කොරෝනා නීති උල්ලංඝනය කර කොරෝනා වයිරසය වැළඳුනු පුද්ගලයින් ට විශාල දඩ මුදලක් පැනවුවහොත් ඔවුන් තමාට කොරෝනා වයිරසය වැළඳුනු ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළි නොකරන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා නීති උල්ලංඝනය කර වයිරසය ආසාදනය වූ පුද්ගලයින් තමන්ට විශාල දඩ මුදලකට යටත් වීමට සිදුවේ යයි බියෙන් සත්‍ය තොරතුරු වසන් කරන බවට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා පැහැදිලි කළේය.

කොරෝනා නීති උල්ලංඝනය කළහොත් ලැබෙන දඩ
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට මෙතෙක් රාත්‍රී කාලයේ පැනවූ ඇඳිරි නීතිය ඊයේ (28/09) සිට ඉවත් කර තිබේ.
නමුත් රාත්‍රී කාලයේදී හෝ දිවා කාලයේදී නීති විරෝධී ලෙස එළිමහනේ හෝ නිවෙස් වල හමුවීම් හෝ ජනයා ඒකරාශී වීම් සිදු කළහොත් $4,957 ක දඩයකට යටත් වීමට අදාළ පුද්ගලයින්ට සිදුවේ.
මීට පෙර එම දඩ මුදල $1,652 ක් විය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් පහත හෙළීමේ අරමුණින් මෙම පියවර ගත් බව ප්‍රාන්ත රජය පවසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් එම දඩ මුදල කොරෝනා ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා යාම සඳහා අවශ්‍ය අවංක තොරතුරු ලබා දීමට බාධාවක් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
අදාළ ආසාදිතයින් ගෙන් තමන් ආ ගිය ස්ථාන හා මුණගැසුණු පුද්ගලයින් පිළිබඳ අසන ප්‍රශ්න කිරීම් වලදී සාදවලට හෝ වෙනත් රැස්වීම්වලට සහභාගී වූ බව පිළිගත් අයට එම දඩය ලබා නොදෙන බව ඔහු පැහැදිලි කළේය.
"මෙය වැරදි දෙයක් කියා මම දන්නවා, වැරදි දේ කරන අයට දඩ නියම වුවහොත් අපි හැමෝටම හොඳක් වේවි. නමුත් විශාල දඩයකට මුහුණ දෙන නිසා ඔවුන් නිවැරදි තොරතුරු සෞඛ්‍ය බලධාරීන්ට ලබා දෙන්නේ නැහැ." යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩි දුරටත් පැවසීය.

කොරෝනා නීති කඩ කිරීම්
පසුගිය සති අන්තයේ කෙටි කාලීන කුලී නිවාස කිහිපයක පැවැත්වූ කුඩා සාද 10 ක් වික්ටෝරියානු පොලීසිය විසින් වැටලූ බව වික්ටෝරියානු පොලීසියේ ප්‍රධාන පොලිස් කොමසාරිස් Shane Patton පැවසීය.
එක් සාදයක වැඩිහිටියන් කිහිප දෙනෙකු විසින් jumping castle එකක් නිර්මාණය කර විනෝද වී ඇති බව හෙළි විය.
ඊට අමතරව කොරෝනා නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් හතලිස් දෙනෙකු පොලීසියට හසුවී ඇති අතර 15 කට දඩ නිකුත් කර තිබේ.
නව නීති යටතේ එම දඩ වල සම්පූර්ණ වටිනාකම $75,000 පමණ වේ.
විශාල පිරිසක් ඒකරාශී වීම දැනට ඇති තත්ත්වය යටතේ කොරෝනා වයිරසය පැතිරීමට පහසුකම් සැපයීමේ වැඩි අවස්ථාවක් සලසන බව වික්ටෝරියානු පොලීසියේ ප්‍රධාන පොලිස් කොමසාරිස් Shane Patton පැවසීය.


