ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට තම ප්‍රාන්තය තුළට පිවිසීමට අවසානයේ අවසර ලබා දී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් ඔක්තෝබර් 19 වන දින කොරෝනා නීති තව දුරටත් ලිහිල් කළත් මෙල්බර්න් වැසියන්ට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත සංචාරය කිරීමට අවසර ලබා නොදෙනු ඇතැයි වාර්තා වේ.

ක්වීන්ස්ලන්ත - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා විවෘත කෙරේ
එළඹෙන නොවැම්බර් 01 වන දින සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට විවෘත කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය අද (02/10) නිවේදනය කළේය.
ඒ අනුව නොවැම්බර් 01 වන දින සිට සංචාරකයින්ට සහ විදෙස්ගතව සිට ආපසු පැමිණි පදිංචිකරුවන්ට නිරෝධායනයකින් තොරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ක්වීන්ස්ලන්තයට ඇතුළු විය හැකිය.
කෙසේ වෙතත්, ඒ සඳහා පූර්වාවශ්‍යතාවක් ප්‍රකාශ කර ඇති අතර ඒ මගින් එම දිනය තවත් පසුපසට තල්ලු කරනු ඇතැයි දැකිය හැකිය.
කොරෝනා වයිරසය වැළඳුනු ප්‍රභවය නොදන්නා අයුරින් සිදුවන ප්‍රජා සම්ප්‍රේෂණයක් ගතවූ දින 28 තුළ ඇති නොවිය යුතු බවට පූර්වාවශ්‍යතාවක්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට විවෘත කිරීමේදී ප්‍රකාශ කර ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ක්වීන්ස්ලන්ත - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා විවෘත කරන ලෙසට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian, ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයට බොහෝ වරක් පැවසූ අතර අනතුරුව එය ප්‍රධාන දේශපාලන වාදයක් බවටද පත් විය.
මේ හේතුව නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk අතර සීතල යුද්ධයක් ද හට ගත්තේය.
මෙම තීරණයත් සමග ප්‍රාන්ත දෙකේ ප්‍රජාවන්ට සහ ව්‍යාපාර වලට මහත් සහනයක් ගෙන දෙනු ඇති බවත් වාර්තා වේ.
කෙසේවෙතත්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට තවමත් ඇතුළුවන ඕනෑම අයෙකු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා බලපත්‍රයක් (Queensland Border Declaration Pass) ලබා ගත යුතුය.
එම බලපත්‍රය මෙතනින් ලබාගත හැකිය.

මෙල්බර්න් වැසියන්ට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට යාමට අවසර ලබා දීම
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමේ ඊළඟ තුන්වන පියවර එළඹෙන ඔක්තෝබර් 19 දින සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
එහිදී මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති තවත් ලිහිල් කළද මෙල්බර්න් වැසියන්ට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට සංචාරය කිරීමට අවසර ලබා දීම පිළිබඳ තවමත් ප්‍රාන්ත රජය නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
කෙසේනමුත්, පසුගිය සැප්තැම්බර් 13 වන දින නිකුත් කළ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීමේ සැලැස්මට අනුව තුන්වන පියවරේදී වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට ප්‍රාන්ත වාසීන්ට හැකියාව ලැබෙන බව ප්‍රකාශ කෙරුණි.
නමුත් මේ වන විට තවමත් ඒ සම්බන්ධ අවසන් තීරණයක් ගෙන නොමැති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (01/10) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙල්බර්න් සහ කලාපීය වික්ටෝරියා ප්‍රදේශ අතර බෙදී ගිය බොහෝ පවුල් නැවත එක්වීමට උනන්දුවක් දක්වන බව තමා තේරුම් ගත් බව ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.
නමුත් මෙල්බර්න් සහ කලාපීය වික්ටෝරියා ප්‍රදේශ අතර සංචාරක විකල්පයන් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කොරෝනා වයිරස් සම්ප්‍රේෂණ මට්ටම මත රඳා පවතින බව ඔහු පැවසීය.
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල ඉතා අවම මට්ටමේ කොරෝනා වයිරස් සම්ප්‍රේෂණයක් වාර්තා වන අතර එම කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.2 ක් දක්වා අද (02/10) වන විට තවදුරටත් පහත වැටී ඇත.