ගෙවී යන ඔක්තෝබර් මස අග වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම වසර වල පාසල් සිසුන් සඳහා යළි පාසල් විවෘත කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේඅතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කිලෝ මීටර් 5 නීතිය තවදුරටත් දීර්ග කිරීම පිළිබඳ විවෘතව සලකා බලන බවද ප්‍රාන්ත රජය හෙළි කරයි.

පාසල් සිසුන් යළි පාසල් වෙත
පංති කාමර වල අධ්‍යාපන කටයුතු සඳහා නැවතත් පාසල් වෙත යාමට
සියලුම ප්‍රාථමික පාසල් සිසුන්, 7 වන වසරේ සිසුන් සහ ජ්‍යෙෂ් පාසල් සිසුන් හට ඔක්තෝබර් 12 වන දින සිට යළි පාසල් විවෘත කෙරේ.
එමෙන්ම 8 වසරේ සිට 10 වසර දක්වා පාසල් සිසුන්ට ඔක්තෝබර් 26 සිට යළි පාසල් විවෘත කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සමාජය හරහා පාසල් කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ වැඩිවන සංචරණයන් කළමනාකරණය කිරීම සඳහා මෙලෙස පියවර දෙකකින් යුක්තව පාසල් යළි විවෘත කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍ය James Merlino පැවසීය.
ද්විතීක පාසල් වල සිසුන් හට මුව ආවරණ පැලදීම අනිවාර්ය වන අතර පාසල් භූමියට ඇතුළු වීමට අවසර ඇති වැඩිහිටියන්ගේ ප්‍රමාණයද සීමා කෙරෙනු ඇත.
මේ අතර පාසලට දරුවන් ගෙනවිත් ඇරලවන සහ පාසලෙන් දරුවන්ව රැගෙන යන වේලාවන් ද වෙනස් වන බව වාර්තා වේ.

5km නීතිය තවත් දිගු කරයිද?
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කිලෝ මීටර් 5 නීතිය එළඹෙන ඔක්තෝබර් 19 දින තෙක් පමණක් ක්‍රියාත්මක කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගිය සැප්තැම්බර් 27 වන දින ප්‍රකාශ කළේය.
නමුත් එය ඔක්තෝබර් 19 න් පසුවද දීර්ග කිරීමට විවෘත බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධානවෛද්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton අද (05/10) පැවසුවේය.
"තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුරක් ඇතුළත පමණක් රැදී සිටීම යන නීතිය තුළ පුද්ගලයින් සංචරණය කිරීම සම්බන්ධව විශාල පාලනයක් තිබෙනවා. කොරෝනා වසංගතය මැඩලීමට එවැනි පාලන ක්‍රියාවක් අවශ්‍ය බවත් එය අවශ්‍ය නම් නැවත්වීමටත් අවශ්‍ය නම් තව දුරටත් දීර්ග කිරීමටත් විවෘතයි." යනුවෙන් ද මහාචාර්ය Brett Sutton වැඩිදුර විස්තර කළේය.

කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය තවත් පහළට
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 9 ක් වාර්තා වන අතර කොරෝනා මරණ කිසිවක් වාර්තා නොවේ.
සැප්තැම්බර් 15 පසුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දිනකදී කොරෝනා මරණයක් වාර්තා නොවූ පළමු අවස්ථාව මෙය ලෙසද සඳහන් වේ.
ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 11.6 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයේ එම සාමාන්‍ය අගය 0.3 ක් ලෙස සටහන් වේ.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට සක්‍රීය කොරෝනා ආසාදිතයින් 227 ක් දක්වා පහත බැස තිබේ.
කොරෝනා වයිරසය වැළඳුනු පුද්ගලයින් 30 දෙනෙකු වික්ටෝරියානු ප්‍රාන්තයේ රෝහල් වල ප්‍රතිකාර ලබන අතර ඉන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව සඳහන්.
අද (05/10) වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 806 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 894 කි.


