SKIP TO MAIN CONTENT

අවසානයේදී Diamond Princess නෞකාවේ සිටින කොරෝනා වෛරස රෝගීන් 16 දෙනා ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට අගමැති මොරිසන් තීරණය කරයි.

An ambulance leaves a port where the quarantined Diamond Princess cruise ship is docked Sunday, Feb. 16, 2020, in Yokohama, near Tokyo.
An ambulance leaves a port where the quarantined Diamond Princess cruise ship is docked Sunday, Feb. 16, 2020, in Yokohama, near Tokyo. Source: AP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ජපානයේ දැනට නැංගුරම් ලා තිබෙන Diamond Princess නම් වන මගී නෞකාවක කොටුවී සිටින ඕස්ට්‍රේලියානුවන් ඉන් ඉවත් කොට ගෙන මෙරටට රැගෙන ඒමට රජය තීරණය කරයි.

අද - සඳුදා (17 Feb) අගමැති ස්කොට් මොරිසන් මේ බව නිවේදනය කොට සිටි අතර මෙම බදාදා එනම් පෙබරවාරි 20 දා ක්වන්ටාස් ගුවන් යානයකින් එම නැවේ කොටුවී සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන ඒමේ සැලසුමක් ප්‍රකාශයට පත් කළේය.

මෙලෙස රැගෙන එන පිරිස් ඩාවින් නගරය වෙත ගෙන ගොස් දින 14 ක් රඳවාගෙන නිරෝධායනය කරනු ලැබේ.

Diamond Princess නම් වන මෙම නැව සති දෙකකට වැඩි කාලයක් තිස්සේ ජපානයේ යොකොහාමා වරායේ නැව්ගත කර ඇති අතර එම නෞකාවේ ඕස්ට්‍රේලියානුවන් 200 ක් පමණ සිටිති.

නැවේ සිටින මගීන්ගෙන් 355 ක් දෙනෙකු හට කොරොන වයිරස් ඇති බව තහවුරු වී ඇති අතර ඉන් 16 දෙනෙකු ඕස්ට්‍රේලියානුවන් ය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now