SKIP TO MAIN CONTENT

මෙල්බර්න් Lockdown එක අවසන්. හෙට (27/10) මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් වල ලිහිල් වන කොරෝනා නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

Victoria has recorded zero new coronavirus cases.
Victoria has recorded zero new coronavirus cases. Source: AAP

3 min read

Published

Updated

By Maani Truu, Madhura Seneviratne



Skip to article content

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා තිබෙන Lockdown තත්ත්වය නිමා කරමින් ඇතැම් කොරෝනා නීති හෙට (27/10) මධ්‍යම රාත්‍රියේ සිට තවත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති  Daniel Andrews මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඒ අනුව මෙතෙක් වසා දමා ඇති මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ Hospitality ක්ෂේත්‍රයේ ව්‍යාපාර සහ සිල්ලර ව්‍යාපාර හෙට (27/10) මධ්‍යම රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට අවසර ලැබේ.

එලෙස ලිහිල් කළ කොරෝනා නීති අදාළ දින වකවානු සමග සැකෙවින් මෙසේ ඉදිරිපත් කරමු.

2020 ඔක්තෝබර් 27 මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් වන කොරෝනා නීති

  • මෙතෙක් නිවසින් බැහැරව යාමට අවශ්‍යව තිබූ හේතු හතර ඉවත් කෙරෙන අතර ඕනෑම හේතුවකට වික්ටෝරියානු වාසීන්ට නිවසින් බැහැරව යා හැකිය.
  • ඕනෑම නිවෙස් ප්‍රමාණයකින් පුද්ගලයින් 10 දෙනෙකු දක්වා උපරිමයකට එළිමහනේ රැස්වීමට හැකිය.
  • නිවසකට අමුත්තන් ගෙන්වා ගැනීමේ නීතිද ලිහිල් කෙරෙන අතර ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර හෙට (27/10) දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතය.
  • සිල්ලර ව්‍යාපාර,හෝටල්, අවන්හල්,ආපන ශාලා සහ තැබෑරුම් වැනි Hospitality ක්ෂේත්‍රයේ ව්‍යාපාර සියල්ලම Covid ආරක්ෂිතව යළි විවෘත කිරීමට අවසර ලැබේ. (ඇතුළත උපරිම අමුත්තන් 20 ක් සඳහාත් එළිමහනේ උපරිම අමුත්තන් 50 ක් සඳහාත් අසුන්ගෙන ආහාර පාන ගත හැකිය)

 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

  • රූපලාවන්‍යාගාර, පච්ච කෙටීමේ ස්ථාන සහ විවෘත කළ හැකි නමුත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සඳහා බාහිර ප්‍රජා ක්‍රීඩාවන් ද වැඩිහිටියන් සඳහා වූ බාහිර පුද්ගල ස්පර්ශයක් සිදු නොවන ක්‍රීඩා ද යළි ආරම්භ කළ හැකිය.
  • විවාහ මංගල උත්සව සඳහා සහභගී විය හැකි පිරිස උපරිම 10 දක්වා ඉහළ දැමෙන අතර අවමංගල උත්සව සඳහා 20 දක්වා ඉහළ දැමේ.
  • එක් ආගමික නායකයකු සමග උපරිම පුද්ගලයින් දස දෙනෙකුට ගෘහස්ථව රැස්විය හැකි අතර එළිමහනේ උපරිම පුද්ගලයින් 20 දෙනෙකුට රැස්විය හැකිය.

2020 නොවැම්බර් 08 මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් වන කොරෝනා නීති

  • නිවසේ සිට යා හැකි කිලෝ මීටර් 25 දුර සීමාව ඉවත් කෙරේ.
  • මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාප වැසියන්ට වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වෙත ගමන් කිරීමට තිබූ තහනම ඉවත් කෙරේ.
  • උපරිම පුද්ගලයින් 20 කට යටත්ව කායවර්ධන මධ්‍යස්ථාන සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ.
  • හෝටල්, අවන්හල්,ආපන ශාලා සහ තැබෑරුම් වල ඇතුලත අසුන්ගෙන ආහාර පාන ගන්නා අමුත්තන්ගේ සංඛ්‍යාව 40 දක්වා වැඩි කෙරෙන අතර එළිමහනේ දී නම් 70 දක්වා ඉහළ දැමේ.
  • එක් ආගමික නායකයකු සමග උපරිම පුද්ගලයින් විසි දෙනෙකුට ගෘහස්ථව රැස්විය හැකි අතර එළිමහනේ උපරිම පුද්ගලයින් 50 දෙනෙකුට රැස්විය හැකිය.
  • ගෘහස්ථව උපරිම පුද්ගලයින් 20 දෙනෙකුට අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි අතර එළිමහනේ නම් උපරිම 50 දෙනෙකු සඳහා සහභාගී විය හැකිය.
  • උපරිම පුද්ගලයින් 20 දෙනෙකුට ගෘහස්ථ පිහිනුම් තටාක විවෘත කෙරේ.
  • නවාතැන් පහසුකම් සපයන ස්ථාන යළි විවෘත කෙරේ.
how to where a mask
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now