ඔස්ට්‍රේලියාවේ Partner visa වලට තවත් වෙනස්කමක් සිදු කරයි (SBS සිංහල/ වාර්තා)

Australian Visa

Source: SBS

ඔස්ට්‍රේලියාවේ Partner visa සඳහා තවත් සංශෝධනයක් එක් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


Partner visa සඳහා අනුග්‍රාහකත්වය සපයන පුද්ගලයින් තම සහකරුගේ වීසා අයදුම්පත්‍රය සලකා බැලීමට පෙර character test හෙවත් චරිත පරීක්ෂාවකට මුහුණ දිය යුතු වීම අදාළ සංශෝධනය වේ.
The Partner visas allow the partner or spouse of an Australian citizen, Australian permanent resident or eligible New Zealand citizen to live in Australia.
Source: Pixabay

Partner visa අනුග්‍රාහකයින්ට character test එකක්

ඔස්ට්‍රේලියාවේ Partner visa සඳහා අනුග්‍රාහකත්වය සපයන පුද්ගලයින් හට character test එකකට පෙනී සිටීම අනිවාර්ය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

Partner visa හරහා ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට අවසර ලැබෙන සහකරුවන් ට හෝ සහකාරියන් ට ගෘහස්ථ හිංසනයට මුහුණ දීම වැළක්වීම සඳහා මෙම තීරණය ගත් බව මධ්‍යම රජය පවසයි.
ඒ අනුව Partner visa සඳහා අනුග්‍රාහකත්වය සපයන පුද්ගලයින් තම සහකරුගේ වීසා අයදුම්පත්‍රය සලකා බැලීමට පෙර character test එකකට භාජනය විය යුතු අතර එහි ප්‍රතිඵල තම සහකරු හෝ සහකාරිය සමග හුවමාරු කරගත යුතුය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


Partner visa සඳහා අනුග්‍රාහකත්වය සපයන පුද්ගලයින්ගේ චරිත පරීක්ෂාවෙන් ලැබෙන ඕනෑම අහිතකර සොයාගැනීමක් ඔවුන්ගේ සහකරුවන්ට දන්වන අතර ඒ හරහා Partner visa වැනි මිල අධික වීසා බලපත්‍ර අයදුම්පතක් සමඟ ඉදිරියට යා යුතුද යන්න පිළිබඳව අදාළ සහකරුවන්ට බුද්ධිමත් තීරණයක් ගත හැකි බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පැවසීය.

අදාළ චරිත පරීක්ෂාවේ ප්‍රතිඵලවල එම අනුග්‍රහකයාගේ අතීත ප්‍රචණ්ඩත්වයන් හා චෝදනා ඇතුළුව අනාගත ප්‍රචණ්ඩත්වයට තර්ජනයක් විය හැකි ඕනෑම තොරතුරක් ඇතුළත් වන බව අමාත්‍ය Alan Tudge පැවසීය.

කෙසේ වෙතත්, ආගමන විගමන නිලධාරීන්ට වීසා බලපත්‍ර අයදුම්පතක් සලකා බැලීම සඳහා වූ තීරණය ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳ අභිමතය ඇත.
Acting Minister for Immigration, Citizenship, Migrant Services and Multicultural Affairs Alan Tudge.
Acting Minister for Immigration, Citizenship, Migrant Services and Multicultural Affairs Alan Tudge. Source: AAP

මෙම සංශෝධන වලින් කාන්තාවන්ට හානියක් වනු ඇත

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Partner visa සඳහා ක්‍රියාත්මක කිරීමට යන මෙම සංශෝධනය හේතුවෙන් ගෘහස්ථ හිංසකයින්  හෝ අපරාධකරුවන්ට වඩා කාන්තාවන්ට හානියක් වනු ඇති බව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මැඩලීම පිළිබඳව කටයුතු කරන සංවිධාන අනතුරු අඟවයි.

Partner visa සඳහා අනුග්‍රාහකත්වය සපයන පුද්ගලයින්ගේ චරිත පරීක්ෂාවෙන් ලැබෙන තොරතුරු සහකරුවන් සමග හුවමාරු කරගැනීම ඉතා වැදගත් බවත් එම සංශෝධනයට සහය දක්වන බවත් එම සංවිධාන පවසයි.

නමුත් මෙම සංශෝධන මගින් කාන්තාවන්ට ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට ඇති විකල්පයන් අඩු වීමක් සිදුවන බවත් ඒ හරහා කාන්තාවන්ට අත්දැකීමට ලැබෙන තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම සංශෝධන මගින් අනාගතයේදී තම සහකරු තමන්ට Partner visa සඳහා අනුග්‍රහය නොදක්වනු ඇතැයි යන බිය නිසා කාන්තාවන් ගෘහස්ථ හිංසනය සම්බන්ධව පොලීසියට පැමිණිලි කිරීමෙන් ඉවත් වීමට ඉඩ ඇති බව ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන සංක්‍රමණිකයින් හට සහය සපයන InTouch සංවිධානයේ ප්‍රධාන විධායක Michal Morris, SBS පුවත් සේවයට පැවසුවාය.
Partner visa සඳහා අයදුම්කරන විට බොහෝ පුද්ගලයින් විවාහ වී දරුවන් පවා ලබා ඇති බවත් එවැනි තත්ත්වයක් යටතේ එම සම්බන්ධයෙන් මිදීමට කාන්තාවකට ඉතා අපහසු බවත් ඇය පෙන්වා දුන්නාය.

Provisional partner visa වල සිටින පුද්ගලයින්ට, තමන්ගේ සම්බන්ධතාවය අවසන් වුව ද, ඔවුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති බව සනාථ කිරීමට හැකි නම්, ඔවුන්ගේ ස්ථිර වීසා සඳහා වූ අයදුම්පත්‍රය ඉදිරියට ගෙන යා හැකිය.

පවුල් හිංසනය පිළිබඳ ප්‍රකාශයන්ගෙන් පසු පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියාව විසින් partner visa 2,450 ක් ලබා දී ඇත.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

Updated

By Maani Truu, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service