වික්ටෝරියා ප්‍රාන්තයේ අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වූ හෝටල් නිරෝධායන වැඩසටහන මඟින් විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණි සංචාරකයින් ව නොදැනුවත්වම HIV වැනි රුධිරයෙන් බෝවන වයිරස් වලට නිරාවරණය වී ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක වූ හෝටල් නිරෝධායන වැඩසටහන මේ වන විට නවතා දමා ඇති අතර ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී.

Source: AAP
වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනය වූ පුද්ගලයින්ට රුධිරයෙන් බෝවන වයිරස්
විදෙස්ගතව සිට මෙල්බර්න් නුවරට පැමිණ වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් වල නිරෝධායනය වූ පුද්ගලයින්ව නොදැනුවත්වම HIV වැනි රුධිරයෙන් බෝවන වයිරස් වලට නිරාවරණය වී ඇතැයි සඳහන්.
චැනල් 7 පුවත් වෙබ් අඩවිය මේ පිළිබඳ වාර්තා කරයි.
රුධිරයෙන් බෝවන වයිරස් රෝග සඳහා නිරාවරණය වී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් වල නිරෝධායනය වූ පුද්ගලයින්ව මේ වන විට සම්බන්ධ කරගත් බව Safer Care Victoria ඊයේ (19/10) නිවේදනය කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එහි සෞඛ්‍ය වාර්තා වලට අනුව නිරෝධායනය වූ පුද්ගලයන් 243 දෙනෙකුට මාර්තු 29 සිට අගෝස්තු 20 දක්වා රුධිර ග්ලූකෝස් මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලදී.
එහිදී පුද්ගලයින් කිහිප දෙනෙකු හට එකම උපකරණය හරහා පරීක්ෂණ කිරීමට සැලසුම් කර නොමැති පරීක්ෂණ උපකරණ පුද්ගලයින් කිහිප දෙනෙකු සඳහා භාවිතා කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.
මේ හේතුවෙන් හෙපටයිටිස් බී සහ සී සහ HIV ඇතුළු රුධිරයෙන් බෝවන වයිරස් ආසාදන අවදානමක් පෙන්නුම් කරයි.
මේ අතර අදාළ වයිරස් ආසාදනය වීමේ සායනික අවදානම අඩු බව Safer Care Victoria හි වැඩබලන ප්‍රධාන විධායක මහාචාර්ය Ann Maree Keenan පැවසුවාය.
"පසුගිය සමයේ හෝටල් වල නිරෝධායනය වූවන්ගේ සෞඛ්‍යය පිළිබඳ අප ක්ෂණිකව සැලකිලිමත් වනවා. එබැවින් ඔවුන් සඳහා screening පරීක්ෂාවන් සිදු කිරීම අපගේ ප්‍රමුඛතාවයයි." යනුවෙන් ඇය පැහැදිලි කළාය.
එසේ වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන යටතේ නිරෝධායනය වූ ඔබට තවමත් Safer Care Victoria ආයතනයෙන් ඇමතුමක් නොලැබුණේ නම් වහාම ඔවුන්ව අමතන ලෙස Safer Care Victoria ආයතනය දැන්ව සිටී.

Queenslanders returning from hotspots must now arrive by air and spend 14 days in hotel quarantine. (AAP) Source: AAP
අදාළ පරීක්ෂණ උපකරණ ඉවත් කරයි
මෙම නව අවදානමට ලක්වූ පිරිස් සම්බන්ධ කරගැනීම සඳහා Safer Care Victoria ආයතනයට සහ Alfred Health ආයතනයට සහය වූ බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය අගෝස්තු මාසයේදී අදාළ පරීක්ෂණ උපකරණ හෝටල් නිරෝධායන වැඩසටහනෙන් ඉවත් කළ බවත් කොරෝනා වයිරසය රුධිරය හරහා සම්ප්‍රේෂණය නොවන බැවින් COVID-19 පැතිරීමට ඔවුන් දායක නොවූ බවත් විශ්වාස කෙරේ.
පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇඟිලි තුඩු පරීක්ෂණ වල (finger-prick tests) ඉඳිකටු වෙනස් කරන ලද නමුත් අදාළ උපාංගයට අන්වීක්ෂීය රුධිර ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකියාව ඇත.
හෝටල් නිරෝධායනයේ සිටි බොහෝ දියවැඩියා රෝගීන්ට රුධිරය පරීක්ෂා කිරීමේ තමන්ගේම උපකරණයක් තිබු අතර රැදී සිටි දින 14 ක කාලය තුළ හෙදියක් හෝ වෛදවරයෙකු මගින් හෝ අදාළ පරීක්ෂාව සිදු කරගැනීමට අවශ්‍යතාවක් නොවූ බව ද චැනල් 7 පුවත් වෙබ් අඩවිය පවසයි.
"මෙම පරීක්ෂණය ගර්භනී කාන්තාවන්, ක්ලාන්ත වූ පුද්ගලයින් හෝ සාමාන්‍යයෙන් අසනීප වූ පුද්ගලයින් සඳහා ද භාවිතා කළ හැකිය" යනුවෙන් Safer Care Victoria විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
රුධිර ග්ලුකෝස් මට්ටම පරීක්ෂා කිරීමේ උපකරණ භාවිතා කළේ කෙසේද සහ පුද්ගලයින් කිහිප දෙනෙකුට එක් උපකරණයක් භාවිතා කළේ ඇයි ද යන්න පිළිබඳ පූර්ණ සමාලෝචනයක් සිදු කිරීමට Safer Care Victoria ආයතනය පොරොන්දු වී ඇත.

Source: SBS Sinhala