SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සිදු කළ මැතිවරණ ව්‍යාපාරවල පසු විපරම

මෙහිදී අගමැති ටර්න්බුල්ගේ මාතෘකාවන් වූයේ විරැකියාව සහ ජාතික ආරක්ෂාව වන අතර බිල් ශෝර්ටන් ප්‍රකාශ කර සිටියේ ආධුනිකත්ව පුහුණු සැලැස්ම සඳහා ඩොලර් මිලියන 62ක් වෙන් කරන බවයි.

Malcolm Turnbull, Bill Shorten
Prime Minister Malcolm Turnbull and Labor leader Bill Shorten took the federal election campaign to Perth Tuesday (14/06/2016) Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය අගහරුවාදා (14/06/2016) අගමැති මැල්කම් ටර්න්බුල් සහ විපක්ෂ නායක බිල් ශෝර්ටන් තම මැතිවරණ ව්‍යාපාර පැවැත්වුයේ පර්ත් නගරෙයේදීය.

මෙහිදී අගමැති ටර්න්බුල්ගේ මාතෘකාවන් වූයේ විරැකියාව සහ ජාතික ආරක්ෂාව වන අතර බිල් ශෝර්ටන් ප්‍රකාශ කර සිටියේ ආධුනිකත්ව පුහුණු සැලැස්ම සඳහා ඩොලර් මිලියන 62ක් වෙන් කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැඩි අවධානයක් යොමු කිරීමටද අපේක්ෂකයන් දෙදනා කැමැත්ත පළ කර තිබුණි.

අගමැති ටර්න්බුල් තම බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති  තම මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය සටහන් කළේ ලිබරල් පක්ෂයට  හිමි කොවැන් ඡන්ද බල ප්‍රදේශයෙනි. එහිදී ඔහු සුළු පරිමාණ ව්‍යාපාරකයින් හට ලබාදෙන බදු සහනය පිළිබඳ කතා කළේය.

වත්මන්  සන්ධාන රජය පසුගිය මැයි මාසයේ එළි දැක්වූ අය වැයෙන් සමාගම් වලට සීමාවාසික  පදනම යටතේ ශ්‍රමිකයන් බඳවා ගැනීම උනන්දු කරවූ අතර එහි කාලය සති 12ක් ලෙස සඳහන් කළේය. මේ අනුව එසේ සහභාගී වන සීමාවාසික  ශ්‍රමිකයන්  හට සති දෙකකට  $200ක් ලබා දීමටද  .පොරොන්දු විය.

මෙහිදී තරුණ තරුණියන් ඇමතූ අගමැති ටර්න්බුල් පැවසුවේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් රැකියා උත්පාදනය සිදුවන  බවයි.

මේ අතර විපක්ෂ නායක බිල් ශෝර්ටන් මහතා දක්ෂතාවන් සහ ආධුනිකත්ව පුහුණුව පිළිබඳ කම්කරු පක්ෂයේ සැලැස්ම ඉදිරිපත් කළේය.

කම්කරු පක්ෂයේ මෙම සැලැස්ම යටතේ මාස හයකට වඩා වැඩි කාලයක් විරැකියාවෙන් සිටි පුද්ගලයන් හට සති 20ක පූර්ව ආධුනිකත්ව පුහුණුවක් ලබා දීමට නියමිතයි. මෙම පූර්ව ආධුනිකත්ව පුහුණුව සඳහා විෂයයන් තෝරා ගැනෙන්නේ වාර්ෂික කුසලතා ලැයිස්තුවට අනුව බවද  ඒ මහතා ප්‍රකාශ කරයි.

මෙම පූර්ව ආධුනිකත්ව පුහුණු වැඩසටහනට අවස්ථා 10,000ක්  අන්තර්ගත වන අතර ඉන් 5000ක් පරිණත සේවකයන්ගේ සේවක අත්දැකීම් සුදුසුකම් බවට පත් කිරීමට යොදා ගැනෙනු ඇත.

මීට අමතරව ඇබොර්ජීනියානු පුරවැසියන් හට ව්‍යවස්ථාවේ  ඉඩක් වෙන් කිරීමෙන්  අනතුරුව ඔවුන්ගේ සන්ධානයක් සමග සාකච්ඡා සිදු කළ  යුතු බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් ප්‍රකාශ කර ඇත. නමුත්  එසේ  ඇබොර්ජීනියානු පුරවැසි සන්ධානයක් සමග සාකච්ඡා සිදු කිරීම ව්‍යවස්ථාව සඳහා  ලැබෙන ජනතා සහයට හානියක් විය හැකි බව අගමැති ටර්න්බුල් ප්‍රකාශ කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now