ගැටළු සහගත හැසිරීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ආබාධිත සිසුන් අසාමාන්‍ය සංඛ්‍යාවක් පාසල් වල පන්ති තහනමට හෝ පාසලෙන් නෙරපා හැර ඇති බව විශේෂඥයින් විසින් The disability royal commission හෙවත් ආබාධිත පුද්ගලයින් සම්බන්ධව ක්‍රියාත්මක රාජකීය කොමිසමට දන්වා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර ආබාධිත ළමුන් ගේ නව හැසිරීම් කළමනාකරණ උපාය මාර්ගයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යපාන දෙපාර්තම්න්තුව විසින් ඉදිරිපත් කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සැලැස්ම
ගැටළු සහගත හැසිරීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන් ව පන්ති තහනමට හෝ පාසලෙන් නෙරපා හැරිය යුතු කාලය දින 20 සිට දින 10 දක්වා අඩු කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යෝජනා කර තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරිපත් කර ඇති යෝජිත වෙනස්කම් යටතේ, බාලාංශයේ සිට 2 වසර දක්වා සිසුවෙකුව බරපතළ හිංසනය හෝ ආයුධයක් ළඟ තබා ගැනීම යන හේතු මත පාසලෙන් නෙරපිය හැකිය.
එමෙන්ම එම වසර මට්ටම්වල ශිෂ්‍යයෙකුට පන්ති තහනම් කළ හැකි උපරිම දින ගණන 20 සිට 5 දක්වා අඩු කෙරේ.
මේ අතර 3 වසරේ සිට 12 වසර දක්වා සිසුන්ට එම කාලය 20 සිට 10 දක්වා අඩු කෙරේ.
ආබාධිත, පාසල් සිසුන් බොහොමයකට මෙවැනි අන්දමේ පන්ති තහනම් කිරීම් සිදු කර ඇති බවත් ඒවාට බහුතරයක් ස්වදේශික සිසුන්ට, සමාජ ආර්ථික අලාභය අත්විඳින සිසුන්ට සහ දුෂ්කර පළාත් වල ජීවත්වන ළමුන්ට මුහුණ දීමට සිදුව ඇතැයි අදාළ රාජකීය කොමිසම හෙළි කර තිබේ.
2019 වසරේදී ඔස්ට්‍රේලියාව පුරා රජයේ පාසල් වලින් සිසුන් 113.000 ක් පමණ නෙරපා ඇති බව The Conversation වෙබ් අඩවිය පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඔවුන් ස්ථිරවම හෝ යම් කිසි කාලයකට එම සිසුන්ව නෙරපා ඇති බව ඔවුන් පවසයි.
එය සියලු රජයේ පාසල් වල ලියා පදිංචි වූ සිසුන්ගේ ප්‍රතිශතයෙන් 4.3% කි.
මෙම සියලු තොරතුරු ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින් නිකුත් කළ සීමිත දත්ත හරහා ලබා ගත් ඒවා බවත් සත්‍ය සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගනු ඇති බවත් The Conversation වෙබ් අඩවිය පවසයි.

විවිධ ප්‍රාන්ත සඳහා විවිධ නීති
ඵලදායී නොවන සිසුන්ගේ හැසිරීම් වෙනස් කිරීමට පාසලේ පන්ති අත්හිටුවීම් සහ නෙරපා හැරීම් යොදා ගන්නා අතර එම හැසිරීම් නැවත නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා වෙනත් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ඒ හරහා කාලය ලබා ගනියි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැර ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම සහ ටෙරිටරියකටම මේ සම්බන්ධ තමන්ගේම නීති සම්පාදනය කර ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ට ඇත්තේ මේ හා සම්බන්ධ ප්‍රතිපත්ති මාලාවකි.
ඒ අනුව පාසලෙන් නෙරපා හැරීමේ කාලය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - දින 20 ක් දක්වා
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - දින 20 ක් දක්වා (දැනට පවතින දින ගණන)
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - දින 10 ක් දක්වා (මෙය වැඩි කිරීමට නම් අදාළ පාසලට ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුය)
- වික්ටෝරියා ප්‍රාන්තය - දින 5 ක් දක්වා (ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව දින 15 ක් දක්වා දීර්ග කළ හැකිය)
සෑම ප්‍රාන්තයක්ම පාසැල් සිසුන් පාසලෙන් නෙරපීම හෝ අත්හිටුවීමට විවිධ හේතු සැලකිල්ලට ගනියි.
- ක්වීන්ස්ලන්ත හා ටස්මේනියා ප්‍රාන්ත - අකීකරුකම හෝ වැරදි හැසිරීම හේතුවෙන්
- වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත - වෙනත් ඕනෑම ශිෂ්‍යයෙකුගේ යහපැවැත්ම, ආරක්ෂාව හෝ අධ්‍යාපනික අවස්ථාවන්ට බාධා වන ඵලදායී නොවන ආකාරයෙන් හැසිරීම හේතුවෙන්


