ලිහිල් කළ කොරෝනා නීති යටතේ අද - ඔක්තෝම්බර් 27 දා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් වැසියන්ට තම නිවසට අමුත්තන් ගෙන්වා ගත හැක්කේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

Australian Housing Market

Source: AAP

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති අද (27/10) මධ්‍යම රාත්‍රියේ පටන් තවත් ලිහිල් කෙරේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ගේ නිවෙස් වලට අමුත්තන් ගෙන්වා ගැනීමටද හෙට (28/10) සිට අවසර ලැබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඒ පිළිබඳ නීති අද (27/10) දින වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නිවේදනය කළේය.
Victorian Premier Dan Andrews
Victorian Premier Daniel Andrews Source: AAP

නිවසට අමුත්තන් ගෙන්වා ගැනීම

හෙට සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ගේ නිවෙස් වලට අමුත්තන් ගෙන්වා ගැනීමට අවසර ලැබේ.

ඒ අනුව නිවසේ දමා ය නොහැකි දරුවන් වැනි යැපෙන්නන් සමග එක් නිවසකින් වැඩිහිටියන් දෙදෙනෙකු හට එක් දිනකට එක් නිවසකට යා හැකිය.

අදාළ නිවසේ රැදී සිටිය යුතු කාලයේ සීමාවක් නොමැති නමුත් තම නිවසේ සිට කිලෝ මීටර් 25 ක දුරක් ඉක්මවා ගමන් කළ නොහැක.

එලෙස වෙනත් නිවසකට යන අමුත්තන් සඳහා අදාළ දිනයේ ය හැක්කේ එක් නිවෙසකට පමණක් වන අතර එම අමුත්තන් ගෙන්වා ගන්නා නිවසටද එම දිනය තුළ වෙනත් අමුත්තන් ගෙන්වා ගත නොහැකිය.

මෙය අපහසු දෙයක් වුවත් කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධව පවතින භයානකම ස්ථානය ඔබේ නිවස බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (27/10) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

තමන්ගේ නිවසට පැමිණෙන සියලු අමුත්තන්ගේ විස්තර අදාළ දින සමග සටහන් කරගන්නා ලෙසද ප්‍රාන්ත රජය ඉල්ලා සිටී.

යම් ආසාදිත තත්ත්වයක් හමුවේ ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් සොයා යාම සඳහා එම විස්තර ප්‍රයෝජනවත් බව ප්‍රාන්ත රජය පැවසීය.

මේ අතර මෙම ක්‍රමය sharehouses වල සිටින නිවැසියන්ට ඉතා අසීරු තත්ත්වයක් ගෙන දෙන බවත් ඔවුන්ට වෙනත් විකල්ප ක්‍රම අනුගමනය කළ හැකි බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

අදාළ sharehouses වල සිටින නිවැසියන් සමග සාකච්ඡා කර rotation එකකට තම අමුත්තන් ගෙන්වා ගැනීමට හැකි බවත් එසේ නොමැතිනම් ඔබට එළිමහනේ ඇති උද්‍යානයක දී ඔවුන්ව හමුවිය හැකි බවත් ඔහු පැහැදිලි කළේය.
People wearing face masks observe social distance, after shopping at Queen Victoria Market, following Premier Daniel Andrews's announcement.
People wearing face masks observe social distancing, after shopping at Queen Victoria Market, Melbourne. Source: AAP

Face Masks තවමත් අනිවාර්යයි

අද (27/10) මධ්‍යම රාත්‍රියේ සිට කොරෝනා නීති ලිහිල් වුවද වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට තම නිවසින් බැහැරව යාමේදී Face Masks පැළඳීම දැනුම් දෙන තුරු අනිවාර්ය බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අවධාරණය කරයි.

Face Masks පැළඳීම අපහසු කාර්යයක් බවත් එය සාමාන්‍ය කටයුතු වලට බාධාවක් බවත් තමන් දන්නා නමුත් මේ මොහොතේ එය ඉවත් කළ නොහැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

අවම වශයෙන් මේ වසර අග වන තෙක් මෙසේ Face Masks පැළඳීමට සිදුවනු ඇතැයි ඔහු අද (27/10) දින පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

Updated

By Evan Young, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලිහිල් කළ කොරෝනා නීති යටතේ අද - ඔක්තෝම්බර් 27 දා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් වැසියන්ට තම නිවසට අමුත්තන් ගෙන්වා ගත හැක්කේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala