මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති තව දුරටත් ලිහිල් කිරීමට ඇති ප්‍රවණතාව පිළිබඳ මේ වන විට ගැටළු මතුවී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එළඹෙන ඔක්තෝබර් 19 වන දින මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමේ තුන්වන පියවරට යාමට නියමිතව තිබේ.

50% කට අඩු සම්භාවිතාවක්
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති පියවර කිහිපයක් යටතේ ලිහිල් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගිය සැප්තැම්බර් 27 වන දින ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්තෝබර් 19 වන දින එම සැලස්මේ 3 වන පියවර ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
නමුත් එම තීරණය රඳා පවතින්නේ දින මත නොව ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය මත බවත් ප්‍රභවය හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව මත බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews දිගින් දිගටම පවසයි.
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලසුමට අනුව ඔක්තෝබර් 19 වන දින තව දුරටත් කොරෝනා නීති ලිහිල් කිරීමට නම් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 5 හෝ ඊට වඩා අඩු විය යුතුය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ ප්‍රභවය හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව ද 5 හෝ ඊට වඩා අඩු විය යුතුය.
නමුත් දැනට පවතින තත්ත්වය අනුව එම ඉලක්ක සපුරා ගැනීමට ඇති සම්භාවිතාව 50% කට අඩු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සහ ප්‍රධානතම විමර්ශන වෙබ් අඩවියක් වන The conversation වෙබ් අඩවිය පවසයි.
වික්ටෝරියානු පප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton පවසන පරිදි එම තීරණය තවමත් "වැට උඩ" පවතින තීරණයකි.

ඔක්තෝබර් 09 වන දින වන විට තත්ත්වය
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක් වාර්තා වී ඇති අතර කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවෙයි.
ඒ අනුව අඛණ්ඩව කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි දිනය ලෙස අද දිනය වාර්තා වේ.
තවමත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 809 ම රැදී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 897 කි.
ඒ සමග අද (09/10) වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 9.4 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.
ආසාදිතයින් ගේ ප්‍රමාණය ශීග්‍රව අඩු නොවන්නේ ඇයි?
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම උච්ඡාවචනය වීමක් දක්නට ලැබෙයි.
දිනෙක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 10 ට වඩා අඩු වන අතර තවත් දිනෙක එය 10 ට වඩා වැඩි වෙයි.
මේ සඳහා මේ වන විට Chadstone සාප්පු සංකීර්ණය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර බලපාන බව වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.
Chadstone සාප්පු සංකීර්ණය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුරට මේ වන විට ආසාදිතයින් 32 ක් සම්බන්ධ බව වාර්තා වේ.
එමෙන්ම එයට සම්බන්ධ එක් ආසාදිතයෙකු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක් වන Mitchell shire කලාපයෙන් ද හමුවී තිබේ.
මේ තත්ත්වය පිළිබඳ තවදුරත් දැඩි අවධානයකින් පසුවී විශ්ලේෂණය කළ යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.
කෙසේවෙතත්, සෑම විටම කොරෝනා නීති වලට අනුකූලව කටයුතු කරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටියි.


