ඔස්ට්‍රේලියාවේ බහුතරයක් දෙමාපියන් සහ දරුවන් රැකබලා ගන්නන් නොදැන සිටින අමතර Centrelink සහන දීමනා මෙන්න (SBS සිංහල/ වාර්තා)

employment figures, NACA Feature, Coronavirus,

A Centrelink office in Melbourne. Source: Getty Images

ඔබ ඔස්ට්‍රේලියාව තුළ රැකියාවක් කරන දෙමාපියෙක් නම් සහ කොරෝනා වසංගතය නිසා ඔබේ රැකියාවට බලපෑමක් ඇතිවී ඇත්නම් ඔබට විශේෂ childcare සහනයක් ලබා ගැනීමට හැකි බව ඔබ දන්නවාද?


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එමෙන්ම මුත්තණු මිත්තණියන් සහ දෙමාපියන් නොවන රැකබලා ගන්නන් සඳහාද විශේෂ සහන දීමනා ලබා ගැනීමට හැකි බව ඔබ දන්නවාද?
Early education
조기 무상 교육 확대의 학습적 효과는...? Source: AAP

ඔබ ඔස්ට්‍රේලියාව තුළ රැකියාවක් කරන දෙමාපියෙක් නම්

පසුගිය සැප්තැම්බර් මාසයේදී තවත් ඔස්ට්‍රේලියානුවන් 30,000 කට පමණ සිය රැකියා අහිමිවීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ විරැකියාව යළිත් වරක් සියයට 6.9 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය සෑම කෙනෙකුටම පීඩාකාරී කාලයක් වන අතර පවුල් සඳහා අති දුෂ්කර කාලයකි.

කෙසේහෝ ඔබ ඔස්ට්‍රේලියාව තුළ රැකියාවක් කරන දෙමාපියෙක් නම් සහ කොරෝනා වසංගතය නිසා ඔබේ රැකියාවට බලපෑමක් ඇතිවී ඇත්නම් ඔබට විශේෂ childcare සහනයක් ලබා ගැනීමට හැකියාව ඇත.

එයට අනුව childcare සහනාධාරයෙන් (childcare subsidy) දෙසතියකට උපරිම පැය 100 ක් සඳහා ඔබට සුදුසුකම් ලැබිය හැකිය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එලෙස සුදුසුකම් ලැබීම සඳහා ඔබ පහත අවශ්‍යතාවන් සපුරාලිය යුතුවේ:

  • පැය 100 ක childcare සහනාධාරය (childcare subsidy) දැනට ලබාගෙන නොමැති වීම.
  • 2020 ජනවාරි 13 සිට මාර්තු 22 දක්වා කාලය තුළ, ඔබ දෙසතියකට පැය 16 කට වඩා පිළිගත් රැකියාවක් කරමින් සිටීම.
  • දැන්, ඔබ සති දෙකකට පිළිගත් රැකියාවක් පැය අටක් හෝ ඊට වැඩි ගණනක් කරමින් සිටීම.
මෙම සහනය ලබා ගැනීමේදී ඔබේ දරුවාගේ childcare මධ්‍යස්ථානය සමග සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව Services Australia හි සාමාන්‍යධිකාරී Hank Jongen, චැනල් 7 පුවත් වෙබ් අඩවියට පැවසීය.

"අපට ආපසු ගෙවිය හැක්කේ හිඟ දින 28 කට පමණක් බැවින් එම සහනය සඳහා දැන්ම ඉල්ලුම් කරන ලෙස මම ජනතාවගෙන්  ඉල්ලා සිටිනවා" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

"ඊට අමතරව ඔබ JobSeeker හි සිටී නම් හෝ ඔබට දෙමාපිය ගෙවීමක් ලැබෙන්නේ නම් ඔබව අප හඳුන්වන්නේ ‘transitioning to work’ යනුවෙනි. ඔබට childcare සහනාධාරයක් ලැබෙනවා නම්, එවිට ඔබේ childcare ගාස්තුවෙන් සියයට 95 ක් දක්වා ගෙවිය හැකියි" යනුවෙන්ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
A mother pushes a stroller after picking up her child early from childcare in Brisbane.
Source: AAP

වෙනත් රැකබලා ගන්නන් සඳහා ගෙවීම්

මුත්තණු මිත්තණියන් සහ දෙමාපියන් නොවන රැකබලා ගන්නන් ද පහත සඳහන් දෑ ලැබීමට සුදුසුකම් ලබයි.

  • Family Tax Benefit Part A
  • Family Tax Benefit Part B
  • Child Care Subsidy and Additional Child Care Subsidy
  • Foster Health Care Card
මුත්තණු මිත්තණියන්, මාමලා සහ නැන්දලා වැනි මවුපියන් නොවන රැකබලා ගන්නන් මෙන්ම කැපකරු මාපිය වරුන්ද ඔස්ට්‍රේලියාවේ දස දහස් ගණනක්  සිටින අතර එය පූර්ණ පරාසයක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට මග පාදන බව Services Australia හි සාමාන්‍යධිකාරී Hank Jongen පැවසීය.

“අපි කතා කරන්නේ ළදරුවන්ව නිවසේදී බලාගන්නා හෝ පාසලෙන් දරුවන් නිවසට ගෙන එන ආච්චිලා සීයලා ගැන නොවේ.  අපි කතා කරන්නේ දරුවන්ට පූර්ණ කාලීන රැකවරණය ලබා දෙන අය ගැනයි" යනුවෙන් ඔහු තවදුරටත් මේ පිළිබඳ පැහැදිලි කළේය.

මේ සම්බන්ධ වැඩි විස්තර ලබා ගැනීම සඳහා Services Australia වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ බහුතරයක් දෙමාපියන් සහ දරුවන් රැකබලා ගන්නන් නොදැන සිටින අමතර Centrelink සහන දීමනා මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala