කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂකයින් දහස් ගණනක් ව්‍යාජ රැකියා දැන්වීම් වලට ගොදුරු වෙයි (SBS සිංහල/ වාර්තා)

Thousands of job seekers in Australia fell victim to fake job advertisements during the coronavirus pandemic

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂකයින් දහස් ගණනක් පසුගිය මුල්‍ය වසරේදී අන්තර්ජාලයේ පළවූ ව්‍යාජ රැකියා දැන්වීම් වලට ගොදුරු වී ඇතැයි වාර්තා වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික තොරතුරු රාශියක් අදාළ වංචාකරුවන්ට ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.
Australia's unemployment rate dipped again.
Source: AAP

ව්‍යාජ රැකියා දැන්වීම් වලට හසුවීම

ඔස්ට්‍රේලියාවේ වෙසෙන රැකියා සොයන 2500 කට අධික පිරිසක් පසුගිය මුල්‍ය වසරේදී අන්තර්ජාලයේ තිබූ ව්‍යාජ රැකියා දැන්වීම් වලට හසුවී ඇත.

Australian Competition and Consumer Commission හෙවත් ACCC ආයතනය මේ බව අනාවරණය කර තිබේ.

තම අනාගත රැකියාව සුරක්ෂිත කරගැනීම සඳහා ඔවුන් එම වංචාකරුවන්ට තම පුද්ගලික තොරතුරු රාශියක් ලබා දී ඇතැයිද එම ආයතනය පවසයි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

LinkedIn සහ Facebook යන අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම ව්‍යාජ රැකියා දැන්වීම් පළ කර තිබේ.

අයදුම්කරුවන්ගේ රැකියා අයදුම්පත සලක බැලීම සඳහා ඔවුන්ගේ පුද්ගලික තොරතුරු හෝ යම් ගාස්තුවක් හෝ අදාළ වංචාකරුවන් විසින් ඉල්ලා ඇත.

නමුත් අවසානයේ සිදුව ඇත්තේ එම වංචාවන්ට ගොදුරුවූ අයදුම්කරුවන්ගේ පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු සහ මුදල් අහිමිවීම පමණි.
Thousands of job seekers in Australia fell victim to fake job advertisements during the coronavirus pandemic
Source: Pixabay

ඩොලර් මිලියන 1.7 ක පාඩුවක්

පසුගිය වසරේදී අන්තර්ජාලයේ පළවූ ව්‍යාජ රැකියා දැන්වීම් වලට ගොදුරු වීම නිසා අදාළ පුද්ගලයින්ට සිදුවී ඇති පාඩුව ඩොලර් මිලියන 1.7 ක් බව වාර්තා වේ.

සමස්ත ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව සළකා බලන කල එලෙස ව්‍යාජ රැකියා දැන්වීම් වලට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි.

ඉන් බහුතරයක් පිරිසකගේ මුදල් සහ පුද්ගලික තොරතුරු වංචා කර ඇත්තේ පසුගිය මාර්තු සහ ජුනි අතර කාල සීමාවේදීය.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය උච්ඡතම අවස්ථාවට පැමිණි අවධිය ලෙස එම කාලය සටහන් වේ.

අදාළ ව්‍යාජ රැකියා දැන්වීම් හරහා වැඩිපුරම ඉලක්ක කර ඇත්තේ කාන්තාවන් වන නමුත් වැඩි වශයෙන් මුදල් අහිමිවී ඇත්තේ පිරිමි පාර්ශවයට බව ACCC දත්ත පෙන්වා දෙයි.
Unemployment
Source: Getty

ව්‍යාජ රැකියා දැන්වීම් හඳුනාගැනීම

යම් රැකියා දැන්වීමකට ඔබ අයදුම්පතක් යොමු කිරීමට පෙර එම රැකියාව පිළිබඳ මෙන්ම අදාළ ආයතනය පිළිබඳව ද ඔබ මැනවින් සොයා බැලිය යුතුය.

සමාජ මාධ්‍ය ජාල හරහා අදාළ රැකියා දැන්වීම ඔබට හමුවී නම් එම ආයතනය ව්‍යාජ එකක් නොවන බවට පළමුව සහතික කරගන්න.

ඒ සඳහා ඔවුන්ගේ නිල වෙබ් අඩවියට යාම, ඔවුන්ගේ දුරකතන අංකයක් සොයාගෙන ඊට කතා කිරීම, Google සෙවුම් යන්ත්‍රයෙන් අදාළ ආයතනය පිළිබඳ සොයා බැලීම වැනි විවිධ ක්‍රියාමාර්ග ඒ සඳහා ඔබට භාවිත කළ හැකිය.

එමෙන්ම ඔබේ රැකියා අයදුම්පත සලකා බැලීම සඳහා ඔවුන් අනවශ්‍ය ආකාරයෙන් ඔබේ පුද්ගලික තොරතුරු හෝ මුදල් ඉල්ලා සිටී නම් ඒ පිළිබඳ ඔබ දෙවරක් සිතා බැලිය යුතු වේ.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවේ රැකියා අපේක්ෂකයින් දහස් ගණනක් ව්‍යාජ රැකියා දැන්වීම් වලට ගොදුරු වෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala