ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා උප ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම පසුගිය අගෝස්තු 19 වන දින සිදු කර තිබේ.

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන්
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් දෙකක් දක්වා ඇත.
- 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
- 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
සෑම මසකම මෙම වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වෙනස් විය හැකි බවත් ඊට පහත සඳහන් ප්‍රධාන හේතු බලපෑ හැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
- ඒ ඒ වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සංඛ්‍යාව
- වසරේ උච්ඡතම සහ උච්ඡතම නොවන කාල සීමාව (seasonal peaks)
- සංකීර්ණ අයදුම්පත්
- අසම්පූර්ණ අයදුම්පත්
එම හේතු වලට අමතරව කොරෝනා වසංගතය නිසා ද ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමට සාමාන්‍ය කාලයට වඩා දීර්ග කාලයක් ගත විය හැකි බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය නිවේදනය කර ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය 2020 අගෝස්තු 19 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.

සංචාරක වීසා

ඔස්ට්‍රේලියාවට කොරෝනා වසංගතය බරපතල ලෙස බලපෑම ආරම්භ වූ මාර්තු මාසයට පෙර Tourist ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 21 ත් දින 34 ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 3ත් 4ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
එමෙන්ම මාර්තු මාසයට පෙර Sponsored Family ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 54 ත් දින 64 ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 4ත් 5ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
රැකියා සහ නිපුණතා වීසා

මාර්තු මාසයට පෙර 186 - Employer Nomination Scheme වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 83 ත් මාස 6ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 6ත් 8ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
එමෙන්ම මාර්තු මාසයට පෙර 491 - Skilled Work Regional (provisional) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 38 ත් දින 41ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය දින 63ත් මාස 3ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
කෙසේනමුත් 485 - Temporary Graduate (subclass 485) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත.
මේ අතර 189 - Skilled Independent (subclass 189) හා 190 - Skilled Nominated (subclass 190) වීසා ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය මාර්තු මාසයට පෙර තිබූ කාලයට වඩා කෙටි වී තිබේ.
මාර්තු මාසයට පෙර 189 - Skilled Independent (subclass 189) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 11 ත් මාස 13 ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 3ත් 15ත් අතර කාලයක් වී තිබේ.
එමෙන්ම මාර්තු මාසයට පෙර 190 - Skilled Nominated (subclass 190) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 8 ත් මාස 11 ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 5ත් 8ත් අතර කාලයක් වී තිබේ.

ශිෂ්‍ය වීසා

මාර්තු මාසයට පෙර Higher Education Sector Student visa (subclass 500) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට දින 28 ත් දින 48ත් අතර කාලයක් ගතවූ නමුත් මෙවර එය මාස 4 ක කාලයක් දක්වා දීර්ග වී තිබේ.
පවුල් සහ සහකාර වීසා


ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය


