Jobseeker දීමනාව ලබන වසරේත් ගෙවනවාද යන්න ගැන ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් ගෙන් ප්‍රකාශයක් (SBS සිංහල/ වාර්තා)

Prime Minister Scott Morrison during Question Time at Parliament House in Canberra.

Prime Minister Scott Morrison during Question Time at Parliament House in Canberra. Source: AAP

ඔස්ට්‍රේලියාවේ රැකියා විරහිත එනමුත් රැකියාවක් සොයන පුද්ගලයින්ට ලබාදෙන JobSeeker සහන දීමනාව පිළිබඳ ඊයේ (27/10) දිනයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී යළි විවාදයට බඳුන් විය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


JobSeeker දීමනාව ලබා දීම ලබන වසරටත් දිගු කරනවාද සහ එහි මුදල් ප්‍රමාණය වැඩි කරනවාද යන්න පිළිබඳ එහිදී ප්‍රශ්න කෙරුණි.

Millions of Australians on JobSeeker have had their payments cut.
Millions of Australians on JobSeeker have had their payments cut. Source: AAP

JobSeeker දීමනාව ලබා දීම ලබන වසරටත්

JobSeeker දීමනාව මේ වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ලබා නොදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙරදී දැනුම් දී තිබුණි.

මේ අතර JobSeeker දීමනාව මේ වසරෙන් ඔබ්බට ඉහළ අනුපාතයකට ගෙවනු ඇති බවට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ඊයේ (27/10) පාර්ලිමේන්තුවේදී ප්‍රබල ඉඟියක් ලබා දී තිබේ.

කෙසේවෙතත්, JobSeeker දීමනාවේ අගය නැවතත් කොරෝනා වසංගතය ආරම්භ වීමට ප්‍රථමව තිබූ තත්ත්වයට යන බවට (එනම් දිනකට $40 බැගින් වූ දීමනාවක් ලෙස) අගමැති මොරිසන් එහිදී පැවසීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

නමුත් එම දීමනාවේ ඇතැම් සුබ සාධන දීමනා කොටස් නොකඩවා ලැබෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

"නව JobSeeker දීමනාව දැනට හිමිවන මුදල් ප්‍රමාණයට වඩා අඩුවන නමුත් එය පැරණි Newstart දීමනාවට වඩා වැඩි වනු ඇති" යනුවෙන් අගමැති මොරිසන් වැඩි දුරටත් පැහැදිලි කළේය.

Prime Minister Scott Morrison says JobSeeker recipients 'can expect' a supplement to welfare support to continue beyond this year.
Prime Minister Scott Morrison says JobSeeker recipients 'can expect' a supplement to welfare support to continue beyond this year. Source: AAP

Jobseeker දීමනාව

JobSeeker දීමනාව ගෙවනු ලබන්නේ වයස අවුරුදු 22 සහ විශ්‍රාමික වියෙහි අතර පසුවන පුද්ගලයින්ට වන අතර ඔවුන් රැකියා විරහිතව සහ රැකියාවක් සොයන හෝ රැකියාවක් සොයා ගැනීම සඳහා අනුමත ක්‍රියාකාරකම් කරන හෝ පුද්ගලයින් විය යුතුය.

දෙසතියකට වරක් වර්තමානයේ JobSeeker දීමනාව 2020 දෙසැම්බර් 31 තෙක් පිරි නැමෙන්නේ පහත අයුරිනි

  • තනිකඩ පුද්ගලයින්ට: $815.70
  • යැපෙන දරුවන් සිටින තනිකඩ පුද්ගලයින්ට: $862
  • අවුරුදු 60 හෝ ඊට වැඩි තනිකඩ පුද්ගලයින්ට: $862
  • සහකරුට (Partnered): $760.80
how to where a mask
Source: SBS Sinhala

Share

2 min read

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now