කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ඔස්ට්‍රේලියානුවන් හට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙන ඇතැම් සුබ සාධන දීමනා ලබාගැනීමට නොහැකිවනු ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt මේ බව පවසා තිබේ.

කොරෝනා එන්නත
කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය සාර්ථක වුවහොත් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට එය නොමිලයේ ලබා දෙන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison බදාදා (19/08) පැවසුවේය.
කොරෝනා එන්නත සියලු ඔස්ට්‍රේලියානුවන් අනිවාර්යෙන් ලබාගත යුතු බවට අගමැති මොරිසන් මුලදී ප්‍රකාශ කළ නමුදු පසුව එම අනිවාර්ය යන්න ඉවත් කරගෙන ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කොරෝනා එන්නතක් ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් අවිනිශ්චිත තත්ත්වයක පසුවන අතරේ Oxford විශ්ව විද්‍යාලය විසින් නිපදවමින් සිටින එන්නත ලබාගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට සූදානමින් සිටී.

කොරෝනා එන්නත හා සුබ සාධන දීමනා
කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ඔස්ට්‍රේලියානුවන් හට මධ්‍යම රජයෙන් ලබාදෙන ඇතැම් සුබ සාධන දීමනා ලබාගැනීමට නොහැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කර ඇත.
ඒ අනුව කොරෝනා එන්නත ජනතාවට ලබා දීමට අවස්ථාව උදාවූ පසු "no jab, no pay" හෙවත් එන්නත ලබා නොගතහොත් දීමනා ලබා නොදෙන යන නීති රෙගුලාසි ගෙනඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
"මෙම කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය නොවන නමුත් එය ලබාගැනීමට ජනතාව පුළුල් ලෙස උනන්දු කරනවා." යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළේය.
කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාවේ ජනතාවගෙන් 95% ක් පමණ ලබාගනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට ඇස්තමේන්තු ගත කර තිබේ.
විවිධ සෞඛ්‍ය හේතු මත එන්නත ලබා ගැනීමට හැකියාවක් නොමැති පුද්ගලයින් සෙසු 5% ට අයිති වන බවද මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියාව යනු ඉහළම එන්නත් ලබා ගැනීමේ ජනතා අනුපාතයක් ඇති ලොවප්‍රමුඛතම රටක් බවත් කොරෝනා එන්නත හමුවේද එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළේය.

No jab, No pay ප්‍රතිපත්තිය
වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන No jab, No pay ප්‍රතිපත්තිය 2015 වසරේ ඉදිරිපත් කරන ලද්දකි.
අනෙකුත් රෝග සඳහා ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ අනුපාතය ඉහළ නැංවීම මෙහි අරමුණ වී තිබේ.
No jab, No pay ප්‍රතිපත්තිය යටතේ Family Tax Benefit A දීමනාව සහ Childcare Subsidy හෙවත් Childcare දීමනාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමට තම දරුවන්ට නියමිත එන්නත් ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය ඉහළ දැමිය යුතු වේ.
ඒ අනුව කොරෝනා එන්නත සඳහාද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළේය.
කෙසේනමුත්, බහුතරයක් ඔස්ට්‍රේලියානුවන් මෙම එන්නත ලබාගැනීමට ඉදිරිපත් වේ යයි විශාල විශ්වාසයක් මධ්‍යම රජයට පවතින බවද ඔහු පැවසීය.

