ඔස්ට්‍රේලියානු වීසා 60,000ක් අහෝසි කරයි : වීසා පද්ධතියම සංශෝධනය කරයිද? (SBS සිංහල /වාර්තා)

වර්තමානයේ පවතින සංකීර්ණ වීසා ආකෘතිය සහ අනාගත වර්ධනය උදෙසා නවීන යටිතල ව්‍යුහයන් සහ ව්‍යාපාර පුරුදු හේතුවෙන් දැනට පවතින වීසා ක්‍රමය සංශෝධනය කළ යුතු බව ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo පෙන්වා දෙයි.

Australia cancels visas

Source: SBS News

ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2015 – 2016 කාලය ඇතුළත 60,000 කට අධික සංඛ්‍යාවක වීසා අහෝසි කර තිබෙන බව ඔස්ට්‍රේලියාවේ ඇස්තමේන්තු පිළිබඳ සෙනට් කමිටුව පැවසීය.

ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙසේ වීසා අහෝසි කරනු ලැබුවේ විවිධ හේතු නිසා බව දෙපාර්තමේන්තු ලේකම් Michael Pezzullo පැවසීය. ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ නියමිත වීසා කාලයෙන් පසුව ද රැඳී සිටිය 15,000 කට වැඩි පිරිසකගේ වීසා අහෝසි කර තිබෙන අතර ලේකම් Pezzullo පැවසුවේ එම සංඛ්‍යාවෙන් බොහෝ දෙනෙකු තම වීසා ගැටලුව විසඳා ගැනීමට ස්වේච්ඡාවෙන්ම ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව අමතා තිබේ.

පසුගිය 2014 දෙසැම්බර් සිට 2016 ජුනි කාලය තුළ 488 ඛාණ්ඩයේ වීසා අයදුම්කරුවන්ගේ වීසා 1530ක් අහෝසි කර ඇති බවද ඔහු පැවසීය.

වර්තමානයේ පවතින සංකීර්ණ වීසා ආකෘතිය සහ අනාගත වර්ධනය උදෙසා නවීන යටිතල  ව්‍යුහයන් සහ ව්‍යාපාර පුරුදු හේතුවෙන් දැනට පවතින වීසා ක්‍රමය සංශෝධනය කළ යුතු බව ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo පෙන්වා දෙයි.

මීට අමතරව මෙම වසර අග භාගයේදී නවතම ආකාරයේ සංචාරක වීසා කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. එම නවතම වීසා අතරට වසර 10 ක බහුගුණ යාම් ඊම් (multiple entry) වීසා ඛාණ්ඩයක් පොදුවේ සංචාරකයන් හට ලබා දීමට අපේක්ෂිතය. මෙම වීසා ඛාණ්ඩය යටතේ මාස 3ක කාලයක් නොකඩවා ඔස්ට්‍රේලියාව තුළ සිටීමට හැකි වන අතර වසර 10ක් පුරාවට සීමාරහිතව යාම් ඊම් සිදු කිරීමට හැකිය. නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වන විට චීන පුරවැසිභාවය ඇති පුද්ගලයන් හට පමණක් මෙම වීසා ලබාදෙන බව සඳහන්.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now