කොරෝනා වයිරසයට දින 28 ක් දක්වා Phone Screen වල සහ මුදල් නෝට්ටු වල ජීවත් විය හැකි බව ඔස්ට්‍රේලියාවේ නවතම අධ්‍යනයක් හෙළි කරයි (SBS සිංහල/ වාර්තා)

A new study has found the new coronavirus can survive on glass surfaces, like phone screens, for 28 days.

A new study has found the new coronavirus can survive on glass surfaces, like phone screens, for 28 days. Source: AAP

මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මත නව කොරෝනා වයිරසයට දින 28 ක් දක්වා නොනැසී පැවතීමට හැකියාව ඇති බව සොයාගෙන තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යනයකදී මේ බව හෙළිවී ඇත.

Le paiement Jobseeker va augmenter
Le paiement Jobseeker va augmenter Source: AAP

ඇතැම් මතුපිට වල දින 28 ක්

මුදල් නෝට්ටු වල, stainless steel මතුපිට වල සහ ජංගම දුරකථන වල වීදුරු තිරය මත නව කොරෝනා වයිරසයට දින 28 ක් දක්වා වූ කාලයක් සජීවීව පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසයි.

ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSRIO මගින් මෙම අධ්‍යනය සිදුකර ඇත.

අඩු උෂ්ණත්වවලදී සහ වීදුරු, මල නොබැඳෙන වානේ සහ vinyl වැනි සිදුරු රහිත හෝ සුමට මතුපිට වල COVID-19 වයිරසය නොනැසී පැවතීමට ඉඩ ඇති බව එහිදී විස්තරාත්මකව සොයාගැනීමට අදාළ විද්‍යාඥයින්ට හැකිවී තිබේ.

මෙම අධ්‍යනය අද (12/10) දිනයේ Virology ජර්නලයේ පළ කර ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ප්ලාස්ටික් මුදල් නෝට්ටුවලට වඩා කඩදාසි මුදල් නෝට්ටු මත කොරෝනා වයිරසය වැඩි කාලයක් සජීවීව පවතින බවත් ඇතැම් පෘෂ්ඨ වල ඉන්ෆ්ලුවන්සා වයිරසයට වඩා දින 10 ක් පමණ පැවතුණු බවත් මෙම අධ්‍යනයේදී වැඩි දුර හෙළිවුණි.

විවිධ පෘෂ්ඨ වල කොරෝනා වයිරසයට නොනැසී පැවතීමේ හැකියාව පිළිබඳ දැනගැනීමෙන් ප්‍රජාව අතර මෙම වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කර ගත හැකි බව CSIRO හි ප්‍රධාන විධායක Larry Marshall පැවසුවේය.

ශීත කාලගුණය වයිරසය වැඩි කාලයක් ජීවත් කරවයි

කොරෝනා වයිරසයේ පැවැත්මට උෂ්ණත්වයේ බලපෑමද අදාළ විද්‍යාඥයෝ පරීක්ෂා කර තිබේ.

ශීත පරිසරය තුළ කොරෝනා වයිරසයට වැඩි කාලයක් ජීවත් වීමට හැකි බව එහිදී අනාවරණය වී ඇත.

ඒ අනුව ශීත කාල ගත කරන රටවල බොහෝ විට කොරෝනා වයිරසය වැඩි වශයෙන් පැතිරීමේ අවදානමක් පවතින බව පෙනී යයි.

ඒ අනුව මස් සැකසුම් ස්ථාන වල සහ ශීත ගබඩා සංකීර්ණ වල මෙම කොරෝනා වයිරසය සජීවීව වැඩි කාලයක් පැවතීමට මේ හේතුව බලපාන බවද අදාළ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.

සෙල්සියස් අංශක 30 පමණ වන උණුසුම් පරිසරයකදී කොරෝනා වයිරසයට පැවතීමේ හැකියාව ඉතාමත් අඩු බව පැවසේ.

how to where a mask
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now