ඔස්ට්‍රේලියාව තුළ ජාතිකවාදී හා වර්ගවාදී මෙන්ම අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජන වේගයෙන් ඉහළ යමින් පවතී.
ඔස්ට්‍රේලියාවේ දේශීය ආරක්‍ෂක හා විමර්ශන සේවාවන් ඒ පිළිබඳ අනාවරණය කර තිබේ.
Highlights
- ගතවූ මාස 18 තුළ ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික අන්තවාදී ත්‍රස්ත විමර්ශන 750% කින් ඉහළ ගොස් ඇත.
- ක්ෂණික ප්‍රචණ්ඩකාරී තර්ජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායමට හැකිය.
- ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායම සිදුකරන විමර්ශන වලින් 15% ක්ම මෙම ජාතිකවාදී හා වර්ගවාදී අන්තවාදයේ තර්ජන සම්බන්ධ ඒවා වේ.
ඔස්ට්‍රේලියාවේ ජාතිකවාදී හා වර්ගවාදී මෙන්ම අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජන
ගතවූ මාස 18 තුළ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායම (JCCT) ඔස්ට්‍රේලියාවේ ජාතිකවාදී, වර්ගවාදී සහ අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමර්ශනය කරනු ලබන සිදුවීම් සංඛ්‍යාව 750% කින් ඉහළ ගොස් තිබේ.
ත්‍රස්තවාදයට එරෙහි සහ විශේෂ විමර්ශන සඳහා අණදෙන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහකාර කොමසාරිස් Scott Lee, SBS පුවත් සේවය සමග සිදුකළ සාකච්ඡාවකදී මේ බව හෙළි කළේය.
එම තර්ජන තවදුරටත් ඉහළ යනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
2019 සිට 2020 මුල දක්වා කාලයේ කැපී පෙනෙන ලෙස ඔස්ට්‍රේලියාවේ ජාතිකවාදී හා වර්ගවාදී ප්‍රචණ්ඩ අන්තවාදයේ තර්ජන හා සිදුවීම් වර්ධනය වී ඇති බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායම සිදුකරන විමර්ශන වලදී පෙන්නුම් කර ඇතැයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහකාර කොමසාරිස් Scott Lee පැවසීය.
"මේ මොහොතේ අප දකින ප්‍රමාණයට වඩා එය වැඩි වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. නමුත් එය කෙතරම් දුරට වැඩි වේදැයි මේ මොහොතේ නිශ්චය කිරීම දුෂ්කරයි." යනුවෙන් ද ඔහු පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායම සිදුකරන විමර්ශන වලින් 15% ක්ම මෙම ජාතිකවාදී හා වර්ගවාදී අන්තවාදයේ තර්ජන සම්බන්ධ ඒවා වේ.
"අපගේ වැඩ ප්‍රමාණයෙන් 85% ක පමණ කොටසක් ඉස්ලාමීය හෝ ආගමික වශයෙන් උනන්දු කරන ලද ප්‍රචණ්ඩ අන්තවාදය සම්බන්ධ ඒවායි." යනුවෙන් ද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහකාර කොමසාරිස් Scott Lee පැවසීය.

වසංගතය නිසා වැඩිවන අන්තවාදය
ක්ෂණික ප්‍රචණ්ඩකාරී තර්ජනයක් එල්ල වන අන්තවාදී ක්‍රියා විමර්ශනය කිරීමේ වගකීම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායමට (JCCT) පැවරේ.
මේ වසර මුලදී ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක බුද්ධි සංවිධානය (ASIO) තහවුරු කළේ තම රාජකාරීවලින් 50% ක් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල සිදුවීම් විමර්ශනයට සම්බන්ධ බවය.
එය වසර 2019 ට පෙර 10% ට වඩා වැඩි ප්‍රමාණයක පැවතුණි.
ASIO මෙන් නොව, ක්ෂණික ප්‍රචණ්ඩකාරී තර්ජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායමට හැකිය.
තර්ජනයක් හෝ හිංසනයක් සිදුකරන පුද්ගලයින් දකින තැන ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායම විසින් පියවර ගනු ඇත.

2020 ට වසර කිහිපයකට පෙර අන්තවාදී දක්ෂිණාංශික ක්‍රියා හා තර්ජන සම්බන්ධයෙන් ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායමට තිබූ වැඩ කොටස ඔවුන්ගේ සමස්ත රාජකාරී ප්‍රමාණයෙන් 2% ක් පමණ විය.
නමුත් COVID-19 වසංගතයේ බලපෑම අන්තවාදී කණ්ඩායම්වල ජාතිවාදී ක්‍රියා සහ වර්ගවාදී ක්‍රියා පැතිරීම වේගවත් කළ බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහකාර කොමසාරිස් Scott Lee, SBS පුවත් සේවයට පැවසීය.
lockdown කිරීම් සහ මිනිසුන් වැඩි කාලයක් අන්තර්ජාලය හා සම්බන්ධවී සිටීම වැනි පරිසරයන් අන්තවාදී කණ්ඩායම්වල මතවාද පැතිරවීමට සහ මිනිසුන්ව ඒවාට පෙළඹවීමට මහත් රුකුලක් වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
යුදෙව්-විරෝධී, මුස්ලිම්-විරෝධී, ස්වදේශික ජනයාට විරෝධය පෑම වැනි වර්ගවාදී ක්‍රියා ඒ අතරින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන්ම මෙම මතවාදයන්ට තරුණ තරුණියන් ගොදුරු වන බවත් විය හැකි බවත් පැහැදිලිව පෙනෙන්නට ඇති බවද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහකාර කොමසාරිස් Scott Lee ප්‍රකාශ කළේය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

