සිඩ්නි හා මෙල්බර්න් නිවාස මිල ගණන් අඛණ්ඩව පහත වැටෙන විට ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත වල නිවාස මිල ඉහළට (SBS සිංහල/ වාර්තා)

Australia Housing Market

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් හැර අනෙක් සෑම ප්‍රාන්තයකම ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස වෙළෙඳපොළේ නැග්මක් පෙන්නුම් කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


CoreLogic ආයතනය නිකුත් කළ ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළ ආශ්‍රිත පසුගිය මාසයේ (සැප්තැම්බර්) දත්ත මේ බව හෙළි කරයි.

Australia Housing Market
澳洲人房产面积全球最大 Source: Getty Images

2020 සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල දර්ශකය 0.1% ක පහත වැටීමක් පෙන්වන බව CoreLogic ආයතනය පවසයි.

නමුත් සිඩ්නි හා මෙල්බර්න් හැර අනෙක් සෑම ප්‍රාන්තයකම ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස වෙළෙඳපොළේ නැග්මක් පසුගිය සැප්තැම්බර් මාසයේදී පෙන්නුම් කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


සිඩ්නි හා මෙල්බර්න් යනු ඔස්ට්‍රේලියානු ජාතික නිවාස වෙළෙඳපොළේ ඇති ප්‍රධානතම වෙළෙඳ පොළ දෙකකි.

මෙම නිවාස වෙළෙඳපොළ ද්විත්වයට සිදුවන බලපෑම සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල දර්ශකයට ඉතා තදින් බලපායි.

කෙසේවෙතත්, අතිශය අඩු පොලී අනුපාත සහ පාරිභෝගික අභිප්‍රායන් වැඩිදියුණු කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් යළිත් ඉහළ යන බවක් පෙනෙන්නට ඇති බව CoreLogic ආයතනය පවසයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල නිවාස සඳහා ඇති ඉල්ලුමේ ද වර්ධනයක් ඇති බවත් පෙනී යයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අලෙවියට ඇති නිවාස වලත් කුලියට දීමට ඇති නිවාස වලත් මිල ගණන් සාපේක්ෂව ඉහළ ගිය ආකාරයක් ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Australia Housing Market
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නිවාස වෙළෙඳපොළ වල නැග්ම සහ බැස්ම

CoreLogic ආයතනයේ පසුගිය සැප්තැම්බර් මාසයට අනුව ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තයේ හා ටෙරිටරියේ ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳපොළ වල නැග්ම සහ බැස්ම පහත අයුරින් වාර්තා වේ.

  • මෙල්බර්න් - 0.9% ක බැස්මක්
  • සිඩ්නි - 0.3% ක බැස්මක්
  • ඩාර්වින් - 1.6% ක නැග්මක්
  • ඇඩිලේඩ් - 0.8% ක නැග්මක්
  • බ්‍රිස්බේන් - 0.5% ක නැග්මක්
  • කැන්බරා - 0.4% ක නැග්මක්
  • හෝබාර්ට් - 0.4% ක නැග්මක්
  • පර්ත් - 0.2% ක නැග්මක්
how to where a mask
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now