කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල කුලී නිවාස වල කුලිය පහත වැටුණු බව වාර්තා වේ.
විශේෂයෙන් සිඩ්නි සහ මෙල්බර්න් යන ප්‍රධාන නගර දෙක ආශ්‍රිතව පිහිටි බොහෝ උප නගර වල (suburbs) නිවාස කුලිය පහත වැටුණු බව සඳහන්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ වන විට එලෙස නිවාස කුලිය පහත වැටුණු මෙල්බර්න් කලාපයේ උප නගර පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

නිවාස කුලිය පහත වැටීම
ඔස්ට්‍රේලියාවට කොරෝනා වසංගතයේ බලපෑම දැඩි ලෙස ආරම්භ වුයේ පසුගිය මාර්තු මාසයේ සිටය.
ඒ අනුව පසුගිය අප්‍රේල් මස සිට සියලුම ප්‍රාන්ත වල පාහේ කොරෝනා නීති ක්‍රියාත්මක වීම ආරම්භ විය.
ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාර සහ සේවා ස්ථාන වසා දැමුණු අතර බොහෝ පුද්ගලයින්ට රැකියා සහ ආදායම් මාර්ග අහිමි විය.
එහිදී ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් Jobkeeper නමින් වැටුප් සහන දීමනාවක් ලබා දීමට පියවර ගැනුණි.
නමුත් ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික වීසා ලාභීන්ට එම දීමනාව හෝ වෙනත් කිසිදු සුබ සාධන දීමනාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නොලැබුණි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අතර ආර්ථික වශයෙන් තමන්ට පහසුකම් සලසා ගත නොහැකි ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික වීසා ලාභීන් සිටී නම් ඔවුන්ට තම මව් රටට යාම වඩාත් උචිත බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේය.
මේ සියලු සිදුවීම් හමුවේ බොහෝ ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාව අතහැර යාමට පටන් ගත්තේය.
ඒ අතරේ ඔවුන් කුලියට සිටි නිවාස සහ අනෙකුත් නවාතැන් හිස් වන්නට විය.
අලුතින් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට නොපැමිණීමත් වාසය කළ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමත් නිසා කුලී නිවාස වල පැවතුණු නිවාස කුලිය අඩු කිරීමට කුලී නිවාස හිමියන්ට සිදු විය.

මෙල්බර්න් කලාපයේ නිවාස කුලිය පහත වැටීම
2020 සැප්තැම්බර් මාසය වන විට මෙල්බර්න් CBD හි unit මාදිලියේ නිවාසයක කුලිය 17.4% කින් පහත වැටී ඇති අතර මේ වන විට එහි මාධ්‍යන කුලිය සතියකට $450 ක් බව ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වාර්තා කරයි.
මෙල්බර්න් unit මාදිලියේ නිවාස කුලිය අඩුවූ ලයිස්තුවේ දෙවැනි ස්ථානයට Docklands (14.8%) වලටත් තෙවැනි ස්ථානයට Southbank (14.3%) බවටත් පත්ව තිබේ.
ඒවායේ කුලිය පිළිවෙලින් සතියකට $490 ක් සහ $480 ක් ලෙස සටහන් වේ.

මේ අතර සම්පූර්ණ නිවාසයක කුලී මුදල වැඩි ප්‍රතිශතයකින් අඩුවූ මෙල්බර්න් උප නගරය වන්නේ Werribee South වන අතර එලෙස කුලී මුදල අඩුවූ ප්‍රතිශතය 12.5% කි.
මේ වන විට Werribee South හි නිවාසයක කුලිය සතියකට $350 කි.
එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයට Oakleigh East සහ තෙවැනි ස්ථානයට Yallambie පත්ව ඇත.
ඒවායේ කුලිය පිළිවෙලින් සතියකට $500 ක් සහ $435 ක් ලෙස සටහන් වේ.

මෙල්බර්න් කලාපයේ නිවාස කුලිය ඉහළ ගිය උප නගර
බොහෝ උප නගර වල නිවාස කුලිය පහළ ගියා සේම නිවාස කුලිය ඉහළ ගිය උප නගර ද වාර්තා වේ.
Domain වෙබ් අඩවිය වාර්තා කරන පරිදි unit මාදිලියේ නිවාස සහ සම්පූර්ණ නිවාස ලෙස ගත් කළ ඒවා පහත සඳහන් ආකාරයට ලැයිස්තුගත කළ හැකිය.
Unit මාදිලියේ නිවාස

සම්පූර්ණ නිවාස


