ඔස්ට්‍රේලියාව කොවිඩ් සමඟ කටයුතු කරන ආකාරය ජනවාරි 1 සිට වෙනස් වෙයි, සියලු වෙනස්කම් මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 2023 වසර සඳහා ජාතික COVID-19 කළමනාකරණ සැලැස්මක් සඳහා ඩොලර් මිලියන 2.8 ක් ආයෝජනය කරනු ඇති අතර, 2023 ජනවාරි සිට වසංගතය සමඟ කටයුතු කිරීමට රජයේ උපාය මාර්ගය දියත් කරනු ඇත.

PCR tests can be conducted by yourself at home, at private clinics or state-run testing hubs before you travel interstate.

Australian will soon need a doctor's referral to get a COVID-19 PCR test. Source: AAP

ඔස්ට්‍රේලියාව COVID-19 සමඟ කටයුතු කරන ආකාරය 2023 ජනවාරි 1 සිට වෙනස් වේ.

අවම වශයෙන් වසර දෙකක කාලයක් සඳහා නව COVID-19 රැළි නිතිපතා අපේක්ෂා කරන බවට අනතුරු අඟවා තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන්ට 2023 ජනවාරි සිට නොමිලේ PCR පරීක්ෂණයකට ප්‍රවේශ වීම වඩාත් අපහසු වනු ඇත.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 2023 වසර සඳහා ජාතික COVID-19 කළමනාකරණ සැලැස්මක් සඳහා ඩොලර් මිලියන 2.8 ක් ආයෝජනය කරනු ඇති අතර, 2023 ජනවාරි සිට වසංගතය සමඟ කටයුතු කිරීමට රජයේ උපාය මාර්ගය දියත් කරනු ඇත.

කොවිඩ් නිසා ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට ඇතිවී ඇති පීඩනය ලිහිල් කිරීමේ උත්සාහයක් ලෙස ඔස්ට්‍රේලියාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා රජය සිය සහයෝගය ඉලක්ක කරන බවත්, COVID සඳහා සුවිශේෂී අවධානය යොමු කිරීම ඉවත් කර එයට අනෙකුත් ශ්වසන පද්ධතියට සම්බන්ධ වයිරස් රෝගයකට සමාන ආකාරයකින් ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවත් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

ඒ සමග අඩු ආදායම්ලාභී ඔස්ට්‍රේලියානුවන්ට නොදැනුවත්වම කොවිඩ් ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වඩාත් දුෂ්කර කර වන බවට කම්කරු පක්ෂය අනතුරු අඟවා තිබේ.
මේ සමග කොවිඩ් වසංගතය අතරතුර ක්‍රියාත්මක කරන ලද මානසික සෞඛ්‍ය වැඩසටහනක් නැවත්වීමට තීරණයක් ගැනීමට යාම සම්බන්ධයෙන් විපක්ෂය සිය අප්‍රසාදය පළ කර තිබේ.

නව ප්‍රභේද මතුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly අනතුරු ඇඟවූ අතර අවම වශයෙන් 2025 වසර අවසානය දක්වා COVID-19 රැළි ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන බව එයින් අදහස් කෙරේ.

නමුත් ඩෙල්ටා ප්‍රභේදය හා සම්බන්ධ ඉහළ මරණ අනුපාත යළි ඇති වීමට ඉඩක් නොමැති බවට මහාචාර්ය Kelly ඔස්ට්‍රේලියානුවන්ට සහතික වී තිබේ.
s
Australians have been told to expect new variants for at least two years. Source: AAP

මානසික සෞඛ්‍ය සේවා සඳහා වෙනස්කම්

2020 දී සිදුකළ lockdown කිරීම්වල උච්චතම අවස්ථාව වන විට, මානසික සෞඛ්‍ය ආබාධයකින් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ට Medicare ප්‍රතිලාභ දෙන මනෝවිද්‍යාඥ හමුවීම් 20 කට ප්‍රවේශය ලබා දෙන ලදී.

නමුත් එය 2023 වසරේ සිට එහි මුල් සංඛ්‍යාව වූ 10 දක්වා අඩු කරන බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Butler දෙසැම්බර් 12 වන දින හෙළිකළේය.

ස්වාධීන අධ්‍යයනයකින් පසු ඉහළ ආදායම් ලබන ඔස්ට්‍රේලියානුවන් මෙම වැඩසටහනට ප්‍රවේශ වීමට වැඩි ඉඩක් ඇති බව සොයා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

සාමාන්‍ය මානසික පීඩාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් පීඩා විඳිමින් සිටියද අඩු ආදායම්ලාභී පුද්ගලයින් මනෝවිද්‍යාඥයින් හමුවීමේ පොරොත්තු ලේඛනවල පිරී ඉතිරි ඇති බව දැකගන්නට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"බොහෝ දුරට මග හැරී ඇති කණ්ඩායම් සඳහා මෙම වැදගත් වැඩසටහන සඳහා වඩාත් සාධාරණ ප්‍රවේශයක් ඇති බවට සහතික කර ගැනීම වැදගත්" යනුවෙන්ද ඔහු පැහැදිලි කළේය.
ජීවන වියදම් පීඩනය ඉහළ යන බැවින් සහ වසංගතයේ බලපෑම් තවමත් දැනෙමින් පවතින බැවින් මානසික සෞඛ්‍ය සේවා සහාය වඩා වැදගත් විය නොහැකි වේ දැයි සෞඛ්‍ය පිළිබඳ විපක්ෂයේ නියෝජිතවරිය වන Anne Ruston පැවසුවාය.

ලිබරල් සන්ධානය තම පාලන කාලයේ හඳුන්වා දුන් මානසික සෞඛ්‍ය සේවා පැකේජය අවලංගු කිරීම සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත් ක්‍රියාවක් ලෙස ඇය විස්තර කළාය.

අවදානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය මනෝවිද්‍යා සැසි සඳහා අඛණ්ඩව ප්‍රවේශය තිබීම අතිශයින්ම වැදගත් බව ඇය අවධාරණය කළාය.

කොවිඩ් පරීක්ෂණ වල වෙනස්කම් සහ Long COVID අනාවැකිය

දරුණු රෝගාබාධ අවම කිරීම සඳහා හොඳම සැලැස්ම ලෙස නොමිලේ කොවිඩ් එන්නත් ලබාදීම දිගටම පවතිනු ඇති අතර, සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන් සඳහා මුඛ ප්‍රතිවෛරස් ප්‍රතිකාර පුළුල් කරනු ඇත.

2023 ජනවාරි 1 වැනිදා සිට ඔස්ට්‍රේලියානුවන්ට Medicare අරමුදල් සහිත PCR පරීක්ෂණ සඳහා ප්‍රවේශ වීමට වෛද්‍ය හෝ හෙද වෘත්තිකයෙකුගෙන් යොමු කිරීමක් (referral) අවශ්‍ය වේ.

නොමිලේ PCR පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක කරන රාජ්‍ය කොවිඩ් පරීක්ෂණ සායන සඳහා සිය 50% ක අරමුදල් සැපයීම දීර්ඝ කිරීමට මධ්‍යම රජය එකඟ වී ඇත.
නමුත් 2020 සහ 2021 හි COVID-19 උච්චතම අවස්ථාවන්හිදී රජය විසින් පවත්වාගෙන යනු ලබන අඩවි සංඛ්‍යාව අඩු වී ඇත.

පහළ අවදානම් සහිත පුද්ගලයින්ට PCR පරීක්‍ෂණයක් ලබා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය අවශ්‍යතාවක් හෝ නිර්දේශයක් නොමැති බවද අදාළ නව සැලැස්ම පවසයි.

ඔස්ට්‍රේලියාවේ වසංගත ප්‍රතිචාරයේ වැඩි වැඩියෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ප්‍රතිවෛරස් ප්‍රතිකාර, rapid antigen හෝ PCR පරීක්ෂණයක් හරහා ධනාත්මක බව පරීක්‍ෂා කරන සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට ලබා ගත හැකිය.

මේ අතර 2021 අග සහ 2022 මුල් භාගයේදී ඔස්ට්‍රේලියාවේ පැතිරුණු ආසාදනයක් ඇති කළ Omicron විකෘති ප්‍රභේදය Long COVID වලට තුඩු දීමට ඇති ඉඩකඩ අඩුය.

ඔස්ට්‍රේලියාවේ මුල් කොවිඩ් මාත්‍රා දෙකේ එන්නත් අනුපාතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Long COVID අත්දැකීම වෙනත් බොහෝ රටවලට වඩා වෙනස් විය හැකි අතර, ඔස්ට්‍රේලියාවේ පුළුල් ආසාදන මට්ටම් ඇති වූයේ Omicron ප්‍රභේදය මතුවීමෙන් පසුව පමණක් බව එම සැලැස්ම පවසයි.


Share

Published

By Finn McHugh, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service