ඔස්ට්‍රේලියාවේ පොදු ජනතාවට අනුකූල වන sexual harassment laws හෙවත් ලිංගික හිංසා පිළිබඳ නීතිවලට ඉදිරියේදී ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් මෙන්ම අධිකරණ විනිසුරුවරුන් ද යටත් වන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන නීති ප්‍රතිසංස්කරණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සැලසුමට මෙය අයත් වේ.
Highlights
- ලිංගික හිංසා පිළිබඳ නීතිවලට ඉදිරියේදී ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් මෙන්ම අධිකරණ විනිසුරුවරුන් ද යටත්වේ.
- මෙම නව නීති යටතේ ඔස්ට්‍රේලියානු සේවා ස්ථානයක ලිංගික අපයෝජන හෝ ලිංගික හිංසා සිදුකරන පුද්ගලයෙකු සේවයෙන් පහ කිරීමට බලතල ලැබේ.
- ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගෙන් 39% ක් සහ පිරිමින්ගෙන් 26% ක් මෑතකදී තම සේවා ස්ථානයේ ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බව හෙළිවෙයි.
ලිංගික හිංසන සිදුකරන්නන් සේවයෙන් නෙරපා හැරේ
මෙම නව නීති යටතේ ඔස්ට්‍රේලියානු සේවා ස්ථානයක ලිංගික අපයෝජන හෝ ලිංගික හිංසා සිදුකරන පුද්ගලයෙකු සේවයෙන් පහ කිරීමට බලතල ලැබේ.
ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල සේවකයින්ට මුහුණ පෑමට සිදුවන විවිධ ලිංගික අඩන්තේට්ටන් වලට එරෙහිව ගත යුතු පියවර ඇතුළත් Respect@Work වාර්තාවේ නිර්දේශ වලට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහය පළ කිරීමත් සමග මෙම බලතල ලැබෙනු ඇත.
එම Respect@Work වාර්තාවේ නිර්දේශ 55 ක් ඉදිරිපත් කර තිබේ.
එම නිර්දේශ 55 ම පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ තම රජය පිළිගැනීමට සූදානම් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison අද (08/04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් පැවසීය.

Respect@Work වාර්තාව
Sex Discrimination Commissioner හෙවත් ලිංගික වශයෙන් වෙනස්කොට සැලකීම පිළිබඳ කටයුතු කරන කොමසාරිස් Kate Jenkins විසින් ඔස්ට්‍රේලියානු සේවා ස්ථානවල ලිංගික හිංසනයේ ස්වභාවය සහ ව්‍යාප්තිය පිළිබඳව මාස 18 ක් පුරාවට සිදුකළ විමර්ශන වල අවසන් ප්‍රතිඵලය ලෙස Respect@Work වාර්තාව නිකුත් කෙරිණි.
මෙම වාර්තාව Kate Jenkins විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලබාදී ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය.
නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊට ප්‍රතිචාර දැක්වීමට බොහෝ කාලයක් ගත්තේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සියලු ඔස්ට්‍රේලියානුවාසීන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන හා සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම වාර්තාවට සහය දක්වන බව අගමැති මොරිසන් පැවසීය.
"ලිංගික හිංසනය කුමන මට්ටමකින් හෝ අනුමත කළ නොහැකියි." යනුවෙන් අගමැතිවරයා අද දිනයේ මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
විශේෂයෙන් කාන්තාවන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම මුල්‍ය ආරක්ෂාව ද තහවුරු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
"අපි මෙම ගැටළු වලට විසඳුම් දෙන විට ඔස්ට්‍රේලියානුවන් එකිනෙකාට එරෙහිව සටන් කරන ආකාරයකින් එය නොකිරීම වැදගත්." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison වැඩි දුරටත් සඳහන් කළේය.

වෙනස් කළ යුතු තැන්
සේවා ස්ථානයේ සිදුවන හිංසන නියම වශයෙන් හඳුනාගැනීමට යොදාගන්නා නීතිමය රාමුව ඉතා සංකීර්ණ හා අසීරු බවට Respect@Work වාර්තාව සොයාගෙන ඇති බව සෙනෙට් සභික, නීතිපති Michaelia Cash පැවසුවාය.
එනිසා එම නීතිමය රාමුව සරල සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය බව ඇය සඳහන් කළාය.
ඔස්ට්‍රේලියාවේ සියලුම සේවා ස්ථාන වල ඇති serious misconduct හෙවත් බරපතළ වැරදි යන්නෙහි අර්ථ දැක්වීමට ලිංගික හිරිහැර ද ඇතුළත් කිරීම ට පියවර ගන්නා අතර එනිසාම ලිංගික හිංසනයක් සිදුකරන තැනැත්තාව සේවයෙන් නෙරපීමට අවශ්‍ය නීතිමය බලතල ලැබෙනු ඇත.
මෙම නව නීති යටතේ ලිංගික හිංසන සිදුකරනා දේශපාලනඥයින් ට මෙන්ම අධිකරණ විනිසුරුවරුන් ට ද නීතිය ක්‍රියාත්මක කළ හැකිවේ.
මානව හිමිකම් පිළිබඳ නීති යටතේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා වසර දෙකක් දක්වා වූ කාලයක් ලබා දෙයි.
මෙතෙක් එම කාලය මාස 6 ක් ලෙස පැවතුණි.
අදාළ වින්දිතයින්ට පැමිණිලි කිරීම සඳහා ඉදිරියට පැමිණීමට වැඩි කාලයක් ලබා දීම මෙහි අරමුණ වී ඇත.
මෙම නීති ප්‍රතිසංස්කරණ බලාත්මක කිරීම සඳහා විවිධ වූ නීති ගණනාවක් වෙනස් කිරීමට අවශ්‍ය වනු ඇත.
අවම වශයෙන් ජුනි මස අවසන් වන විට මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන් කැපවන බව අගමැති මොරිසන් පැවසීය.
ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගෙන් 39% ක් සහ පිරිමින්ගෙන් 26% ක් මෑතකදී තම සේවා ස්ථානයේ ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බව Respect@Work වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

