SBS ගුවන් විදුලිය විසින් සිදු කරන ලද නවතම මත විමසුමකට අනුව බොහෝ ඕස්ට්‍රේලියානුවන් මැතිවරණයේදී සෞඛ්‍ය, අධ්‍යාපනය පිලිබඳ ප්‍රතිපත්ති වෙත වැඩි උනන්දුවක් දක්වන බව හෙළිවී තිබෙනවා. ඒ අතරම ආර්ථික කලමණාකරණය සහ නිවාස මිල පිළිබඳවත් අවදානය යොමු වී තිබෙනවා.
Essential Media ආයතනය විසින් සිදු කල මේ සමීක්ෂණයට අනුව , ප්‍රතිජනනය කල හැකි බලශක්තීන් ආදිය පිලිබඳ ප්‍රතිපත්ති වෙත අවදානය යොමු වී තිබේ.
එසේම මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් තම මතය වෙනස් කල නොහැකි වූ බව 36%ක් දෙන ප්‍රකාශ කොට තිබේ. නමුත් ප්‍රධාන පක්ෂ දෙක අතර මනාපයේ සුළු වෙනස්වීම් දක්නට ලැබුනා. කම්කරු පක්ෂයට කැමැත්ත දැක්වූ 4% ක් දැන් ලිබරල් සන්ධානයට චන්දය ප්‍රකාශ කරන බවත්, ලිබරල් සන්ධානයට කැමති වූ 3%ක් දැන් කම්කරු පක්ෂයට මනාප බව පවසා තිබේ.
11%ක් දෙන තමන් කාට චන්දය ප්‍රකාශ කරනවාද යන බවට තීරණය කොට නැහැ.
තරුණ චන්දදායකයන් අතර නිවාස මිල පිලිබඳ කරුණු කෙරේ වැඩි උනන්දුවක් ....
මෙම සමීක්ෂනයට් අනුව අවුරුදු 18-34ත් අතර පුද්ගලයන් 62%ක් නිවාස මිල පිළිබඳව අවදානය යොමු කරනවා. medicare හා සොඛ්‍ය පිළිබඳව 59%ක් ද, ප්‍රතිජනය කල හැකි බලශක්ති 58%ක්ද, රැකියා පිලිබඳ 58%ක්ද උනන්දු වෙනවා.
39%කට සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳවත් , වයස අවු 35ට වැඩි පුද්ගලයන්ට වඩා තරුනයනට සමලිංගික විවාහ පිලිබඳ වැඩි උන්නදුවක්ද (44%) දක්වා තිබෙනවා.
වයස අවු 35ට වැඩි පුද්ගලයන්ට වඩා තරුනයන් NBN කෙරේ (42%) අවදානය යොමු කරනවා.
වයස 55ට වැඩි පුද්ගලයන් අතර medicare හා සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් ...
මැතිවරන ප්‍රචාර කටයුතු වලදී පසුගිය සති වලදී medicare හා සෞඛ්‍ය පිලිබඳ කරුණු දැනගැනීම වයස 55ට වැඩි පුද්ගලයන්ව 84% කට අවශ්‍ය ව තිබෙනවා.
එසේම ඔවුන්ගෙන් 75%ක් ආර්ථික කලමනාකරනය , 69%ක් රැකියා උත්පාදනය , 62%ක් බදු පිළිබඳවද අවදානය යොමු කරනවා. තරුණයනට සමාන ලෙස මොවුන්ද 59%ක් medicare හා සෞඛ්‍ය පිලිබඳ සේවයක් සිදු විය යුතු බවට සිතනවා.
සියලු චන්දදායකයන් රැකියා උත්පාදන ප්‍රතිපත්ති පිලිබඳ දන ගැනීමට කැමතියි....
සියලු චන්දදායකයන් රැකියා උත්පාදන ප්‍රතිපත්ති පිලිබඳ දන ගැනීමට කැමති බව ප්‍රකාශ කර තිබෙනවා. කම්කරු චන්ද දායකයන් 64%ක්ද ලිබරල් හා ජාතික චන්ද දායකයන්ද එකසේ රැකියා පිලිබඳ අවධානය යොමු කරන බව පවසනවා. ග්‍රීන්ස් චන්ද දායකයන් ගෙන් 62%ක්ද රැකියා ප්‍රතිපත්ති කෙරේ වැඩි උනන්දුවක් දක්වනවා.
තරුණ පවුල් වල අවධානය දේශගුණ විපර්යාස හා ප්‍රතිජනනය කල හැකි බලශක්ති කෙරේ යොමු වී තිබේ
සමීක්ෂයට සහභාගී වූ පුද්ගලයන් ගෙන් 59%ක් ප්‍රධාන පක්ෂ සියල්ලම ප්‍රතිජනනය කල හැකි බලශක්ති කෙරේ අවධානය යොමු කල යුතු බව පැවැසුවා
HongKong හි උපත ලද නව සීලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වු Elaine Dunwoody පවසන්නේ තවමත් චන්ද ප්‍රකාශ කරන පක්ෂය තීරණය කර නැතත් දේශගුණ විපර්යාස වැදගත් බවත්, තම දරුවාට තිරසාර පරිසරයක් අනාගතයක් අවශ්‍ය බවත් ඇය පවසනවා. කම්කරු හෝ ග්‍රීන්ස් හෝ තම කාට චන්දය ප්‍රකාශ කරනවාද යන්න ඇය තවම තීරණය කර නැහැ.
සමීක්ෂණයට අනුව පක්ෂ වල ප්‍රතිපත්ති පිලිබඳ දැන ගැනීමට පහත ආකාරයට කැමැත්ත පල කර සිටිනවා
Q - Between now and the election do you want to hear more or less about the parties’ policies on any of the following issues?
People who said they wanted to hear more about issues
| Issue | Aged 18-34 | Aged 35-54 | Aged 55+ |
|---|---|---|---|
| Same sex marriage | 44% | 27% | 18% |
| Education funding | 55% | 61% | 59% |
| Housing affordability | 62% | 54% | 56% |
| Protecting the environment | 52% | 47% | 52% |
| The NBN | 42% | 38% | 40% |
| Renewable energy | 58% | 57% | 62% |
| Taxation | 52% | 57% | 62% |
| Immigration | 39% | 37% | 47% |
| Creating employment | 58% | 61% | 69% |
| Health and Medicare | 59% | 69% | 84% |
| Climate change | 48% | 41% | 44% |
| Managing the economy | 53% | 59% | 75% |
SOURCE: Essential media
කෙසේවෙතත් Essential Media ආයතනය පවසන්නේ මුළු රටම නියෝජනය වීමක් මෙම සමීක්ෂණ නියැදියකින් සිදු කිරීම අසීරු බවයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
- සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
- සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
- සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
- සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

