SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” - සංක්‍රමණිකයින්ගේ ආගමට වඩා ඉංග්‍රීසී කතා කිරීම වැදගත්: SBS මාධ්‍ය ජාලය පැවැත්වූ නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි

81% දෙනා සංක්‍රමණිකයින්ගේ ඉංග්‍රීසී කතා කිරීමේ හැකියාව අතිශයින්ම වැදගත් කොට සැලකූ අතර 83%ක් කියා සිටියේ සංක්‍රමණිකයින්ගේ සුදුසුකම් සහ කුසලතාවන් වැදගත් බවයි.

SBS
SBS commissioned Essential Media poll Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ඉංග්‍රීසී කතා කිරීමේ හැකියාව ඔවුන් කුමන ආගමේද, කුමන රටෙන් පැමිණියාද යන්නට වඩා වැදගත් බව ඔස්ට්‍රේලියානු ඡන්ද දායකයින් විශ්වාස කරන බව හෙළි වී තිබේ. SBS මාධ්‍ය ජාලය පැවැත්වූ නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

මෙම සමීක්ෂණයේදී ඔස්ට්‍රේලියානු ඡන්ද දායකයින්ගෙන් මෙරටට පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ පැතිකඩ කිහිපයකින් ප්‍රශ්න කෙරුණි. එම පිළිතුරු අතරින් 81% දෙනා කියා සිටියේ සංක්‍රමණිකයින්ගේ ඉංග්‍රීසී කතා කිරීමේ හැකියාව අතිශයින්ම වැදගත් බවයි. 83%ක් කියා සිටියේ සංක්‍රමණිකයින්ගේ සුදුසුකම් සහ කුසලතාවන් වැදගත් බවයි. 67%ක් පැවසුවේ ඔවුන් සරණාගතයින් ද නැද්ද යන්න වැදගත් බවයි.

මෙම සමීක්ෂණයේ විශ්ලේෂක පීටර් ලුවිස් පැවසුවේ ප්‍රතිපල වලට අනුව සංක්‍රමණිකයින්ගේ ඉංග්‍රීසී කතා කිරීමේ හැකියාව සහ වෘත්තීය සුදුසුකම් මෙහිදී කැපී පෙනුණු වැදගත්කමක් උසුලන බවයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ආගම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බව 47%ක් ප්‍රකාශ කර ඇත. මේ අතර සංක්‍රමණිකයින්ගේ වයස වැදගත් වන බව 55%ක් දෙනා පවසා තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ සංක්‍රමණිකයින්ගේ ආගම, ජාතිය සහ වයස පිළිබඳ ඔස්ට්‍රේලියානු ඡන්ද දායකයින් වැඩි අවධානයක් යොමු නොකරන බවත් මේ අනුව බලන කළ ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයින් හට තවමත් විවර වී ඇති බව තහවුරු වී ඇති බවත්  පීටර් ලුවිස් පෙන්වා දෙයි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now