SKIP TO MAIN CONTENT

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් පිළිබඳ ඔස්ට්‍රේලියානු රජයේ අලුත්ම හෙළිදරව්ව මෙන්න.

AUS Govt. issue a clue that how future migrants should be chosen.
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන සංක්‍රමණිකයින් ප්‍රමාණය කප්පාදු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔස්ට්‍රේලියාව තුළට ගනු ලබන්නේ කුමන පුද්ගලයින්ද යන්න සූක්ෂමව තෝරාගැනීමක් සිදු කළ යුතු බවත් ඔස්ට්‍රේලියාවේ වැඩ බලන අග්‍රාමාත්‍ය Mathias Cormann පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවේ වැටුප් සහ නිවාස මිල ගණන් සම්බන්ධ පීඩනය සමනය වන තෙක් සහ පැමිණ සිටින සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ජන සමාජයත් සමග හොඳින් බද්ද වන තෙක් ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය දැඩි ලෙස අඩු කළ යුතු බවට ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය Tony Abbott ගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස වැඩ බලන අග්‍රාමාත්‍ය Mathias Cormann  මේ බව පවසා ඇත.

මේ වන විට ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව සංක්‍රමණිකයින් 190,000 ක් බාරගන්නා අතර එය 110,000 කට අඩු කිරීම Tony Abbott ගේ අපේක්ෂාව වේ.

කෙසේවෙතත්, පැවති කම්කරු පක්ෂ රජය සමයේ තිබූ සංක්‍රමණික ආගමන ප්‍රමාණය වත්මනය වන විට සැලකිය යුතු ලෙස අඩු මට්ටමක ඇති බවත් වැඩදායී සංක්‍රමණිකයින්  පමණක් ඕස්ට්‍රේලියාවට බාරගැනීම රජයේ අරමුණ බවත්  Mathias Cormann වැඩි දුරටත් සඳහන් කළේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now