ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව නිවාස වෙළදපොල වෙනස්වීම පිළිබද විමසා බැලීමක් (SBS සිංහල /වාර්තා)

සමහරක් ප්‍රාන්ත සහ Territory තුල ඉඩම් සැලසුම් කිරීමේදී ක්‍රියත්මක අනවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක බවත් ඒවා ඉවත් කල යුතු බවත් භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් මහතාගේ මතය වී තිබේ. ඒ මගින් නිවාස සැපයුම වැඩි කල හැකි බව ඔහුගේ අදහසයි.

A property under construction

A property under construction. Source: AAP

වැඩිවන නිවාස සහ දේපල වෙළදපොල පාලනය සදහා ප්‍රාන්ත සහ Territory රජයන් තවත් කල යුතු දේ ඇතැයි භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පවසයි. ඔහු සදහන් කරන්නේ, සමහරක් ප්‍රාන්ත සහ Territory තුල ඉඩම් සැලසුම් කිරීමේදී ක්‍රියත්මක අනවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක බවත් ඒවා ඉවත් කල යුතු බවත්ය. ඒ මගින් නිවාස සැපයුම වැඩි කල හැකි බව ඔහුගේ මතය වී තිබේ.


වත්මන් නිවාස මිල ගණන් සමගින් නිවසක් මිලදී ගැනීම සාමාන්‍ය ජනතාවට අපහසු කාරණයක් බවට පත්ව ඇති අතර, නිවාස මිල ගණන් සහ වේතන අතර පරතරය වැඩි වීමද මෙම තත්වය තවත් එක හේතුවක් වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ විවධ ප්‍රාන්ත සහ Territory නිවාස සහ දේපල වෙළදපොල තුල මේ වන විට ක්‍රියත්මක වන ආකාරය පිළිබද විමසා බැලීමක් මෙම ලිපියෙන්.

AUD 600,000 ක වටිනාකමට, සාමාන්‍ය අදායමක් ඇති අයෙකුට ඕස්ට්‍රේලියාවේ විවධ ප්‍රාන්ත සහ Territory වලින් මිලදී ගත හැකි නිවාස පිළිබද විමර්ශනයක් (2011 වසරේ සංගණ දත්ත වලට අනුව )

සිඩ්නි

MAP:distance between Sydndey and Granville

සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1488.00
සාමාන්‍ය නිවසක මිල - AUD 880,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 3.6% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල  - AUD 500,000
NSW ප්‍රාන්තයේ Granville ප්‍රදේශයේ කාමර දෙකක නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Granville ප්‍රදේශය පිහිටා ඇත්තේ සිඩ්නි ප්‍රධාන නගරයේ සිට විනාඩි 30ක  පමණ දුරින් බව සදහන් )

මෙල්බර්න්

MAP:distance between Melbourne and Kingsbury


සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1230.00
සාමාන්‍ය නිවසක මිල - AUD 605,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 8.2% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 330,000
VIC  ප්‍රාන්තයේ Kingsbury  ප්‍රදේශයේ කාමර හතරක  නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Kingsbury ප්‍රදේශය පිහිටා ඇත්තේ මෙල්බර්න්  ප්‍රධාන නගරයේ සිට විනාඩි 30ක  පමණ දුරින් බව සදහන් )

බ්‍රිස්බේන්

MAP:distance between Brisbane and Tingalpa


සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1388.00
සාමාන්‍ය නිවසක මිල - AUD 497,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 4.3% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල - AUD 325,000
QLD   ප්‍රාන්තයේ Tingalpa   ප්‍රදේශයේ කාමර පහක   නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Tingalpa ප්‍රදේශය පිහිටා ඇත්තේ බ්‍රිස්බේන්   ප්‍රධාන නගරයේ සිට විනාඩි 30ක  පමණ දුරින් බව සදහන් )

පර්ත්

MAP:distance between Perth and East Perth


සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1459.00
සාමාන්‍ය නිවසක මිල - AUD 523,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 4.8% ක අඩු වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල  - AUD 370,000
East Perth  ප්‍රදේශයේ කාමර තුනක    නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(East Perth ප්‍රදේශය පිහිටා ඇත්තේ පර්ත්    ප්‍රධාන නගරයේ සිට විනාඩි 8 ක  පමණ දුරින් බව සදහන් )

ඩාර්වින්

MAP:distance between Darwin and Fannie Bay


සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1806.00
සාමාන්‍ය නිවසක මිල - AUD 565,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 6.5% ක අඩු  වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල  - AUD 342,000
Fannie Bay ප්‍රදේශයේ කාමර තුනක  නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Fannie Bay ප්‍රදේශය පිහිටා ඇත්තේ ඩාර්වින්  ප්‍රධාන නගරයේ සිට විනාඩි 10ක  පමණ දුරින් බව සදහන් )

හෝබාර්ට්

MAP:Hobart Tasmania


සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1065.00
සාමාන්‍ය නිවසක මිල - AUD 355,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 4.9% ක වැඩි  වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක මිල  - AUD 260,000
හෝබාර්ට් ප්‍රධාන නගරයේ  කාමර තුනක    නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000

කැන්බරා

MAP:distance between Canberra  and Kaleen


සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1947.00
සාමාන්‍ය නිවසක මිල - AUD 623,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 6% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක   මිල  - AUD 385,000
ACT  හී    Kaleen,   ප්‍රදේශයේ කාමර හතරක    නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
(Kaleen  ප්‍රදේශය පිහිටා ඇත්තේ කැන්බරා    ප්‍රධාන නගරයේ සිට විනාඩි 15ක  පමණ දුරින් බව සදහන් )

ඇඩිලේඩ්

MAP:distance between Adelaide  and Plympton


සාමාන්‍ය නිවසක සතියේ අදායම - AUD 1106.00
සාමාන්‍ය නිවසක මිල - AUD 440,000.00 (මෙම වර්ෂයේ ජුනි මස නිවාස මිල ගණන් අනුව. පසුගිය 2015 වසරේ නිවාස මිල ගණන් සමග සංසන්දනය කිරීමේදී මෙය 3.5% ක වැඩි වීමක් බව සදහන්.)
වසර 10කට පෙර සාමාන්‍ය නිවසක   මිල  - AUD 280,000
SA   හී    Plympton,   ප්‍රදේශයේ කාමර දෙකක     නිවසක 2016 වසර වන විට සාමාන්‍ය මිල - AUD 600,000
( Plympton,ප්‍රදේශය පිහිටා ඇත්තේ ඇඩිලේඩ්     ප්‍රධාන නගරයේ සිට විනාඩි 10ක  පමණ දුරින් බව සදහන් )

Share

5 min read

Published

Updated

By Sanjaya Dissanayake




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service