ඔස්ට්‍රේලියාවේ 485 වීසා ඛාණ්ඩයට හෙවත් TR එකට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිදුකළ නවතම සංශෝධන මෙන්න (SBS සිංහල/ වාර්තා)

Australian Visa

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ වලින් ජනප්‍රියතම හා ප්‍රධානතම වීසා ඛාණ්ඩයක් වන Subclass 485 හෙවත් Temporary Graduate වීසා ඛාණ්ඩය සඳහා සංශෝධන කිහිපයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව මෙම Temporary Graduate වීසා ඛාණ්ඩය සඳහා අයදුම් කළ හැකිය.
Temp visa holder
Source: Getty Images/Stellalevi

485 වීසා සඳහා සිදුකර ඇති සංශෝධන

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභීන්ට මහත් අවාසියක් වූ බවට තාවකාලික වීසා ලාභීන් සෑම අයෙකුම පාහේ මැසිවිලි නගන්නට විය.

ඒ අතරින් Temporary Graduate වීසා සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරමින් සිටින උදවිය සහ Temporary Graduate වීසා ඛාණ්ඩයේ සිටින උදවිය ප්‍රධාන වේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

විශේෂයෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තාවකාලික වීසා ලාභීන් වෙත වසා දමා ඇති බැවින් ඔවුන් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට තවමත් අවස්ථාව නොලැබී තිබේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන Subclass 485 හෙවත් Temporary Graduate වීසා ඛාණ්ඩය සඳහා සංශෝධන කිහිපයක් ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇත.
එම සංශෝධන පහත පරිදී වේ.

  • Subclass 485 වීසා සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් කිරීමටත් එම වීසා බලපත්‍රය ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින විට ලබා දීමටත් අදාළ සහන කාලයේදී (concession period) අවසර ලැබේ.
  • 485 වීසා සඳහා අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර මාස හයක් ඇතුළත ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගත යුතුව තිබූ සාමාන්‍ය අවශ්‍යතාව නොසලකා අදාළ සහන කාලය තුළ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට 485 වීසා සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ඉඩ ලැබේ.
  • COVID-19 සංචාරක සීමාවන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකි අයදුම්කරුවන් සඳහා ඔස්ට්‍රේලියානු අධ්‍යයන අවශ්‍යතා සපුරාලීමේ කාලය මාස හයේ සිට මාස 12 දක්වා දීර්ග කර ඇත.
ඉහත සඳහන් කළ සහන කාලය 2020 පෙබරවාරි 01 වන දින ආරම්භ වන අතර ආගමන කටයුතු විෂයය බාර අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන අනාගත දිනයකින් අවසන් වන බවද වාර්තා වේ.
Australian visas
Source: SBS

485 වීසා ඛාණ්ඩය

485 වීසා ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රයකි.

ඔස්ට්‍රේලියාවේ වසර දෙකක අධ්‍යන කාලයක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය හැදෑරු වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට මෙම වීසා ඛාණ්ඩය සඳහා අයදුම් කළ හැකිය.

මෙය පහත සඳහන් අයුරින් ප්‍රධාන ධාරාවන් දෙකක් ඔස්සේ බෙදී යයි.

  1. Graduate Work stream වීසා
  2. Post-Study Work stream වීසා
Graduate Work stream වීසා බලපත්‍රයට වසර එකහමාරක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අවසර ලැබෙන අතර Post-Study Work stream වීසා සඳහා වසර දෙකක කාලයක් ලැබේ.

මෙම වීසා ඛාණ්ඩය හිමි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන අධ්‍යාපනය ලැබිය හැකි අතරම පූර්ණ කාලීන රැකියා කිරීමටද අවසර හිමිවේ.

එමෙන්ම මෙම වීසා ලාභීන්ට තම සහකරු, සහකාරිය, දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් තම වීසා බලපත්‍රයට ඇතුළු කර ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත හැකිය.
485 වීසා සඳහා වීසා ගාස්තුව ලෙස මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,650 ක් ගෙවිය යුතුය.

මෙම වීසා ඛාණ්ඩය සඳහා අයදුම් කිරීමට නම් ඔබ ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටිය යුතු නමුත් ඉහත සඳහන් කළ සංශෝධන නිසා අදාළ සහන කාලයේදී විදෙස් රටක සිට වුවද මේ සඳහා දැන් අයදුම් කිරීමට හැකිය.

485 වීසා ඛාණ්ඩය පිළිබඳ වැඩි විස්තර මෙතනින්.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service