“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” : ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමට මරණ දඬුවම හඳුන්වා දෙන්න - ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක්

ත්‍රස්තවාදයට එරෙහිව රජය ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳ මෙහිදී ඡන්ද දායකයින්ගෙන් විමසා තිබුණි. ඒ අනුව 54%ක් දෙනා පැවසුවේ මරණ දඬුවම හඳුන්වා දිය යුතු බවයි.

Armed Australian Federal Police officers

Armed Australian Federal Police officers are seen at Parliament House in Canberra Source: AAP

ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධවී නීතියට හසුවූ පුද්ගලයන්ට මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් පැමිණවීම තමන් අනුමත කරන බව ඇතැම් ඡන්ද දායකයන් පවසයි. SBS මාධ්‍ය ජාලය සිදු කළ නවතම සමීක්ෂණයේ ප්‍රතිපල අනුව මේ බව හෙළිවී තිබේ.

ත්‍රස්තවාදයට එරෙහිව රජය ගත යුතු පියවර මොනවාද යන්න පිළිබඳ මෙහිදී ඡන්ද දායකයින්ගෙන් විමසා තිබුණි. ඒ අනුව 54%ක් දෙනා පැවසුවේ මරණ දඬුවම හඳුන්වා දිය යුතු බවයි. ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුරේ රැඩිකල්වාදයට එරෙහිව මහජන නායකයන් ගෙන යන සටනට මෙහිදී 84%ක් සහය පළ කර තිබේ. තවත් 15%ක් කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්ට තම ආත්මාරක්ෂාව සඳහා තුවක්කු භාවිතයට ඉඩ දිය යුතු බවයි.

නමුත් පසුගියදා ඇමෙරිකාවේ ඕර්ලන්ඩෝ හීදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් 83%ක් දෙනා ප්‍රකාශ කර සිටියේ තුවක්කු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පවතින නීති තවත් දැඩි කළ යුතු බවයි.  මේ අතර සැක කටයුතු පුද්ගලයන් පොලිස් භාරයට ගැනීමේදී පොලීසියට තවත් බලය දිය යුතු බවට 69%ක් දෙනා කැමැත්ත පළ කොට තිබේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now