 ක පරතරයක් සහිතව Spikevax හෝ Takeda (Moderna) එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම
  • දින 14 ක පරතරයක් සහිතව Coronavac (Sinovac) එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම
  • දින 14 ක පරතරයක් සහිතව Covaxin (Bharat Biotech) එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම
  • දින 14 ක පරතරයක් සහිතව BBIBP-CorV (Sinopharm) එන්නතේ මාත්‍රා දෙකක් ලබා තිබීම
 

  • Janssen-Cilag (Johnson & Johnson) එන්නතේ එක් මාත්‍රාවක් ලබා තිබීම.
ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනෙකුත් කොවිඩ් එන්නත් අඛණ්ඩව ඇගයීමට ලක් කරමින් ඒවා ඉහත ලැයිස්තුවට එක් කරයි.

2 වන පියවර: ඔබ විදේශීය රටක ගත් එන්නත් ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයට එකතු කිරීම

ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් නම් හෝ විදේශයන්හි සිට ආපසු පැමිණෙන ස්ථිර පදිංචිකරුවෙකු නම් හෝ, ඔබට Medicare කාඩ්පතක් වෙත ප්‍රවේශය තිබිය යුතුය.

එමඟින් ඔබ වෙනත් රටකදී එන්නත් ලබාගෙන තිබුණත් ඒවා තම ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයට එකතු කිරීම ඉතා පහසුවෙන් කළ හැකිය.

ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනය (AIR) ඔස්ට්‍රේලියාවේ සියලුම පුද්ගලයින්ට ලබා දුන් එන්නත් පිළිබඳ වාර්තා කරයි.

ඔබට කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීමට පෙර එන්නත්කරණ ස්ථානයේදී ඔබේ එන්නත් ලබා ගැනීමේ ඉතිහාසය තහවුරු කිරීමට හෝ වලංගු කිරීමට අවශ්‍ය වනු ඇත.

ඔබේ අතීත එන්නත් වාර්තා ඉංග්‍රීසියෙන් තිබිය යුතුය (මුල් හෝ පරිවර්තිත ඒවා). ඔබ ඔබේ එන්නත් ඉතිහාසය පරිවර්තනය කර ගැනීමට කැමති නම්, NAATI අනුමත පරිවර්තකයෙකු වෙත යාම වඩාත් සුදුසුය.

පිළිගත් භාෂා පරිවර්තකයෙකු සොයා ගැනීමට, NAATI වෙබ් අඩවියට පිවිසෙන්න.

3 වන පියවර: ඔබේ බූස්ටර් එන්නත වෙන්කරවා ගන්න

ඔබට ආසන්නතම කොවිඩ් එන්නත් සපයන්නෙකු සොයා ගැනීම සඳහා Vaccine Clinic Finder වෙත පිවිසෙන්න.
Eligible Australians Urged To Get Vaccinated.
A nurse administers the Pfizer vaccine to a client at the St Vincent's Covid-19 Vaccination Clinic in Sydney. Source: Getty Images AsiaPac

විදේශීය පුරවැසියන් සඳහා

ඔබ විදේශීය සංචාරකයෙකු, ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු, සංක්‍රමණික සේවකයෙකු හෝ රැකවරණ පතන්නෙකු ඇතුළු විදේශීය ජාතිකයෙකු නම් සහ Medicare කාඩ්පතකට ප්‍රවේශය නොමැති නම්, බූස්ටර් එන්නතක් ​​ලබා ගැනීමට පෙර ඔබට ඔස්ට්‍රේලියාවේ එන්නත් වාර්තාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය වනු ඇත.

පළමු පියවර: myGov ගිණුමක් නිර්මාණය කරන්න

ඕනෑම අයෙකුට myGov ගිණුමක් නිර්මාණය කළ හැකිය. එහිදී තම විදේශ ගමන් බලපත්‍රය සහ වීසා විස්තර ඇතුළත් කිරීමට අවශ්‍වේ.

ආරක්ෂක හේතූන් මත myGov ගිණුමක් නිර්මාණය කිරීමට ඔබට වලංගු ඔස්ට්‍රේලියානු දුරකථන අංකයකට ප්‍රවේශය අවශ්‍ය වනු ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

2 වන පියවර: ඔබේ Individual Healthcare Identifier නිර්මාණය කිරීම

Individual Healthcare Identifier (IHI) යනු ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අරමුණු සඳහා පුද්ගලයෙකු හඳුනා ගැනීමට උපකාර වන අද්විතීය අංකයකි.

ඔබට Medicare කාඩ්පතක් හෝ Veteran (DVA) කාඩ්පතක් තිබේ නම් ඔබට IHI අවශ්‍ය නොවේ.

නමුත් ඒවා නොමැති විට IHI ලබා ගැනීම පහසුය. මෙහි ඇති පෝරමය භාවිතා කිරීමෙන් ඔබට IHI සඳහා අයදුම් කළ හැකිය. කෙසේ වෙතත්, IHI නිර්මාණය කිරීම සඳහා online අයදුම් කිරීම ඉක්මන් වේ. එසේ කිරීමට, ඔබේ myGov ගිණුමට log වී, services තොගත යුතුය නැතිනම් ඔබේ පළමු සේවාවට සම්බන්ධ කළ යුතුය. ලැයිස්තුවෙන් IHI සේවාව තෝරන්න, ඉන්පසු ඔබේ IHI ලබා ගැනීමට සහ එය ඔබේ myGov ගිණුමට සම්බන්ධ කිරීමට අදාළ උපදෙස් අනුගමනය කරන්න.

3 වන පියවර: ඔබේ බූස්ටර් එන්නත වෙන්කරවා ගන්න

ඔබ ඔබේ myGov ගිණුම නිර්මාණය කර සහ IHI අංකය ලබාගත් පසු, ඔබේ බූස්ටර් එන්නත වෙන්කරවාගත හැකිය.

ඔබට ආසන්නතම කොවිඩ් එන්නත් සපයන්නෙකු සොයා ගැනීම සඳහා Vaccine Clinic Finder වෙත පිවිසෙන්න.

එහිදී Medicare කාඩ්පතක් නොමැති පුද්ගලයින් සඳහා තිරයේ පතුලේ ඇති කොටුව tick කරන්න.

ඒ හරහා Medicare කාඩ්පතක් නොමැතිව බූස්ටර් එන්නත ගැනීමට වේලාවක් වෙන්කරවා ගත හැකි අදාළ සායන වෙත ඔබව යොමු කරනු ඇත.

ඔබේ IHI අංකය සමග ඔබේ පෙර ලබාගත් කොවිඩ් එන්නත් පිළිබඳ සාක්ෂිද රැගෙන යාමට අමතක නොකරන්න.

බූස්ටර් එන්නත සෑම කෙනෙකුටම නොමිලේ ලබාදෙන අතර, ඇතැම් ඖෂධවේදීන් (pharmacists) ඔබේ එන්නත් වාර්තාව පිළිවෙලට සැකසීමට යම් ගාස්තුවක් අය කළ හැකිය.

එම ගාස්තුව එක් ඔසුසලකින් තවත් ඔසුසලකට වෙනස් විය හැකි බැවින් වේලාව වෙන්කරනවිට එම ගාස්තු පිළිබඳ ද විස්තර පරීක්ෂා කිරීම සැමවිටම බුද්ධිමත් ක්‍රියාවකි.

Share

Published

Updated

By Akash Arora, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service