2020/21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය අද (06/10) පස්වරුවේ ඉදිරිපත් කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම්.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් මධ්‍යම රජයේ අය වැය පාර්ලිමේන්තුවට ඉදරිපත් කරනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
අද ඉදිරිපත් කෙරෙන ඔස්ට්‍රේලියානු අය වැයෙන් මිලියන ගණනක ඔස්ට්‍රේලියානු වැසියන්ට ආදායම් බදු කප්පාදුවක් හිමිවන බවට මේ වන විට තොරතුරු හෙළිවී තිබේ.

2020/21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය
ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂය ආරම්භ වන්නේ සෑම වසරකම ජූලි 01 වන දින වන අතර එය අවසන් වන්නේ ඊළඟ වසරේ ජුනි 30 වන දිනෙන්ය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ඊළඟ මුල්‍ය වර්ෂය සඳහා නියමිත මධ්‍යම රජයේ අය වැය සෑම වසරකම අප්‍රේල් හෝ මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් 2020/21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය නියමිත කාලයේදී ඉදිරිපත් කිරීමට හැකියාවක් නොලැබුණු අතර එය අද (06/10) දක්වා කල් ගියේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙවර අය වැය දෙවැනි ලෝක යුද සමයෙන් පසුව ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සුවිශේෂීතම අය වැය ක් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේය.
වසර 29 කට පසුව ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙවර අය වැය ඉදිරිපත් කිරීම එම සුවිශේශීතාවයට එක් ප්‍රධාන හේතුවකි.

ආදායම් බදු කප්පාදුව
මෙවර මධ්‍යම රජයේ අය වැයෙන් බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන්ට සැලකිය යුතු ආදායම් බදු කප්පාදුවක් හිමිවන බවට භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg හෙළි කර සිටියේය.
කොරෝනා වසංගතයෙන් බිඳ වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකයත්, ඔස්ට්‍රේලියානුවන්ගේ දෛනික ජීවිතයත් එකවර ගොඩ ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු පැවසීය.
ඒ අනුව ආදායම් බදු සහන වැඩි කිරීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන් උපයන දෙයින් වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට ඉඩ සැලසෙන බව ඔහු Sky පුවත් වෙත පැවසුවේය.
වත්මන් බලයේ සිටින ලිබරල් සන්ධාන රජය යෝජනා කළ ආදායම් බදු කප්පාදු කිරීමේ පියවර තුනක පැකේජයක් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණි.
ඒ අනුව එහි පළමු පියවර පසුගිය මුල්‍ය වසරේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර දෙවැනි පියවර 2022/23 මුල්‍ය වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි.
නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය හා ජන ජීවිතය නගා සිටුවීමේ අරමුණින් එම පියවර වසර දෙකකින් ඉදිරියට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
ඒ අනුව එම ආදායම් බදු කප්පාදුව 2020 වසරේ ජූලි මාසයේ සිට බල පැවත්වෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
කොපමණ ආදායම් බදු සහනයක් ලැබෙනවාද?
අද (06/10) ඉදිරිපත් කෙරෙන මධ්‍යම රජයේ අය වැයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන ආදායම් බදු කප්පාදුවට අනුව රැකියා කරන ඔස්ට්‍රේලියානුවාසීන්ට පහත අයුරින් බදු සහන හිමිවනු ඇති බවට චැනල් 7 පුවත් සේවය වාර්තා කරයි.
$45,000 ත් $80,000 ත් අතර වාර්ෂික ආදායමක් සහිත පුද්ගලයින්ට - $1,100 ක බදු සහනයක්
$80,000 ත්100,000 ත් අතර වාර්ෂික ආදායමක් සහිත පුද්ගලයින්ට - $1,700 ක බදු සහනයක්
$100,000 ට වැඩි වාර්ෂික ආදායමක් සහිත පුද්ගලයින්ට - $2,500 ක් දක්වා වූ බදු සහනයක්


