පසුගිය වසරේ දී මෙල්බර්න් නුවර ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුවියක් වූ නිසලි පෙරේරා මෙනවිය ඝාතනය කළ පුද්ගලයා හට අද (06/10) වසර 8 ක සිර දඬුවම් නියම කෙරුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
38 හැවිරිදි Shane Cochrane නැමති මෙම පුද්ගලයා අධික වේගයෙන් පැදවූ මෝටර් රථයෙන් ශ්‍රී ලාංකික සිසුවියව හප්පා පැනගොස් තිබුණි.

නිසලි මුහුණ දුන් අනතුර
2019 වසරේ අගෝස්තු 29 වන දින මෙල්බර්න් නුවර Monash විශ්ව විද්‍යාලයේ Clayton මණ්ඩපය ඉදිරිපිට පදික මාරුවෙන් පාර මාරු වීම සඳහා ගමන් කරන විට නිසලි පෙරේරා නමැති ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුවිය Shane Cochrane නැමති පුද්ගලයා පැමිණි මෝටර් රථයෙන් හප්පා පැනගොස් තිබුණි.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ නිසලි ජීවිතක්ෂයට පත් වූවාය.
පදික මාරුවේ "කොළ පැහැති මිනිසාගේ" රුව දැල්වූ විට නිසලි පාර මාරුවූ බවත් ඇයගේ කිසිදු වැරැද්දක් නොමැති බවත් ඒ ස්ථානයේ CCTV දර්ශන නැරඹු පොලීසිය පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මාර්ගයේ වර්ණ සංඥා එළි රතු පැහැ ගැන්වී තිබූ ඒ අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි අඳුරු පැහැති Mazda මෝටර් රථය රතු පැහැති වර්ණ සංඥා එළි නොතකා ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව ඔප්පු වී තිබේ.
වාහනයට හැපුණු නිසලි ව මීටර් 60 ක් පමණ විසිවී ගොස් තිබුණු බවත් ඇය එම ස්ථානයේම මිය ගිය බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.
මෙල්බර්න් නුවර Monash විශ්ව විද්‍යාලයේ Clayton මණ්ඩපයේ වානිජ සහ ව්‍යාපාර සම්බන්ධ උපාධිය හදාරමින් සිටි නිසලි අවසන් වසරේ අධ්‍යන කටයතු වල පසුවෙමින් සිටි බවද වාර්තා වේ.
එමෙන්ම ඇය සිය පවුලේ එකම දරුවා ලෙසද සඳහන්.

වරදකරු Shane Cochrane
නිසලිගේ ඝාතනය සිදුකළ මෝටර් රථය පැදවූ 38 හැවිරිදි Shane Cochrane ට අමතරව ඔහුගේ සහකාරිය ලෙස හැඳින්වෙන 34 හැවිරිදි Lauren Hindes ඒ මොහොතේ රිය තුළ සිටි බව වාර්තා විය.
ඝාතනය සිදු කර ඔවුන් දෙදෙනා නොනවත්වා රිය ධාවනය කරමින් පළා ගොස් සිටියදී පසුගිය වසරේ සැප්තැම්බර් 3 වන දින දහවල් වික්ටෝරියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
Shane Cochrane නැමැත්තා Bayswater ප්‍රදේශයේද Lauren Hindes නමැත්තිය Clayton ප්‍රදේශයේද වාසය කළ බවට හෙළිවී තිබේ.
නිසලි ගේ පවුල ආපසු එකතු කළ නොහැකි ලෙස Shane Cochrane විසින් සුනු විසුණු කළ බවත් පෙරේරා පවුලේ එකම දියණිය ගේ මරණයට Cochrane වගකිව යුතු බවත් නඩු තීන්දුව දුන් විනිසුරුවරිය වන Liz Gaynor පැවසුවාය.
වයස අවුරුදු 16 දී Cochrane පළමු වරට මත්ද්‍රව්‍ය භාවිත කළ බව අධිකරණයේදී හෙළි විය.
නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කිරීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම, භයානක අන්දමින් රිය ධාවනය කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැනි විවිධ වැරදි හේතුවෙන් අවස්ථා 30 කදී ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවී තිබේ.
නිසලි ගේ ඝාතනයෙන් පසුව Cochrane මේ වන විටත් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇති අතර ඒ හේතුවෙන් ඔහුට වසර හතක පමණ කාලයකදී පොදු සමාවකට අයදුම් කිරීමට සුදුසුකම් ලැබිය හැකිවනු ඇත.
ඊට අමතරව ඔහු තවත් වසර පහක් සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ද නුසුදුස්සකු වී ඇත.


