වැඩිවන නිවාස සහ දේපල වෙළදපොල පාලනය සදහා ප්‍රාන්ත සහ Territory රජයන් තවත් කල යුතු දේ ඇතැයි භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පවසයි. ඔහු සදහන් කරන්නේ, සමහරක් ප්‍රාන්ත සහ Territory තුල ඉඩම් සැලසුම් කිරීමේදී ක්‍රියත්මක අනවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක බවත් ඒවා ඉවත් කල යුතු බවත්ය. ඒ මගින් නිවාස සැපයුම වැඩි කල හැකි බව ඔහුගේ මතය වී තිබේ.
වත්මන් නිවාස මිල ගණන් සමගින් නිවසක් මිලදී ගැනීම සාමාන්‍ය ජනතාවට අපහසු කාරණයක් බවට පත්ව ඇති අතර, නිවාස මිල ගණන් සහ වේතන අතර පරතරය වැඩි වීමද මෙම තත්වය තවත් එක හේතුවක් වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ විවධ ප්‍රාන්ත සහ Territory නිවාස සහ දේපල වෙළදපොල තුල මේ වන විට ක්‍රියත්මක වන ආකාරය පිළිබද විමසා බැලීමක් මෙම ලිපියෙන්.
AUD 600,000 ක වටිනාකමට, සාමාන්‍ය අදායමක් ඇති අයෙකුට ඕස්ට්‍රේලියාවේ විවධ ප්‍රාන්ත සහ Territory වලින් මිලදී ගත හැකි නිවාස පිළිබද විමර්ශනයක් (2011 වසරේ සංගණ දත්ත වලට අනුව )
සිඩ්නි
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1488.00
සාමාන්‍ය නිවසක මිල - AUD 880,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 3.6% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 500,000
NSW ප්‍රාන්තයේ Granville ප්‍රදේශයේ කාමර දෙකක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Granville ප්‍රදේශය පිහිටා ඇත්තේ සිඩ්නි ප්‍රධාන නගරයේ සිට විනාඩි 30ක පමණ දුරින් බව සදහන් )
මෙල්බර්න්
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1230.00
සාමාන්‍ය නිවසක මිල - AUD 605,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 8.2% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 330,000
VIC ප්‍රාන්තයේ Kingsbury ප්‍රදේශයේ කාමර හතරක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Kingsbury ප්‍රදේශය පිහිටා ඇත්තේ මෙල්බර්න් ප්‍රධාන නගරයේ සිට විනාඩි 30ක පමණ දුරින් බව සදහන් )
බ්‍රිස්බේන්
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1388.00
සාමාන්‍ය නිවසක මිල - AUD 497,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 4.3% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 325,000
QLD ප්‍රාන්තයේ Tingalpa ප්‍රදේශයේ කාමර පහක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Tingalpa ප්‍රදේශය පිහිටා ඇත්තේ බ්‍රිස්බේන් ප්‍රධාන නගරයේ සිට විනාඩි 30ක පමණ දුරින් බව සදහන් )
පර්ත්
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1459.00
සාමාන්‍ය නිවසක මිල - AUD 523,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 4.8% ක අඩු වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 370,000
East Perth ප්‍රදේශයේ කාමර තුනක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(East Perth ප්‍රදේශය පිහිටා ඇත්තේ පර්ත් ප්‍රධාන නගරයේ සිට විනාඩි 8 ක පමණ දුරින් බව සදහන් )
ඩාර්වින්
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1806.00
සාමාන්‍ය නිවසක මිල - AUD 565,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 6.5% ක අඩු වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 342,000
Fannie Bay ප්‍රදේශයේ කාමර තුනක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Fannie Bay ප්‍රදේශය පිහිටා ඇත්තේ ඩාර්වින් ප්‍රධාන නගරයේ සිට විනාඩි 10ක පමණ දුරින් බව සදහන් )
හෝබාර්ට්
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1065.00
සාමාන්‍ය නිවසක මිල - AUD 355,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 4.9% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 260,000
හෝබාර්ට් ප්‍රධාන නගරයේ කාමර තුනක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
කැන්බරා
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1947.00
සාමාන්‍ය නිවසක මිල - AUD 623,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 6% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 385,000
ACT හී Kaleen, ප්‍රදේශයේ කාමර හතරක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Kaleen ප්‍රදේශය පිහිටා ඇත්තේ කැන්බරා ප්‍රධාන නගරයේ සිට විනාඩි 15ක පමණ දුරින් බව සදහන් )
ඇඩිලේඩ්
සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1106.00
සාමාන්‍ය නිවසක මිල - AUD 440,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 3.5% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 280,000
SA හී Plympton, ප්‍රදේශයේ කාමර දෙකක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
( Plympton,ප්‍රදේශය පිහිටා ඇත්තේ ඇඩිලේඩ් ප්‍රධාන නගරයේ සිට විනාඩි 10ක පමණ දුරින් බව සදහන් )

