ගංවතුරෙන් බලපෑමට ලක්වූවන්ට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් ලබාදෙන සහන මෙන්න (SBS සිංහල/ වාර්තා)

ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරෙන් බලපෑමට ලක්වූ නගර සභා කලාපවල බදු ගෙවන්නන් සඳහා සහය ලබා දීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පියවර ගෙන තිබේ.

Australian Taxation Office

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහය දක්වන බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) යළිත් තහවුරු කර තිබේ.

මේ බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර ඇත.


Highlights

  • ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරෙන් බලපෑමට ලක්වූ නගර සභා කලාපවල බදු ගෙවන්නන් සඳහා සහය ලබා දීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පියවර ගෙන තිබේ.
  • මෙම බදු ගෙවන්නන්ට 2022 මාර්තු 28 දක්වා අදාළ Tax Returns යොමු කළ හැකි අතර ඔවුන්ට එම දිනය වන විට Tax Returns යොමු කළ හැකි නම් ඒ සඳහා කල් ඉල්ලීමක් ඉල්ලා සිටීම අවශ්‍ය නොවේ.
  • ගංවතුර හේතුවෙන් ඔබේ බදු තත්වයන් වෙනස් වී ඇත්නම්, ඔබට ඔබේ GST වාර්තා කිරීම සහ ගෙවීම මාසිකව කළ හැකිය.

ගංවතුරේ ක්ෂණික බලපෑම් සම්බන්ධයෙන් තවමත් කටයුතු කරන ජනතාව ආදායම් බදු ගැන කරදර නොවිය යුතු බවත් වර්තමානයේ ඔවුන් මුහුණ දී ඇති ගැටළු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Andrew Watson පැවසීය.

තමන්ගේ ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් ගැටළු ඇති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය හෝ තමන්ගේ බදු නියෝජිතයාව හෝ සම්බන්ධ කරගන්නා ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැනුම් දෙයි.

"ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට මෙවැනි ව්‍යසනයන් ඇතිවූ විට දීර්ග කාලීන බලපෑම් ඇතිවන බව අපට වැටහෙනවා. එවැනි මිනිසුන්ට නැවත තම සුපුරුදු ජීවිතයට පැමිණීමට උපකාර කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය කැපවී සිටිනවා." යනුවෙන් සහකාර කොමසාරිස් Andrew Watson ප්‍රකාශ කළේය.

Flooded scenes in the town of Ballina, Northern NSW, on Wednesday.
Flooded scenes in the town of Ballina, Northern NSW, on Wednesday. Source: AAP / JASON O’BRIEN/AAPIMAGE

සුළු පරිමාන ව්‍යාපාරිකයින්ට සහ ඒක පුද්ගල බදු ගෙවන්නන්ට සහය

ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරෙන් බලපෑමට ලක්වූ නගර සභා කලාපවල සුළු පරිමාන ව්‍යාපාරිකයින් සහ ඒක පුද්ගල බදු ගෙවන්නන් ආදායම් බදු ගෙවීම සඳහා සහය ලබා ගැනීම පිණිස business activity statements සහ instalment notices ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට යොමු කළ යුතුය.

එම කලාපවල ගංවතුරෙන් පීඩාවට පත් බදු ගෙවන්නන් හට දැන් ලැබිය යුතු business activity statements සඳහා දුරකතන ඇමතුම් දී කල් දැමීමක් ඉල්ලා සිටීමට අවශ්‍ය නැති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Andrew Watson පැවසීය.

මෙම බදු ගෙවන්නන්ට 2022 මාර්තු 28 දක්වා අදාළ Tax Returns යොමු කළ හැකි අතර ඔවුන්ට එම දිනය වන විට Tax Returns යොමු කළ හැකි නම් ඒ සඳහා කල් ඉල්ලීමක් ඉල්ලා සිටීම අවශ්‍ය නොවේ.

2022 මාර්තු 28 වන විට Tax Returns යොමු කළ නොහැකි නම්, බදු ගෙවන්නන්ට හෝ ඔවුන්ගේ බදු නියෝජිතයාට කල් දැමීමක් සඳහා ඉල්ලුම් කළ හැකිය. එය එක් එක් පුද්ගලයාගේ තත්ත්වය අනුව ලබා දෙනු ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔබට ගැලපෙන සැලැස්මක්

ඒ ඒ පුද්ගලයාගේ තත්ත්වය මත පදනම්ව, ATO විසින් ඔබට සහ ඔබේ සුළු පරිමාන ව්‍යාපාරයට ගැලපෙන සැලැස්මක් සකස් කරනු ඇත.

ආපදාවකදී හෝ යම් ව්‍යසනයකදී ඔබේ වාර්තාවලට හානි වී හෝ විනාශ වී ඇත්නම්, ATO හට ආදායම් බදු වාර්තා, activity statements සහ notice of assessments නැවත නිකුත් කළ හැක.

ඔබට ඔබේ ආදායම් බදු ගොනු අංකය (tax file number) නැති වී ඇත්නම්, ඔබ කවුරුන්ද යන්න තහවුරු කිරීමට සහ ඔබේ බදු තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඔබට උපකාර කිරීමට ATO හට වෙනත් ක්‍රමයක් භාවිත කළ හැක.

ගංවතුර හේතුවෙන් ඔබේ බදු තත්වයන් වෙනස් වී ඇත්නම්, ඔබට ඔබේ GST වාර්තා කිරීම සහ ගෙවීම මාසිකව කළ හැකිය.



Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now